Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
"කරපිංචා පැලයක්වත් හිටවපු නැති මම දැන් එළවළු පැළ වගා කරන්න පටන්ගත්තා" - කොරෝනා නිසා ගෙදරට කොටුවුනු ගායන ශිල්පිනී උරේෂා රවිහාරි කළ කී දේ මෙන්න - Photos

- "කරපිංචා පැලයක්වත් හිටවපු නැති මම දැන් එළවළු පැළ වගා කරන්න පටන්ගත්තා" - කොරෝනා නිසා ගෙදරට කොටුවුනු ගායන ශිල්පිනී උරේෂා රවිහාරි කළ කී දේ මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,724 Views
මම නම් හිතන්නේ සොබාදහමෙන් දීපූ තෑග්ගක් කියලා
මේ වගේ අත්දැකීමකට අපි මුණදෙන්නේ ජීවිතේ පළවෙනි වතාවට
 
ලෝකයටම බලපා ඇති කොරෝනා වසංගතය නිසා කලාකරුවන් රැසක් මේ වන විටත් සිටින්නේ තම නිවෙස්වලමයි.
 
ඒ වගේම ගායක ගායිකාවන්ටත් මේ කාලය ඉතාමත් වැදගත් වන සංගීත සංදර්ශන වැඩි වැඩියෙන් පැවැත්වෙන කාලයක්.
 
ආර්ථිකමය වශයෙන් යම්කිසි පාඩුවක් සිදුවුනත් අලුත් අවුරුදු දවසෙවත් නිවෙස්වල නොසිටි ඔවුන් මේ දිනවල අලුත් අලුත් දේ ඉගෙනගනිමින් සතුටින් සිය පවුලත් සමග කාලය ගතකරනවා.

එහෙම ඉන්න අපේ රටේ දක්ෂ ගායිකාවක් තමයි උරේෂා රවිහාරි කියන්නේ. ඇය නම් කියන්නේ මේ කාලය සොබාදහමෙන් දුන්න තෑග්ගක් කියලයි.
 
සතිඅන්ත පුවත්පත් සංවාදයකට එක්වෙමින් ඇය මෙලස පවසා තිබෙනවා. ඇය පැවසූ දේ පහතින්.
 
"අපේ වෘත්තීය පැත්තෙන් ගත්තොත් අපිට ලොකු පාඩුවක් සිද්ධවෙලා තියෙනවා. මේ දේ සිද්ධ වුණේ අපිට ෂෝස් වැඩිම කාලේ. මගේ ගොඩක් සංදර්ශන කල් ගියා. පිටරට සංචාර 3ක් කල් ගියා. මට විතරක් නෙමෙයි පොදුවේ හැමෝටම මේක බලපාලා තියෙනවා.
 
මේ වගේ අත්දැකීමකට අපි මුණදෙන්නේ ජීවිතේ පළවෙනි වතාවට. මේකෙන් ඉගෙන ගත්ත ලොකුම පාඩම තමයි කූඹියාගෙන් ඉගෙන ගන්න තියෙන පාඩම. හදිසි අවස්ථාවකට ගන්න ඉතුරුවක් කළා නම් කොයිතරම් ප්‍රයෝජනවත් වෙනවද කියලා මිනිස්සුන්ට මේකෙන් තේරුම් ගියා. අනික අපි ඉස්සර කොච්චර කෑම නාස්ති කරනවද? මේ කාලේ එහෙම නෑ ඒවත් රත්කරලා ගන්නවා. නාස්තිය අවම කරනවා.
 
මේ කාලේ කුණු ගෙනියන අයට අන්තිමට දෙන්න ඉඳුල් නැතිතරම්. අපි කඩෙන් කන්න පුරුදුවෙලා හිටියනේ නිතරම. දැන් ඒවත් නැවතුණා. කාර්යබහුලත්වය නිසා කරපිංචා පැලයක්වත් හිටවපු නැති මම දැන් එළවළු පැළ වගා කරන්න පටන්ගත්තා. ඒවායේ පලදාව උයලත් කාලා තියෙනවා. මේ ව්‍යසනය නිසා සිද්ධවුණු හොඳම දේ තමයි පවුලේ අයත් එක්ක ගෙදර කාලය ගතකරන්න ලැබුණු එක. බබා එක්ක එයාගේ දේවල් බෙදාහදාගන්න, මගේ මහත්තයා , මගේ අම්මා , තාත්තා එක්ක එකට ඉන්න ලැබුනු එක මම නම් හිතන්නේ සොබාදහමෙන් දීපූ තෑග්ගක් කියලා. මට පොත් කියවන්න ගොඩක් කාලය ලැබුණා. ඒ වගේම අලුත් කෑම ජාති හදන්නත් මම මේ කාලෙදි පුරුදු වුණා".


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top