"ඒක කම්පන සහගත සිදුවීමක්..."
"දරුවන් ලැබීම ජීවිතය විශාලතම ලෙස වෙනස් කරන මොහොතක්"
පීතෘත්වය ලැබීමෙන් පසු සිය මව නැතිවූ මොහොතේ දැනුනු වේදනාකාරී හැගීම් මතකයට නැඟුණු බව බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සදහන් කරනවා.
ඔහු මේ බව කියා සිටියේ බීබීසී ආයතනය මානසික සෞඛ්‍යය පිළිබඳ සිදු කළ වාර්තාමය වැඩසටහනකට එක් වෙමින්.
පිරිමින්ගේ මානසික සෞඛ්‍යය හා පාපන්දු ක්‍රීඩාව පිළිබඳව අවධානය යොමු කරන වැඩසටහන සඳහා හිටපු වෘත්තීය පාපන්දු ක්‍රීඩක මර්වින් සෝඩෙල් සමඟ විලියස් කුමරු මේ බව පැවසුවා.
සිය මව අහිමි වන විට විලියම් කුමරුට පසුවූයේ 15වැනි වියේ පසුවුණා.. වේල්ස් කුමරියනම් විරුදාවලිය ලත් ඩයනා කුමරිය 1997 දී පැරීසියේ සිදුවූ රිය අනතුරකින් මිය ගියා.
කේම්බ්‍රිජ් ආදිපාදවරයා, කියා සිටියේ පීතෘත්වය ලැබූ විටත් “මෙවැනි කම්පන සහගත” සිදුවීමක හැඟීම් යළිත් මතුවිය හැකි බවයි.
ඇතැම් වේලාවට එම වේදනාකාරී සිදුවීම් දරා ගැනීමට නොහැකි දුෂ්කරතා ඇති කරන බව ඔහු සිහිපත් කළා.
ජෝර්ජ් කුමරු, චාලට් කුමරිය සහ ලුවී කුමරුගේ පියා වන විලියම් කුමරු පැවසුවේ එම දුෂ්කර කාලවලදී තමා සහ බිරිඳ එකිනෙකාට සහයෝගය දක්වන බවයි. කේම්බ්‍රිජ් ආදිපාදවරයා තවදුරටත් පැවසුවේ “දරුවන් ලැබීම ජීවිතය විශාලතම ලෙස වෙනස් කරන මොහොතක්" බවයි.