Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
24
"අනේ දෙයියනේ මේ මිනිස්සුන්ට ගරු කරන්න ඕනෙ නෑ ඔච්චර අමාරු නම්, කට වහගෙන ඉන්න බැරිද" - රුසියාවේ සිට ඇවිත් නිරෝධායන මධ්‍යස්ථානයකට ගිය තරුණියක් හමුදා සෙබළුන් ගැන ලියූ සංවේදී සටහන - Photos

- "අනේ දෙයියනේ මේ මිනිස්සුන්ට ගරු කරන්න ඕනෙ නෑ ඔච්චර අමාරු නම්, කට වහගෙන ඉන්න බැරිද" - රුසියාවේ සිට ඇවිත් නිරෝධායන මධ්‍යස්ථානයකට ගිය තරුණියක් හමුදා සෙබළුන් ගැන ලියූ සංවේදී සටහන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,969 Views
ඔයාලා හොඳයි. මොකද UK ,ITALY ඉඳන් කට්ටියක් ආවා. අපිට හරියට එක එක දේවල් කිව්වා
මගෙ ඇස් දෙකෙන් කඳුලු ආවා.....
එයාර්පෝර්ට් එකෙන් ඒ අපේ දෙවිවරු ටිකට සමුදීලා අපි ආව මෙතනට....
 
කොරෝනා වසංගතය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව රුසියාවේ රැදී සිටි 260 දෙනෙකු පසුගිය 22 වනදා රාත්‍රියේ ශ්‍රී ලන්කන් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියා.
 
ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ මොස්කව් සිට පැමිණි මෙම පිරිස රුසියාවේ අධ්‍යාපන කටයුතු සඳහා ගොස් සිටි වයස අවුරුදු 30ට අඩු සිසු සිසුවියන් බවයි.
 
පසුව යුද හමුදාවේ මැදිහත්වීමෙන් ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා.
 
මේ අතර එම ගුවන්යානයෙන් දිවයිනට පැමිණි නිෂාම් නම් තරුණියක් සිය ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් තබා තිබෙනවා.

"ලංකාවට රුසියාවේ ඉඳන් ආපු එකපාරකවත් ඒ විදිහේ හැඟීමක් දැනිලා නෑ කවදාවත්". එම සටහන පටන් ගන්නේ එතනින්. පසුව ඇය දිවයිනට පැමිණි පසු ලැබුණු සත්කාර පිළිබඳවද විස්තර කර තිබෙනවා.
 
එම සටහන පහතින්
 
කකුල තිබ්බ ගමන් ෆ්ලයිට් එකෙන් බිමට, ආවා අමුතුම හැඟීමක් වචනෙන් විස්තර කරන්නම බැරි.
 
"ලංකාවට රුසියාවේ ඉඳන් ආපු එකපාරකවත් ඒ විදිහේ හැඟීමක් දැනිලා නෑ කවදාවත්.
 
නොකියා ඉන්න බැරි නොකියා හිටියොත් මේ දෙවිවරුන්ට කරන අපරාධයක් කියලා දන්න නිසා මේක ලියන්නේ, ලොකුම හේතුවකට අන්තිම වෙනකම් කියවන්න.
 
