Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
25
"ඒ පාර ඒ කෙනා රණ්ඩු වෙන්න ගත්තා එයා දේවාලෙක කපුවෙක් ගේ පුතෙක් කියලා.." - සංජීවනී වීරසිංහ

- "ඒ පාර ඒ කෙනා රණ්ඩු වෙන්න ගත්තා එයා දේවාලෙක කපුවෙක් ගේ පුතෙක් කියලා.." - සංජීවනී වීරසිංහHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,663 Views
"මෙයා කොහොමද නාමල් උඩුගම එක්ක ෆොටෝ ගත්තේ මමයි මෙයාව බඳින්නෙ කියලා බැන්නා.."

"අතේ පිහියකුත් තිබ්බා, අම්මා එයා එක්ක කතා කළා අන්තිමට.."

වෘත්තීය පැත්තෙන් ඉතිං මගේ කලා කටයුතු වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කරනවා. විශේෂයෙන්ම කියන්න ඕන, 1925 අපේ ආරම්භයේ ඉඳන් අද වෙනතුරු ඉතිහාසයේ කවදාවත් නොවුණු කර්තව්‍යක් අපි සිදු කළා. කාන්තා දිනය මුල් කරගෙන ගුවන් විදුලි සංස්ථාවේ ඉන්න කාර්ය මණ්ඩලයේ කාන්තාවන් වෙනුවෙන්, එයාලවයි ගායිකාවනුයි එකතු කරගෙන එයාලට අපි ගීතයක් කළා,

එයාල ගේ ආත්ම අභිමානය සහ පෞරුෂ වර්ධනය වෙනුවෙන් වගේම එයාලව අගය කරලා. ඒ වෙනුවෙන් වැඩමුළුවකුත් සූදානම් වුනා. මොකද ඔවුන් ලොකු මහන්සියක් දරලා වැඩකරන පිරිසක්.

රඟපෑමේ කටයුතු?
රඟපෑම උනත් මං එන එන නිර්මාණ භාර අරං කරන්නේ නෑ. තෝරා බේරා ගෙන තමයි කටයුතු කරන්නේ. ටෙලි නාට්‍ය පැත්තෙන් නං එක දිගටම ටිකක් ඒකාකාරී චරිතම ආවා. සල්ලි තියෙන ඉහල පැලැන්තියේ ඉංග්‍රීසි කතා කරන චරිත එකක් කළාම දිගටම ඒ වගේ චරිතම ලැබෙනවා. ඇත්තටම මං ගායනයටත් වඩා ආසයි රඟපාන්න. හොඳ ප්‍රතිචාරත්ලැබෙනවා. නමුත් ඒකාකාරී දේවල් කරනකොට අපිත් වෙහෙසට පත් වෙනවනේ. ඔය අතරේ සමහර වෙලාවට හැමදේම කතාකරලා රූගත කිරීම ඔන්න මෙන්න තියෙද්දී ආරංචි වෙනවා, ඒ චරිතය වෙන කෙනෙක් කරනවා කියලා. එහෙම ඒවත් තියෙනවා ඉතිං.

පලවෙනි ප්‍රසංගය ගැන මතකය?
පලවෙනි ප්‍රසංගය ”සංජීවනී සංගීත සරණිය” කියලා මගේ මවගේ ගීත ප්‍රධාන කොට කළ ප්‍රසංගයක්. එතකොට මම පාසලෙන් ඉවත්වුණු ගමන්ම වගේ. ජනාධිපති අරමුදලට ඒ ප්‍රසංගයෙන් අපි මුදල් පරිත්‍යාග කළා. ළමයින්ගේ ශිෂ්‍යත්ව සඳහා වගේම ඒ කාලේ යුද්ධයත් තිබුන නිසා ඒ දේවල් වෙනුවෙන් ඒ මුදල් පරිත්‍යාග කළා. ප්‍රසංගය තිබුනේ ටවර් හෝල් එකේ. ගේ‍්‍රෂන් ආනන්දයන් මට ගීතයක් නිර්මාණය කරලා දුන්නා ඔහුගේ බිරිඳ ශ්‍රීමා ආනන්ද රචනා කල පද රචනයකට. අපගේ සොඳුරු නිවසේ කියන අම්මගෙයි මගෙයි යුග ගීයක්. හරිම ලස්සන ගීතයක්. පහුකාලීනවා මමයි දුවයි ඒ ගීතය නැවත ගායනා කළා. හින්දි ගීත සහ පිං සිදු වන්නේ, අත මිට කාසි පනම් වැනි අම්මගේ ජනප්‍රිය ගීත රාශියක් එදා මං ගායනා කළා. ඒ ඇරුණුකොට මට ආරාධනා ලැබිලා මුලින්ම ප්‍රසංගයකට සහභාගී වුනේ බොරැල්ලේ තිබුන ප්‍රසංගයකට. ඇත්තටම ප්‍රසංගයකට අදින්න සුදුසු ඇඳුමකුත් තිබුනේ නෑ ඒ කාලේ. මොකද පාසැල් අවධියනේ. අක්කා වැඩට යනවා එතකොට. මං එදා ඇන්දේ අක්කගේ රතුයි කලූයි ඉරි තියෙන සායකුයි බ්ලවුස් එකකුයි. කොන්ඬේ උඩට බැන්දා ටිකක් ලොකු ළමයෙක් වගේ පේන්න.

