Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
26
"සර්.. මට තාම අවුරුදු විසි හතරයි. මම බැඳලත් නෑ තාම..." - සියදිවි හානිකරගත් අක්කාගේ මරණය ගැන සැක සිතී, අක්කාගේ අනියම් සැමියාව පරලොව යැවූ මනෝජ්, සියල්ල පාපොච්චාරණය කරයි

- "සර්.. මට තාම අවුරුදු විසි හතරයි. මම බැඳලත් නෑ තාම..." - සියදිවි හානිකරගත් අක්කාගේ මරණය ගැන සැක සිතී, අක්කාගේ අනියම් සැමියාව පරලොව යැවූ මනෝජ්, සියල්ල පාපොච්චාරණය කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,124 Views
"අනික මං කාටවත් අතක්වත් උස්සපු කෙනෙක් නෙවෙයි..."
 
"මට කවදාවත් මෙහෙම දෙයක් කරලත් නෑ. කරන්නෙත් නෑ.."
 
"තමුන් තමයි මේ මැරුණු කෙනාට කතා කරලා තියෙන්නේ..."
 
"සර් තත්ත්වේ බරපතලයි වගේ. මෙතන ලේ තියනවා. ඉක්මනින් එන්න.."
 
සුළු මොහොතකට පෙර අපරාධ ස්ථානයක් වෙත පිටත් කර යවනු ලැබූ ජංගම රථයේ සැරයන්වරයෙන් කාන්තන්කුඩි පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ දුරකථනයට ඇමතුමක් ලබා දී එලෙස කීවා.
 
එදා දිනය මැයි මස පහළොස් වැනි දා වූ අතර ඒ වන විට යාන්තම් රාත්‍රී අට පසුවූවා පමණයි.. අපරාධ ස්ථානයේ සිට ලැබුණූ ඇමතුමට අනුව එතැන බරපතල දෙයක් සිදුව ඇති සේයකි.

ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු කණ්ඩායමක් සමඟින් හැකි ඉක්මනින් අදාළ අපරාධ ස්ථානය වෙත යාමට ස්ථානාධිපතිවරයා කටයුතු කළා. එහෙත් ඒ වනවිටත් රෝහල වෙත පිටත් කර තිබූ තුවාලකරු මරු තුරුළට ගොස් සිටියා.
 
ඒ අතරතුර වහ වහා සිද්ධියට අදාළ සැකකරු සෙවීම සඳහා ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම ක්‍රියාත්මක වූ අතර එහිදී කරන ලද ප්‍රශ්න කිරීම්වලදී තම පුත්‍රයාට මනෝජ් නම් කෙනෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු බව මිය ගිය අයගේ මව හෙළි කළා.
 
ඒ අනුව මනෝජ් පිළිබඳ පොලිසියේ අවධානය යොමු වුණා. මේ මනෝජ් කවරෙක්ද? කිසිවෙකුටත් ඔහු පිළිබඳ නිනව්වක් වූයේ නැහැ.
 
ගම පීරා සෙවීමෙන් අනතුරුව ඔහුගේ ඥාතියෙකු සොයා ගන්නට හැකි වූ අතර, ඔහු විසින් ලබාදුන් තොරතුරුවලට අනුව, කාත්තන්කුඩියට කිලෝ මීටර හතළිහක් පමණ දුරින් වූ වෙල්ලාවලි පොලිස් බල ප්‍රදේශයට අයත් පෙදෙසකදී මනෝජ් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා.
 
වැඩිදුරටත් කෙරුණ පොලිස් පරීක්ෂණ හමුවේ මෙම සාහසික ඝාතනයෙහි නිදන් එකිනෙක එළි ගැන්වෙන්නේ එකකට එකක් නොගැළපුණු ගැටළු රාශියකට ඉතා පැහැදිලිව පිළිතුරු සපයමිනුයි...
 
මනෝජ් - "මං එහෙම දෙයක් කළේ නෑ සර්.. මට තාම අවුරුදු විසි හතරයි. මම බැඳලත් නෑ තාම. අනික මං කාටවත් අතක්වත් උස්සපු කෙනෙක් නෙවෙයි. මට කවදාවත් මෙහෙම දෙයක් කරලත් නෑ. කරන්නෙත් නෑ.."
 
ස්ථානාධිපති - "කොහොමද කියන්නේ නෑ කියලා. තමුන් තමයි මේ මැරුණු කෙනාට කතා කරලා තියෙන්නේ. අපි ෆෝන් ඔක්කොම චෙක් කළා..."
 
මේ හෙළිදරව්වෙන් මනෝජ්ගේ දෑස් උඩ යනු ස්ථානාධිපතිවරයාට නිරීක්ෂණය වුණා.
 
එහෙත් මොහු දිගින් දිගටම තම නිර්දෝශී බව ඔප්පු කිරීමට දැඩි උත්සහයක නියැලුණා.
 
මනෝජ් - "මං කවදාවත් එහෙම දෙයක් කරන්නේ නෑ සර්.. මම එදා නාවක්කුඩා අක්කගේ ගෙදර ගියා යාළුවෙක් එක්ක. ගිහින් අඩියක් ගැහුවා. එච්චරයි. එදා පොඩියට වැස්සක් තිබුණා. අපි ගෙයින් එළියට ගියේ නෑ.."
 
ස්ථානාධිපති - "එහෙනම් එතන තිබුණ ටයර් පාරවල් මොනවද?"
 
කලින් කියූ පරිදි මනෝජ් වෙල්ලාවලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුගේ අක්කා පදිංචිව සිටියේ කාන්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයට අයත නාවක්කුඩා ප්‍රදේශයේ යි. දෙදරු මවක් වූ ඇය මෙයට මසකට පෙර සිය දිවි හානිකරගෙන තිබුණා.
 
