Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
24
"ඉරාජ්, රිෂිනි, මල්ෂා, හරීන් මේ සියලු දෙනාගේ නම් කියවෙනවා....මම මේ එක නමක් කියන්නේ නෑ..." තමා සම්බන්ධ කරමින් එළියට දැමූ වීඩියෝවේ සුලමුල ගැන කාවින්ද ජයවර්ධනගෙන් විශේෂ හෙළිදරව්වක්

- "ඉරාජ්, රිෂිනි, මල්ෂා, හරීන් මේ සියලු දෙනාගේ නම් කියවෙනවා....මම මේ එක නමක් කියන්නේ නෑ..." තමා සම්බන්ධ කරමින් එළියට දැමූ වීඩියෝවේ සුලමුල ගැන කාවින්ද ජයවර්ධනගෙන් විශේෂ හෙළිදරව්වක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,428 Views
ඔයාගේ බිරිඳ ඉදිරියේ තමා මේ වාර්තාව දෙන්නේ..
 
විනාඩි 45ක විඩියෝව විනාඩි දෙකකට සංස්කරණය කරලා...
 
මෙයාලා එක්ක ජීවත් වෙන්න ලැබීමත් අභාග්‍යයක්..
 
තමාගේ කීර්ති නාමයට හානි කිරීමේ අරමුණින් යුතුව සකස් කළ වීඩියෝවෙහි සියලු තොරතුරු මේ වනවිට තමන් සතුව ඇති බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා.

පෞද්ගලික Youtube චැනලයක් වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
 
මෙම වීඩියෝව සංසරණය වීමත් සමග තමාගේ පවුලේ උදවිය, මාස හතරක ගැබිණියක් වන සිය බිරිඳ සහ මිත්‍රයන් දැඩි මානසික පීඩාවකට ලක් වූ බව ද හිටපු මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කර තිබුණා.
 
අදාළ විඩියෝ 2018 වසරේ සැප්තැම්බර් පළමුවනදා අන්තර්ජාලය වෙත මුදාහැර ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.
 
එමෙන්ම එය ඉන්දියාවේ රූගත කරන ලද විනාඩි 45 කින් සමන්විත අසභ්‍ය විඩියෝ පටයක් බවත්, එය විනාඩි දෙකකට මෙරට තුළදී සංස්කරණ කර ඇති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.
 
එහි පෙනී පුද්ගලයා සම්බන්ධයෙන් සියලු තොරතුරු මේ වනවිට ශ්‍රී ලංකා පොලිසිය සතුව පවතින බවයි කාවින්ද ජයවර්ධන සදහන් කළේ.
 
අදාළ කාරණය සම්බන්ධයෙන්‌ කොළඹ අපරාධ කොට්ටාසය වෙත පසුගියදා හිටපු මන්ත්‍රීවරයා විසින් පැමිණිල්ලක් ද සිදු කර තිබුණා.
 
අනතුරුව කොළඹ අයි.ඩි.එච් රෝහල වෙත ගොස් තමන්ගේ ශරීර පරීක්ෂණයක් සිදු කළ බව ද ඔහු කියා සිටියා.
 
එමගින් මෙම විඩියෝවේ සිටින පුද්ගලයා සහ තමා අතර පවතින සමාන අසමානතා උසාවිය වෙත ඔප්පු කළ හැකි වනු ඇති බවයි කාවින්ද ජයවර්ධන පෙන්වා දෙන්නේ.
 
එහිදී වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ. " ඔයාගේ බිරිඳ ඉදිරියේ තමා මේ වාර්තාව දෙන්නේ, ඔයාට සිදුවෙලා තියෙන්නේ අසාධාරණයක්. ඔයා ගැන එයාට සැකයක් ඇති වෙලා තියෙනවා නම් මම ඒක නිරාකරණය කරන්න ඕනෑ.. මම විශ්වාස කරන ආගමට අනුව, මම බෞද්ධයෙක්, අපට මනුස්ස ආත්මයක් ලැබිලා තියෙන්නේ, ගිය ආත්මයේ පිං දහම් කරලා තියෙන නිසා.." යනුවෙන්ග.
 
අනතුරුව තමන් සිය බිරිඳ සමග රෝහල වෙත ගිය බවත්, එහිදී වෛද්‍යවරයා විසින් මෙම විඩියෝවෙහි සිටින පුද්ගලයා සහ මා අතර කිසිදු සමානකමක් නොමැති බවත්, වෛද්‍යවරයා ඇය වෙත ප්‍රකාශ කළ බවයි කාවින්ද පවසන්නේ.
 
මෙම සියලු දත්ත මේ වනවිට ශ්‍රී ලංකා පොලිසිය වෙත භාරදී ඇති බව ද ඔහු පවසනවා.
 
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ, " ඉතාමත් අශිෂ්ඨ සමාජයක අපි ජීවත් වෙන්නේ, මෙයාලා එක්ක ජීවත් වෙන්න ලැබීමත් අභාග්‍යයක් හැටියටයි දකින්නේ, මේ හැමදෙයක්ම විමර්ශන මට්ටමේ තියෙන්නේ, ඉරාජ්, රිෂිනි, මල්ෂා, හරීන් මේ සියලු දෙනාගේ නම් කියවෙනවා. මම මේ එක නමක් කියන්නේ නෑ. මොකද හේතුව..? මට කියන්න අයිතියක් නැහැ.. මේ රටේ පොලිසිය ගැන මම විශ්වාස කරනවා.. මට මඩ ගැහුවා.. ආත්ම ගරුත්වය නැති කරන්න උත්සහ කළා. මගේ අහිංසක පවුලේ අයව ලැජ්ජාවට පත් කරන්න උත්සහ ගත්තා. හැබැයි මේ කිසිම දෙයකින් මම සැලෙන්නේ නැහැ. මම යන ගමනක් තියෙනවා, මම දේශපාලනය කරන්නේ වෛද්‍යවරයෙක් හැටියට...." බවයි.
 
මේ අතර තමාට කඩිනමින් නීතියේ සාධාරණය ඉටු කිරීමට මැදිහත් වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සිය ස්තූතිය පුදන කරන බවයි හිටපු මන්ත්‍රීවරයා මෙරට ජාතික පුවත්පතකට අදහස් දක්වමින් කියා සිටියේ.
 
මේ වනවිට අදාළ විඩියෝව මුදාහළ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කරගැනීමට කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ටාශය සමත්ව ඇති බව ද ඔහු පවසනවා.
 
එම පුවත්පතට වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන කියා සිටියේ, තමාගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ අරමුණින් යම් පිරිසක් විසින් සැලසුම් සහගත ලෙස මෙම ක්‍රියාව සිදු කරන්න ඇති බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top