එම වෛද්‍යවරුන්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, පිරිමින් මෙන් දෙගුණයක් වන කාන්තාවන්ට කොරෝනා වෛරසය ආසාදනය වන බවයි.
කෙසේ වෙතත්, ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් බැවින් ඔවුන් පූර්ණ සුවය ලබන බව ද සදහන්.
පිරිමි පුද්ගලයින් අධික ලෙස දුම් වැටි සහ මත්පැන් භාවිතයට පුරුදුවී සිටීම මීට හේතුව බවයි, වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව පිළිකා විශේෂ සෛල සමග ශරීර තුළදී එක්වීමක් සිදු කරන බව ද විද්‍යාඥයින් පවසනවා.
පිරිමි පුද්ගලයින් තුළ ඇති Testosterone හෝර්මෝන මට්ටම අවම කිරීමට ඉතාලියේ වෛද්‍යවරුන් පිරිසක් කටයුතු කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා පවසන්නේ.
එලෙස කිරීම තුළින් සිදු වන මරණ සංඛ්‍යාව අවම කරගැනීමේ හැකියාවක් පවතින බව ද ඔවුන් අවධාරණය කරනවා.
එමෙන්ම ලන්ඩන් පිළිකා පර්යේෂණ ආයතනයේ වෛද්‍යවරුන් සහ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පිරිසක් ද Testosterone අවහිර කිරීමට වන ඖෂධ අත්හදා බලමින් සිටින බව ද සදහන්.
මෙලෙස ශරීරයේ ඇති හෝර්මෝන පාලනය කිරීම තුළින් අතුරු ආබාධ ඇති විය හැකි බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙනවා.
මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයින් 5,497,650 දෙනෙකු තහවුරු කරගෙන ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 346,675 ක් වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා කියා සිටියේ.