මැයි 26 වන අඟහරුවාදා සිට සියලු දිස්ත්‍රික්කවල පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු රාත්‍රී 10 ට පෙරවරු 4 දක්වා ක්‍රියාත්මක කරන බව ජනාධිපති කාර්යාලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය කියා සිටියේ, එදින කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ද මෙලෙස ලිහිල් කරන බවයි.
එමෙන්ම කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට ද ලබන අඟහරුවාද දින සිට අවසර ලැබෙන බව ද එහි සඳහන්.
මේ අතර හෙට සහ අනිද්දා යන දෙදින තුළ දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.