පුදුමාකාර පිලිවෙලක් වැඩවල අපි බහිද්දිම අපේ දෙපැත්තෙන්ම අපේ හමුදාවේ අය පෝලිමට මුලින්ම උණ බැලුවා එතන්දිම ඊට පස්සේ පෝලිම් ගස්සලා (පොලවේ සීල් එකක් ගහලා මීටරෙන් මීටරේට දුරින් ඉන්න කියලා) පිලිවෙලට අපේ අතේ තිබ්බ බෑග් ඔක්කොම එක්කෙනෙක් ඇවිත් අරන් යනවා. ඊට පස්සෙ ඒ පේලියේ ඉස්සරහට එක්කෙක්කෙනා අරන් දාගෙන ආපු මාස්ක් එකයි ග්ලවුස් දෙකයි විසික් කරවලා ඊලඟ පෝලිමෙන් අත් හෝදන්න තැනකට යවනවා එතන්දි එක්කෙනෙක් හෑන්ඩ් වොශ් එකත් දානවා අපේ අතට ඊට පස්සේ අත් වලට කකුල් වලට ස්ප්‍රේ කරනවා විශබීජ නාශක. එතනින්ම ඊට පස්සේ අලුත් ග්ලවුස් දෙකයි මාස්ක් එකයි දෙනවා. ඊට පස්සේ විශබීජ නාශනය කරපු අපේ බෑග් අපිට ගන්න දෙනවා. දැන් තමයි එයාර්පෝර්ට් එක ඇතුලට යන්නේ.
 
ඇතුලට යද්දී ආයෙ උණ බලලා අර කැමරා මැශින් එකෙනුත් චෙක් කරලා පාස්පෝර්ට් බලලා තව ඇතුලට එද්දී ෆ්ලයිට් එකේදි අපි පුරවපු හෙල්ත් ෆෝම් එකයි තව එතනින් ෆෝම් එකකූයි පුරවලා(මීටරයක් ඈතින් පුටු දාලා වාඩි කරවලා) ඊට පස්සේ ඒක එකතුකරගෙන ඒ වෙනකොට පැය 24කට වඩා ගමන් මහන්සියෙන් හෙම්බත්වෙලා හිටපු අපිව ඉන්ඳවලා කන්න දීලා ඊට පස්සේ ලැගේජ් ගන්න කියලා ඒක අරන් එන්න හදද්දී අපේ බැච් එකේ අක්කා කෙනෙක්ගෙ බෑග් එකක් නෑ කියලා එතන ටිකක් නවතින්න උනා. ඒකෙ ඉතුරු කොටස අන්තිමට කියන්නම්.
 
බෑග්ස් ගත්තට පස්සේ අපිට ටෝකන් නම්බර් එකක් දීලා ආයෙත් උණ බලලා විශබීජනාශනය කරලා අපේ බෑග්ස් අරන් ලොරියකට දාලා අපිව ටෝකන් එක අනුව බස් වලින් ගෙනත් දැම්මා නිරෝධායන මධ්‍යස්ථානෙට.එයාර්පෝර්ට් එකෙන් ඒ අපේ දෙවිවරු ටිකට සමුදීලා අපි ආව මෙතනට.
මෙතනට එනකොට තවත් ඒ වගේම කට්ටියක් ලෑස්ති වෙලා අපිව බලාගන්න.
 
මෙතන පල්ලෙහින් දෙන්නෙකුට එක ගානෙ රූම් නම්බර් එක දීලා උඩට එද්දී ආයෙත් රෑ කෑම එකත් දීලා රූම් එකට එද්දී වෙලාව පාන්දර 5ට වගේ ඇති.
 
කිව්වට කවුරුත් විශ්වාස කරන්නේ නෑ, කාමරේට එද්දී අපි දෙන්නට වෙන වෙනම ඇඳ උඩ තියලා තිබ්බා ටූත්පේස්ට්, බ්‍රශ්, ශැම්පූ, වොශින් පව්ඩර්, සබන්, සෙරෙප්පු තව හැමදෙයක්ම ලස්සනට පිලිවෙලට වෙන වෙනම තියලා දෙන්නට කබඩ් එක, ඇඳුම් රාක්කේ ඩස්ට්බින් එක ටිශූ පේපර් එකේ ඉඳන් හැමදේම වෙන වෙනම. මෙච්චර පිලිවෙලට ලස්සනට. ඒ මිනිස්සුන්ට මොනා ලැබෙනවටද.
 
ඒ විතරක් නෙවෙයි ඊයේ ආව වෙලේ ඉඳන් දවසට තේත් එක්ක වේල් 6ක්.
 
