Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
26
කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවසන් කටයුතු ඊයේ රාත්‍රියේදී - නව ආසාදිතයන් 41 දෙනා ගැන තොරතුරුත් එළියට එයි

- කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවසන් කටයුතු ඊයේ රාත්‍රියේදී - නව ආසාදිතයන් 41 දෙනා ගැන තොරතුරුත් එළියට එයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,076 Views
මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 1182 දක්වා ඉහළට...
 
පොකුරුවල රෝගීන් වාර්තා වීම පාලනය කිරීම ගැන කියූ දේ..
 
තවත් ආසාදිතයින් 41 දෙනෙකු ඊයේ (25) දිනයේදී වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1182 දක්වා ඉහළ ගියා.

අවසන් වරට වාර්තා වූ ආසාදිතයින් 41 දෙනාගෙන් 40 දෙනෙකුම කුවේටයේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන් හි නිරෝධායන වන පුද්ගලයින් වනවා.

අනෙක් පුද්ගලයා ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්ව සිටින අයෙක්.
 
මේ අතර, කොරෝනා ආසාදනය වී ඊයේ (25) ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන් කටයුතු ත්‍රිකුණාමලය - පොදු ආදාහනාගාරයේදී ජාත්‍යන්තර නිරෝධායන නීති රීතිවලට අනුව ඊයේ (25) රාත්‍රියේ සිදුකෙරුණා.
 
මෙම කාන්තාව කුවේටයේ සිට මෙරටට පැමිණ ත්‍රිකුණාමලය - මන්කි බිර්ජ් යුද හමුදා කඳවුරේ නිරෝධායනයට ලක්වෙමින් සිටි තැනැත්තියක්.
 
පයාගල ප්‍රදේශයේ පදිංචිකාරිණියක වන ඇය පසුගිය 20 වන දා කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි 466 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ සිටි අයෙක් වනවා.
 
කුවේට් සිට මෙරටට පැමිණි කණ්ඩායම තුළ කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට මේ වන විට සියලු පියවර ගෙන ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.
 
කෙසේ වෙතත්, විදෙස් රටවල සිට ගෙන්වන අයගේ පරීක්ෂණ කටයුතු සහ නිරෝධායන කටයුතු නිසි ලෙස සිදුකළහොත් එම පොකුරුවල රෝගීන් වාර්තා වීම පාලනය කළ හැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා ප්‍රකාශ කළේ.
 
මේ අතර, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජිව් සූරියආරච්චි කියා සිටියේ අද (26) උදෑසන 5.45ට දෝහා කටාරයේ සිට මගීන් 273කට ආසන්න පිරිසක් සමඟ පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානය තාවකාලිකව අවලංගු කිරීමට තීරණය කළ බවයි.
 
එහෙත්, එලෙස ගුවන් ගමන අත්හිටුවීම හේතුවෙන් අතරමං වන ගුවන් මගීන්ට නවාතැන් පහසුකම් සැලසීම සඳහා වහා කටයුතු කරන්නැයි විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ විසින් කටාරයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.
 
අතුරු පියවරක් ලෙස එම උපදෙස් ලබාදුන්නේ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ උපදෙස් මත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
 
කෙසේ නමුත්, බෙලරූස් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ලබන 28 වනදා පැමිණීමට නියමිත ගුවන් යානය මෙන්ම, 29 වන දා ඕස්ට්‍රේලියාවේ සිට පැමිණෙන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟාවනු ඇති.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top