කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණිමට නොහැකිව බංග්ලාදේශයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඩකා නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.
ගුවන්තොටුපල හිරු වාර්තාකරු කියා සිටියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 1422 දරණ විශේෂ යානය අද දහවල් 12.24 ට පමණ මෙලෙස පිටත්ව ගිය බවයි. යළි පස්වරු 7.45ට පමණ එම යානය දිවයිනට ළගා වීමට නියමිතයි.