Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
ශ්‍රී ලංකාවේ කොරෝනා ගැන ඉන්දියානු අගමැති මෝදි ට්විටර් දැමූ සටහන - Photo

- ශ්‍රී ලංකාවේ කොරෝනා ගැන ඉන්දියානු අගමැති මෝදි ට්විටර් දැමූ සටහන - PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,307 Views
ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 වසංගතය හොඳින් පාලනය කිරීමේ ගෞරවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා.
 
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමග සිදුකළ දුරකථන සංවාදයකදී
 
අද පෙරවරුවේ සුහද දුරකථන සංවාදයක නිරතවූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙරට අතර සෑම ආකාරයකම සබඳතා කොවිඩ් 19 අර්බුදය හමුවේ තවදුරටත් වර්ධනය කර ගැනීමට එකඟත්වය පළකර තිබෙනවා.

වත්මන් දුෂ්කර තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට කළ උපකාර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සහ එම ජනතාවට කෘතඥතාව පළකළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
 
ඉන්දියාව ප්‍රදානය කළ ටොන් 10ක වෛද්‍යාධාර බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බවයි ජනාධිපතිවරයා පෙන්වාදි ඇත්තේ.
 
ඉන්දියාව කොවිඩ් 19 වසංගතය මනාව පාලනය කර ඇති බවට තමන් විශ්වාස කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.
 
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගය සතුටුදායක ලෙස පාලනය කිරීමට සමත්ව ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
 
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙහිදී  සඳහන් කර ඇත්තේ නිරවුල් චින්තනයක් සහිත ඉක්මන් හා දුෂ්කර තීරණ ගැනීමේ හැකියාවක් ඇති නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් හඳුනාගෙන ඇති බවයි.
 
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතය හොඳින් පාලනය කර ගැනිමට සමත්වවීමේ ගෞරවය මෙරට ජනාධිපතිවරයාට හිමිවන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම දුරකථන සංවාදයේදී සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
 
වත්මන් ප්‍රමුඛතාවය වන ආර්ථික පුනරුදය සඳහා මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කිහිපයක් නැවත පණ ගැන්වීමට ඉන්දියාවේ සහයෝගය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.
 
දෙරට අතර ක්‍රියාත්මක මූල්‍ය පහසුකම් හුවමාරු වැඩසටහන තවත් පුළුල් කිරීමට ජනාධිපතිවරයා මෙම සංවාදයේදි යෝජනා කර ඇති අතර, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙරටට උදව් කිරීමට තමන් පෞද්ගලිකව කැපවී සිටින බවත්, ශ්‍රී ලංකාවට වාසිදායක කොන්දේසි යටතේ සහය දැක්වීමට සූදානම් බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බවයි.
 
මෙම දුරකථන සංවාදයෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කර ඇති අතර, ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ මෙරට කොවිඩ් වසංගතය මැඩලීමේ ක්‍රියාවලිය ඵලදායී ලෙස ඉදිරියට ගමන් කර ඇති බව ඔහු එහිදීද සඳහන් කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top