එදා දවස?
එදා අමතක නොවන සිද්ධියකුත් වුණා එදා. මට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා ඒ ප්‍රසංගයේදී. වේදිකාවෙන් බහිනකොට ලොකු සෙනගක් මගේ වටේ එකතුවුණා. තාත්තිත් හිටියා මගෙත් එක්ක. කොහොමත් මං විවාහ වෙනකලූත් ඉන් පස්සෙත් තාත්ති නැතිවෙනකන්ම එයා මගෙත් එක්ක ප්‍රසංග වලට ආවා. එදා ඉතිං කෙනෙක් ඇවිල්ලා මට දාහේ කොලයක් දුන්නා ඒකෙ අත්සන් කරලා දෙන්න කියලා. තාත්ති ඒකට විරුද්ධ වුනා සල්ලිවල අත්සන් කරන්න එපා ඒක හොඳ නෑ කියලා. ඒ පාර ඒ කෙනා රණ්ඩු වෙන්න ගත්තා එයා දේවාලෙක කපුවෙක් ගේ පුතෙක් කියලා අත්සන් කරලම දෙන්න කියලා. පස්සේ මිල්ටන් මල්ලවාරච්චි අංකල් තමයි එතෙන්ට ඇවිල්ලා මාව එක්කං ගිහිං එයාගේ කාරෙකට දාලා ලොක් කරලා ප්‍රශ්නේ විසඳුවේ. මිල්ටන් අංකල් අපේ පවුලේ හිතවතෙක්, තත්තිගේත් ළඟ යාලූවෙක්. අංකල් එදා තාත්තිටත් කියනවා මට ඇහුනා මේ කෙල්ලව ප්‍රසංග වලට ගේන්න එපා අයියා එක එක ජාතියේ මිනිස්සු එනවනේ මේවට කියලා. එදා ඒ ප්‍රසංගයේදී මට ලොකු මුදලක් නෙමෙයි රුපියල් පන්දාහක් විතර එයාලා ගෙව්වා මතක විදිහට.

මොනවද කළේ ඒ උපයපු මුදලින්?
මට ඒ කාලේ ගොඩක්ම වියදම් වුනේ ඇඳුම් වලට. මට මතකයි අම්මිත් එක්ක ෂොප් කරලා අම්මිටත් මං මොනවා හරි අරං දුන්නා. ඒක ඉතිං විනාඩි ගානෙන් ඉවරයි. මං ඉස්සර හරියට ඇඳුම් වලට ආසයි. පස්සේ පස්සේ අම්මා පුරුද්දක් කරගත්තා වෘත්තීමය වශයෙන් ගයනා කරන්න ගත්තට පස්සේ ඒ හම්බෙන සල්ලි වලින් රත්තරං බඩු අරං දෙන්න. නැතනම් මං වියදම් කරගන්නවනේ ඇඳුම් වලට. විවාහ වෙන දවස වෙද්දී ඕන රත්තරං බඩු ඔක්කොම මගේ ළඟ තිබුනා අම්ම ඒ කරපු දේ නිසා.

90 දී ලැබුණු ප්‍රතිචාර?
ලියුම් එන්නේ ගෝනි. උදේට මහා ලියුම් කන්දරාවක්. මං පෙළක් වෙලාවට ලියුම් ගොඩ ඇඳ උඩ වපුරලා ඒක උඩ හාන්සි වෙලා ෆොටෝ අරගෙනත් තියෙනවා. හැම එකක්ම බලනවා. විශේෂයි කියලා හිතෙන ලියුම් ඒ කියන්නේ ෆොටෝ අලවලා මහන්සි වෙලා එවලා තියෙන ලියුම් වලට අනිවාර්යයෙන් උත්තර ලියනවා. දැන් එස්.එම්.එස්. එහෙම එවනවට වැඩිය හරි විශේෂයක් ඒ ලියුම් වලින් හිතට දැනෙනවා. වෙලාවක් අරං මහන්සිවෙලා කරන දෙයක්නේ. දැන් ඉතිං ඒ මුකුත් නෑනේ. ඒ දවස්වල පොලිසිත් යන්න වෙලා තියෙනවා ලැබුණු ප්‍රතිචාර වලට පිං සිද්ධ වෙන්න.

