ගගනගාමීන් දෙදෙනෙකු රැගත් කෲ - ඩ්‍රැගන් අභ්‍යාවකාශ යානය ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවෙන් නික්මීමට නියමිතව ඇත්තේ ඇමරිකානු වේලාවෙන් හෙට සන්ධ්‍යාවේ, එනම් ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා අලුයම් කාලයේදියි.
එමගින් අන්තර් ජාතික ගගන මධ්‍යස්ථානය වෙත ගමන් කිරීමට සූදානම්ව සිටින්නේ ප්‍රවීන ඇමරිකානු ගගනගාමීන් දෙදෙනෙක්.
වසර 9කට පසු ගගනගාමීන් රැගත් ඇමරිකානු අභ්‍යාවකාශ යානයක් මෙලෙස උඩු ගුවනට පිවිසෙන්නේ ප්‍රථම වතාවටයි.
1998 වසරේ ස්ථාපිත කෙරුණු අන්තර් ජාතික ගගන මධ්‍යස්ථානය වෙත ඇමරිකානු සහ රුසියානු අභ්‍යාවකාශ යානා මාදිලි දෙකක් පමණක් සම්බන්ධ වූ අතර ඇමරිකානු ස්පේස් - ෂටල් වැඩසටහන 2011 වසරේ විශ්‍රාම ගන්වනු ලැබුවා.
ඉන් පසුව නාසා ආයතනය ඇමරිකාවේ මීළඟ අභ්‍යාකාශ යානය නිපදවීම සඳහා බෝයිං සමාගම සහ එවකට 30 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික එලොන් මස්ක්ගේ ස්පේස් - එක්ස් ආයතනයට කොන්ත්‍රාත් ලබාදුන්නා.
මෙම අභ්‍යාවකාශ චාරිකාව සාර්ථක වුවහොත් එය ඇමරිකාවේ මීළඟ අභ්‍යාවකාශ යානය බවට පත්වනු ඇති.
කෙසේ නමුත්, කාලගුණයෙන් බාධාවක් ඇති වුවහොත් කෲ - ඩ්‍රැගන් අභ්‍යාවකාශ යානය උඩු ගුවනට යැවීම ලබන 30 වන දා තෙක් කල් දමනු ඇතැයි අපේක්ෂිතයි.
මේ අතර... ඇමරිකාවේ කොරෝනා මරණ ගණන ද ලක්ෂයේ සීමාවට ඉතා ආසන්නව ඇති අතර එවන් තත්ත්වයක් තුළ ට්‍රම්ප් රට සාමාන්‍ය තත්ත්වයකට පත්ව ඇති බවට හුවා දැක්වීම බොහෝ පිරිසකගේ විරෝධයට හේතු වී තිබෙනවා.
මින් පෙරද ඇමරිකාව විසින් උතුරු කොරියානු නායකයා ගැන ඔත්තු බැලීමට ඔත්තු යානාවක් පිටත් කර තිබුණු අතර ඒ පිළිබඳව ද බොහෝ පිරිසක් ඇමරිකාවට චෝදනා එල්ල කළේ, "අනුන් ගැන සොයන්නට තිබෙන උවමනාව තමන් ගැන සොයන්නට ඔවුන්ට නැති බවක්" කියමිනුයි..