මෙරටින් වාර්තාවන මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1094 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ තවත් කොරෝනා ආසාදිතයන් 4ක් හමුවීමත් සමගයි.
අවසන් වරට වාර්තා වූ ආසාදිතයන් 5 දෙනා කුවේට් සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි අය බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ.
මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1090 දක්වා ඉහළට
2020-05-24 14:17:44
මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1090 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ, අද දිනයේදී තවත් ආසාදිතයෙකු තහවුරුවීමත් සමගයි.
මේ අතර තවත් පුද්ගලයින් 14 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටත්ව ගියා.
ඒ අනුව මෙරට තුළදී පූර්ණ සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 674 ක් බවයි වසංගත රෝග විද්‍යාංශය ප්‍රකාශ කළේ.
එම පිරිස් අතර නාවික හමුදා සාමාජිකයින් 293 දෙනෙකු ද වනවා.