ඇයි ඒ?
ඒ දවස්වල නාමල් උඩුගමගෙයි මගෙයි කවරයක් කළා තිරතරු පත්තරේ. මං කාත් එක්කවත් ඒ වෙනකං කපල් ෆොටෝ එකක් දාලා තිබ්බේ නෑ ඒ වෙද්දී. ඒකත් කළේ නාමලූයි මමයි ඒ දවස්වල සහභාගි වුණු රෝඞ් ෂෝ එකක් නිසා. මං හිතන්නේ නෑ ඒ අවස්ථාව ලංකාවේ අපි දෙන්නා ඇරෙන්න වෙන කිසිම ගායකයකුට ගායිකාවකට ලැබුණා කියලා. එතරම් මුදලක් වියදම් කරලා කරපු ප්‍රසංගයක් මං අදටත් දැකලා නෑ ලංකාවේ. මාසයක් පුරාවට හැම ?කම මුළු ලංකාව පුරාම, සියලූම පහසුකම් සහිතව කළ ප්‍රසංග මාලාවක් ඒක. ප්‍රංශ ජාතිකයෙක් කළේ. තිලක් හපුගොඩ තමයි සම්බන්ධීකරණ කළේ. එයා ලංකාවට ආවම පොඩි සමීක්ෂණයක් කලාලූ පාරේ මගතොට හමුවෙන අයගෙන් කැමතිම ගායකයා ගායිකාව අහලා, ඉතිං එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ප්‍රසංගයට අපි දෙන්නව තෝරා ගත්ත කියන්නේ. ඒ කාලේ අනුව ලොකු මුදලකුත් ගෙව්වා. බෑන්ඞ් එක සන්ෂයින්. අපි හරිම මිතුරුයි අදටත් ඒ යාලූකම් අදටත් තියෙනවා. ඉතිං ඔය පත්තරේ ගිය ෆොටෝ එක නිසා තමයි මේ ප්‍රශ්නේ ඇතිවුනේ. එක දවසක් අපේ ගෙදර තාප්පය දිගේ මනුස්සයෙක් එනවා. තාප්පේ ගහලා තිබුණු වීදුරු කටු වලට කකුලූත් කැපිලා ලේත් එනවා. අතේ පිහියකුත් තියෙනවා. මං හොරෙක් කියලා හිතලා කැ ගැහුවා. අම්මා ඒ පාර හොඳින් කතා කළා ගේ ඇතුලේ ඉඳන් දොර වහගෙන.

අක්කා පොලිසියටත් කෝල් කළා. ඒ පාර ඒ මනුස්සයා මට බනින්න ගත්තා. මෙයා කොහොමද නාමල් උඩුගම එක්ක ෆොටෝ ගත්තේ මමයි මෙයාව බඳින්නෙ කියලා, පිස්සුවෙන් වගේ බනිනවා. අක්කා හැමෝටම කෝල් කරලා තාත්තියි අයියලයි හැමෝම ගෙන්න ගත්තා. ඉවරයක් නැති තැන අයියලා ගහලා අරං ගියා. එතකොටම පොලිසියෙන් ආවා. ඊට පස්සේ පොලිසියට අරං ගියා. පස්සේ පොලිසියෙන් තත්තිට කියලා තිබුනා මානසික තත්ත්වයක ඉන්න ළමයෙක් ඔහු කියලා. එවැනි සිද්ධි හිසේ කෙස් ගානට.

එතකොට කවුද අර හැමදාම ගේට්ටුව ළඟ හිටියේ?
ආ.. ඒ වෙන කතාවක්. මං කීයට ෂෝ එකකට ගිහිං ආවත් ඒ මනුස්සයා ගේට්ටුව ළඟ. මං ඉන්නේ කොහෙද මේ මනුස්සයා එතන. තාත්ති දවසක් ගහන්න ගියා මොකද මේ පස්සෙන් එන්නේ කියලා. පස්සේ බලපුවම මට නූලක් පන්නන්න ඇවිල්ල යන යන තැනට. මාව ෆලෝ කරලා තියෙන්නේ නූල පන්නව ගන්න.

