Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
23
කොවිඩ් 19 වෛරසයට එරෙහිව මිනිසුන් යොදගෙන අත්හදා බැලූ එන්නතක් ගැන සතුටුදායක ආරංචියක් - මෙරට සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 50000 ඉක්මවයි

- කොවිඩ් 19 වෛරසයට එරෙහිව මිනිසුන් යොදගෙන අත්හදා බැලූ එන්නතක් ගැන සතුටුදායක ආරංචියක් - මෙරට සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 50000 ඉක්මවයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
පුද්ගලයින් 108 දෙනෙක් යොදාගෙන කරපු අත්හදාබැලීමේ තොරතුරු මෙන්න
මෙරට රෝහල් තුළ ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 399 ක් පමණයි....
ඊයේ වාර්තා වූ ආසාදිතයන් 13 දෙනාගෙන් 11 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින්
 
තවත් කොවිඩ් ආසාදිතයින් 40ක් අද සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 660ක් දක්වා ඉහළ ගියා.
 
මේ අතර, කොවිඩ් 19 වෛරසයට එරෙහිව මිනිසුන් යොදගෙන අත්හදා බැලූ එන්නතක් පළමු වරට සාර්ථක ප්‍රතිථල අත්කර දෙමින් පවතින බව සුප්‍රසිද්ධ ලැන්සර්ට් සඟරාව වාර්තා කරනවා.
 
ලෝකයේ ප්‍රමුඛ අන්තර්ජාල සෞඛ්‍ය සඟරාවක් වන ද ලැන්සර්ට් සඟරාව වාර්තා කර ඇත්තේ චීනයේ වූහාන් හීදි පුද්ගලයින් 108 දෙනෙක් යොදාගෙන දින 14ක් පුරා නව එන්නතක් පළමු අදියරේදී අත්හදා බලා සාර්ථක ප්‍රතිථල පෙන්නුම් කර ඇති බවයි.

එන්නත ලබා දී දින 14ක් ඇතුලත කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිදේහ නිපදවී ඇති අතර, පළමු අදියරේ සිට දින 28ක් ගත වනතුරුත් ඉන් බරපතල අහිතකර ප්‍රතිඵල වාර්තා වී නොමැති බව එම සඟරාවේ සඳහන්. 
 
මේ අතර, අද පෙරවරු 10 වනවිට මෙරට කොවිඩ් 19 වෛරසයෙන්  පූර්ණ සුවය ලැබූ ගණන 660 දක්වා ඉහළ ගොස් තිබුණේ තවත් 40 දෙනෙකු සුවය ලබා නිවෙස් වලට පිටත්ව යාමෙන් අනතුරුවයි.
 
ඒ අනුව තවමත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 399 ක් පමණයි. 
 
ඊයේ සහ අද නව ආසාදිතයින් 30 දෙනෙකු වාර්තා වීමත් සමඟ අද පස්වරු 6 වනවිට මෙරට කොවිඩ් ආසාදිතයින් 1085ක් දක්වා ඉහළ ගියා.
 
ඊයේ වාර්තා වූ ආසාදිතයන් 13 දෙනාගෙන් 11 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර ඉතිරි දෙදෙනා කුවේට් සහ මලයාසියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින්.
 
මේ අතර, වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 33 දෙනෙක් සුවය ලැබිමත් සමඟ වෛරසයෙන් සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 283 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 
 
කෙසේ නමුත් වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් නාවිකයින් 278 දෙනෙකු නිරෝධායනය සඳහා වව්නියාව පම්පෙමඩුව සහ පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඊයේ රැගෙන ආවා.
 
ඔවුන් දින 21ක් නිරෝධායනයට ලක් කිරීමට නියමිතයි.
 
මේ අතර, දිනක් තුළ මෙරට වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව වූ පරීක්ෂණ 1970 ක් ඊයේ දිනය තුල සිදු කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා.
 
ඒ අනුව මෙරට සිදු කළ සමස්ත පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 50000 ඉක්මවා ගොස් තිබෙනවා.
 
මේ අතර, ත්‍රිකුණාමලය සමන්පුර ප්‍රදේශයේ හෘදයාබාධයක් හේතුවෙන් මියගිය 50 හැවිරිදි කාන්තාවකගේ අවසන් කටයුතු නිරෝධායන නීති වලට පටහැනිව සිදු කිරීමට යාමේදී ඥාතීන් සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
 
ඇයට කොවිඩ් ආසාදිත නොවූ බවට පී.සී.ආර්. පරීක්ෂණය මඟින් තහවුරු වී ඇති අතර කෙසේවෙතත්, සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත්තේ දේහය මුද්‍රා තබා පසු දිනම අවසන් කටයුතු සිදු කරන ලෙසයි.
 
නමුත් මෙම තීරණයට ඥාතීන් එරෙහිවී ඇති අතර ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ සිය ඥාතියාගේ අවසන් කටයුතු සාමාන්‍ය පරිදී සිදු කිරිමට අවශ්‍ය බවයි.
 
කෙසේවෙතත්, ප්‍රදේශවාසීන් ගෙන් ඊට එල්ල වුණේ විරෝධයක්. 
 
මේ අතර, රුසියාවේ අධ්‍යාපනය ලැබූ මෙරට සිසුන් 260දෙනෙකු ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි අතර ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකෙරුණා.
 
මේ අතර, ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ යානයක් අද දහවල් ඩකා නුවර බලා පිටත්ව ගිය අතර, ඔවුන් අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top