බැල්කනි එකට ගියාම පේනවා පොඩි කුටියක් හදාගෙන මුර‍ටත් එයාලා ඉන්නවා. පිරිමි අය විතරක් නෙවෙයි සැරින් සැරේට උණ බලන්න එන්නේ අක්කා කෙනෙක්.
 
මොකටද මේ. ඒ මිනිස්සු මෙච්චර අපි වෙනුවෙන් දුක් විඳින්නෙ.මේ නිරෝධායන මධ්‍යස්ථානෙ කිසිම දේකට අපෙන් සත පහක්වත් ගන්නෙ නැතුව.
සීයට දාහක් විශ්වාසයි මට අපේ මේ පුංචි රටේ ඇරෙන්න මේ ලෝකේ වෙන කිසිම තැනක මෙහෙම දේවල් වෙන්නේ නෑ කියලා.
 
මං අර පස්සේ කියන්නම් කියලා කිව්වේ. එයාර්පෝර්ට් එකේ අර අක්කගෙ බෑග් එක නැති උන වෙලේ එතන හිටපු හමුදාවේ අය ඔක්කොමලා ඇවිත් බය වෙන්න එපා එහෙම නැති වෙන්නේ නෑ කියලා කියන අතරතුර එක අයියා කෙනෙක් ඇහුවා මෙහෙම
 
"ඔයාලට නිරෝධායනය වෙන්නේ නැතුව යන්න කිව්වොත් ගෙදර යනවද"
අපි,
"නෑ එහෙම බෑ බයයි නේ බැරි වෙලාවත් අපිට තිබ්බොත් ගෙදර අයටත් හැදෙනවනෙ."
 
ඊට පස්සෙ එයා කිව්වා
 
"ඔයාලා හොඳයි. මොකද UK ,ITALY ඉඳන් කට්ටියක් ආවා. අපිට හරියට එක එක දේවල් කිව්වා. අපි ඉගෙනගෙන නෑ කිව්වා, එයාලා මොනා කිව්වත් අපි ඉවසන් ඉන්නවා. අපි ඉතින් සොල්දාදුවොනේ. මාස 3කින් නිවාඩු ගිහින් නෑ. මෙතනමයි වැඩ"
 
මට උත්තරයක් දෙන්න මගේ කටින් වචන ආවෙ නෑ.
 
පස්සේ මගෙ ගිටාර් එක දැකලා එක්කෙනෙක් බැලුවා මොකද්ද ජාතිය කියලා එතකොට එයා ලඟ හිටපු අනිත් එක්කෙනා කිව්වා,
"එයා හොඳ ගිටාරිස්ට් කෙනෙක්. දැන් ඒ වැඩ නෑ. දිගටම මෙහෙනෙ"
මගෙ ඇස් දෙකෙන් කඳුලු ආවා.
 
අනේ දෙයියනේ මේ මිනිස්සුන්ට ගරු කරන්න ඕනෙ නෑ ඔච්චර අමාරු නම්, කට වහගෙන ඉන්න බැරිද ඒ හිත් තව රිද්දන්නෙ නැතුව.
 
එයාලා නැත්තම් අපිට මොනා වෙයිද කියලා හිතාගන්න බෑ. බැස්ස වෙලාවෙ ඉඳන් ෆ්ලයිට් එකෙන් වෙන කිසිම කෙනෙක් දැක්කෙ නෑ. අර අමාරු ඇඳුම් ඇඳන් මූනු ඔක්කොම වහන් කොච්චර අමාරුවෙන්ද දවසම ඉන්නවා ඇත්තෙ.
 
මට මේ දවස් දෙකට එයාලා කරපු ඒවා මැරෙනකම් අමතක වෙන්නේ නෑ. ඉතුරු දවස් 12 ගැනත් කිසිම බයක් නෑ. ඒ තරම් පිං.
මරනින් මතු ජාති ජාතිත් පිං.
 
Nishaam Naizara
#2020_MAY
#COVID19
#QUARANTINE"


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top