කවුද අර මේස පුටු අරං ගෙදරට ආව කට්ටිය?
සමහර කැසට් කරපු ආයතන මට ගෙවපු මුදලට අමතරව පසුව ගෙදරට තෑගිත් එව්වා. හිටපු ගමන් ලොරි වලින් බඩු එනවා පුටු සෙට් ෆ‍්‍රිජ් වගේ දේවල්. බලපුවම කැසට් එක හොඳට අලෙවි උනාට වැඩිපුර දේවල් එවලා නිෂ්පාදකයින්, තෑගි වශයෙන්.

දැන් ඔබේ ගීත එකතුව?
ස්වතන්ත්‍ර නිර්මාණ තිහක් වගේ ඇති. චිත්‍රපට නං පනහකට වඩා මං ගීත ගායනා ගායනා කළා.

ලංකාවයි ඇමරිකාවයි අතර ගෙවෙන ඔබේ ජීවිතය?
පැය 22 ක ගමනක් ඒක. හරි වෙහෙසකරයි. කොච්චර උනත් එහෙ යන්න එපැයි. මගේ දරු දෙන්නා එහෙ. මගේ අම්මා එහෙ, අයියලා අක්කලා සේරමත් එහෙ. 2018 අපි එහෙ පදිංචි වෙලා හිටියා ටික කලක්. අපි එකටම හිටිය පවුලක්නේ. හරි අමාරුයි මෙහෙම ඉන්න ඉතිං.මාස කිහිපයකට උඩදී මං ගිහිං ආවා. මොකද අම්මා අසනීපෙන් හිටපු නිසා. ඒ රටේ හැමදේම හරිම සුඛෝපභෝගීව, පිළිවෙලට තිබ්බත් අපේ මිනිස්සු නෑනේ ඒ රටේ. ඒක ලොකු අඩුවක් වෙලා දැනෙනවා හිතට. ඒ රටේ හැම කෙනෙකුටම හොඳින් සලකනවා. හොඳ දේ කියන්නත් එපැයි. අපේ රටේ කස්ටමර් කෙයාර් නං බිංදුවයි. අහසට පොලොව වගේ දැනෙනවා ඒක. අපිට සලකනවා අපි කලාකාරයෝ නිසා. නමුත් මනුස්සයකුට ගෞරවය දෙනවා හරිම අඩුයි ලංකාවේ. කුණු කසල පාර පුරා දාන පාර පුරා කෙල ගහන මිනිස්සුම පිටරටක ගියාම හොඳට ඉන්නවා. මන්දා ඇයි අපිට අපේ රටේදී ඒ ටික කරන්න බැරි කියලා. මං සියලූ දේ කරන්නේ මගේ දරුවෝ දෙන්නා වෙනුවෙන්. ඒ දෙන්නට හොඳට උගන්න ගන්න මට අවශ්‍යයි. මොකද ඒ දෙන්නා ඉතාම යහපත් දරුවෝ දෙන්නෙක්. හොඳට ඉගෙනගන්න ළමයි දෙන්නෙක්. සල්ලි ජීවිතය හරි අවිනිශ්චිතයි. හරි පොඩි ජීවිත කාලයක් ඇතුලේ මිනිස්සු කරගන්න කුහක නපුරු දුෂ්ට කෙනෙහිලිකම් හිතාගන්න බෑ ඇයි මිනිස්සු තේරුම් ගන්නේ නැත්තේ කියලා. ඉතිං මට හිතෙන්නේ දරුවන්ට දෙන්න තියෙන හොඳම ධානය හොඳට උගන්න ගන්න එක කියල. අපි දෙන්නගෙම බලාපොරොත්තුව ඒක. අනිත් අතට මං අවුරුදු ගානක් තිස්සේ දේශන කරන කෙනෙක් පෞරුෂ වර්ධනය පවුල් ජීවිත ගැන.

බොහෝ තැන්වලට මං ඒක කරන්නේ සමාජ සේවයක් විදිහට. ආයතන වලට කරන කොට මුදලක් අය කරනවා. ලැබෙන ගායන රංගන නිවේදන කටයුතු ඉස්සර වගේම කරගෙන යනවා. මහත්තයා ගේ වැඩවලටත් උදව් කරමින් කටයුතු කරනවා. කලාව ව්‍යාපාර පවුල් ජීවිතය සමාජ සේවය මේ දේවල් ඔක්කොම එක්ක ජීවිතය ගලාගෙන යනවා.

යුගන්ති යශෝධරා
දිවයින
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top