ඇගේ මරණයෙන් පසුව විදෙස්ගතව සිට මෙරටට පැමිණ සිටි ඇයගේ සැමියා, දරු දෙදෙනා සමඟ වෙල්ලාවලි පිහිටි ඇයගේ මවුපියන්ට අයත් මහගෙදර මනෝජ් හා ඔහුගේ මව සමඟ වාසයට ගොස් තිබෙනවා.
 
ඇගේ අවාසනාවන්ත මරණයෙන් පසු මනෝජ් විසින් මෙම මිය ගිය පුද්ගලයා ඇගේ මරණයට සැක සහිත බවට පොලිසියට පැමිණිල්ලක් ද කර තිබුණා. එහෙත් මරණ පරීක්ෂණයෙන් ඇය සිය දිවි නසාගෙන ඇති බවට ඔප්පු වීමෙන් පසුව එම පැමිණිල්ල ඉල්ලා අස් කරගැනීමට මනෝජ්ට සිදු වුණා.
 
ඝාතනය වූ වයස අවුරුදු තිහක තරුණයා, මනෝජ්ගේ අක්කා විසින් නිතර නිතර සිය ගමන් බිමන් සඳහා ගෙන්වා ගැනීමට පුරුදු වී සිටි විශ්වාසවන්තම ත්‍රීරෝද රථ රියදුරා වූවා. බොහෝ කාලයක් ඇය ඔහුගෙන් සේවය ලබාගෙන තිබුණා.
 
සැමියා ද කර දිය වළල්ලෙන් එපිට විසූ නිසා දිනපතා තමන්ගේත් දරුවන්ගේත් ගමන් බිමන් සඳහා සහාය වූත්, ආරක්ෂාව සපයන්නා වූත් මෙම පුද්ගලයා කෙරෙහි වෙන අයට වඩා ඇඟලුම්කමක් දැක්වීමට ඇය පුරුදුව සිටියා.
 
එහෙත් එය දුර දිග යන්නේ හුදු දැන හැඳුනුම් කමකට එපිටින් වූ අනියම් ඇසුරක් ලෙසිනුයි.
 
එය ඔවුන් විසින් ඉතා රහසිගතව පවත්වාගෙන ගිය ද දිනක් මෙම මරණයට පත් පුද්ගලයා ඇගේ නිවස වෙත යනු තවත් පිරිසක් දැකීම නිසා එය තවදුරටත් වසං කළ නොහැකි වූවා.
 
ඉන් ලැජ්ජාවටත් අවමානයටත් පත් වූ ඇය පසු දිනම නිවසේ සාලයේ වහලයේ එල්ලි සිය දිවි නසාගත්තා.
 
ඇගේ මරණය ගැන මනෝජ් විසින් මිය ගිය පුද්ගලයාව සැක කරන්නට ඇත්තේ ඒ නිසයි. කෙසේ වුවත් කලින් පොලිසියට කරන ලද පැමිණිල්ල ඉල්ලා අස් කරගත්ත ද මනෝජ් ඔහුව සැක කිරීම නවතා තිබුණේ ද නැහැ. ඇතැම්විට මෙදින ද ඔහු පැමිණෙන්නට ඇත්තේ සත්‍ය වශයෙන්ම සිදු වූ දෙය මිය ගිය පුද්ගලයාගෙන් සැක හැර දැනගන්නටයි. එහෙත් කර්මය කිසිවෙකුටත් වළකාලිය නොහැකියි.
 
සිද්ධිය වූ දින එනම් පසුගිය 15 වැනිදා සුපුරුදු පරිදි රැකියාවට ගොස් පැමිණි මරණකරු එන විට රැගෙන ආ ඉරිඟු කරල් කීපය අම්මා අතට දෙමින් අනෙක් පසින් නාද වූ දුරකථනයට පිළිතුරු දුන්නේ, "ආ කියන්න මනෝජ්.. හරි මම එන්නම්.." යැයි කියමිනුයි.
 
එලෙස පිළිතුරු දුන් මොහු රාත්‍රීය උදා වෙමින් තිබුණද නිවසින් එළියට බහින්නේ, "එළියට ගිහින් එන්නම්" කියමිනුයි.
 
නිවස අසල වූ රජයේ ඉඩම දෙසට ගිය පුත්‍රයා නැවත ඒමට පරක්කූ වූ හෙයින් නිවසේ සිටි අනෙක් පුත්‍රයාට මේ බව කී මව ඔහු ලවා පුතුට ඇමතුමක් ගත්තා.
 
එයට පිළිතුරු දුන් ඔහු කීවේ "ඉන්න මං ඉක්මනට එන්නම්" කියායි. ඉන් සුළු වෙලාවකට පසුව බයිසකලයක හඬක් අහන්නට ලැබුණා.
 
ඒ හඬත් සමඟ නිවසින් එළියට බැස ඉඩම දෙසට ගිය මල්ලි දුටුවේ බරපතල කැපුම් තුවාල ලබා සිටි සිය සොයුරාගේ සිරුරයි..
 
කණ සහ පිටුපසට ද හිස මැදට වන්නට ද දරුණු ලෙස එල්ල කර තිබූ කෙටේරී පහරවල්වලින් තුවාල ලැබූ පුද්ගලයා රෝහල වෙත ගෙන යන්නටත් පෙර මරු දැක තිබුණා.
 
සැකකරු මේ වන විට නීතියේ භාරයේ පසුවන අතර සිද්ධියට අදාළ පරීක්ෂණ තවමත් සිදු කෙරෙමින් පවතිනවා.
 
- සඳලි පෙරේරා
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top