මෙරට කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 695 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ, අද දිනයේදී තවත් පුද්ගලයින් 21 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලවලින් පිටත්ව යාමත් සමගයි.
එම පිරිස් අතර නාවික හමුදා සාමාජිකයින් 20 දෙනෙකු ද වනවා.
මේ දක්වා කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව 313 ක් වන බවයි එම හමුදාව සදහන් කළේ.
මෙරට තුළ කොරෝනා ආසාදිතයින් 1141 දෙනෙකු තහවුරු කරගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
එමෙන්ම තවත් කොරෝනා රෝගීන් 437 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවයි වසංගත රෝග විද්‍යංශය කියා සිටියේ.