Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
සිය දිවි හානි කරගන්න හැදූ තරුණියක් බේරගන්න ගිහින් ජීවිතයෙන් සමුගත් හමිඩ් රිස්වාන් සියල්ලන් හඬවමින් අවසන් ගමන් යයි - Video & Photos

- සිය දිවි හානි කරගන්න හැදූ තරුණියක් බේරගන්න ගිහින් ජීවිතයෙන් සමුගත් හමිඩ් රිස්වාන් සියල්ලන් හඬවමින් අවසන් ගමන් යයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,398 Views
ගොඩිගමුවේ ධම්මවිමල හිමියන් විසින් බෞද්ධ ආගමික වතාවන් සහ පාංශු කුල කටයුතු සිදු කරයි....
 
ඉහල කොත්මලේ ජලාශයේ සිය දිවි හානි කර ගැනිමට තැත් කල තරුණියක් බේරා ගැනිමට ජලාශයට පැන උත්සහ කල හමිඩ් රිස්වාන් (28) දෙදරු පියාගේ අවසන් කටයුතු තලවකැලේ සහ ලිදුල ප්‍රදේශයේ ගම්වාසින්ගේ සෝ සුසුම් මැද බෞද්ධ ආගමික වතාවන් වලට අනුකුලව (23) දින ලිදුල ෆාමස්ටන් රත්නගිරිය ජනපද පොදු සුසාන භුමියේදි සිදු කෙරුණා.
 
ලිදුල ෆාමස්ටන් රත්නගිරිය විහාරස්ථානයේ විහාරාධිපති ගොඩිගමුවේ ධම්මවිමල හිමියන් විසින් හමිඩ් රිස්වාන්ගේ බෞද්ධ ආගමික වතාවන් සහ පාංශු කුල කටයුතු සිදු කලා.
 
හමිඩ් රිස්වාන්ගේ මව බෞද්ධ ආගමිකයෙකු වන අතර , රිස්වාන්ගේ පියා මුස්ලිම් ජාතිකයෙකු වන අතර , රිස්වාන්ගේ බිරිදි කතෝලික ආගමිකයන් වනවා.

රිස්වාන්ගේ දරුවන් දෙදෙනා සහ පවුලේ සමාජිකයන් බෞද්ධ දර්ශනය අදහන අතර රිස්වාන්ගේ වැඩිමහල් දියණිය වන ශානිකා මධුවන්ති (12) ලිදුල සිංහල මහ විද්‍යාලයේ 7 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර රිස්වාන්ගේ පුතනුවන් වන ලක්ෂාන් මධුවන්ත (11) ලිදුල සිංහල මහ විද්‍යාලයේ 6 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබනවා.
 
තම පියාගේ හදිසි අභාවය තමන්ට දුකක් මෙන්ම තමන්ට විශාල පාඩුවක් බවයි රිස්වාන්ගේ දරුවන් දෙදෙනා කියා සිටියේ.
 
රිස්වාන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (22) දින නුවරඑලිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කල අතර , එහිදි මෙම මරණය දියේ ගිලිමෙන් හුස්ම සිරවිමෙන් සිදු වු මරණයක් බවට නිගමනය කර තිබුණා.
 
හමිඩ් රිස්වාන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා විසින් ඊයේ (22) දින සිදු කිරිමෙන් පසු දේහය එදින පස්වරුවේ රිස්වාන් පදිංචිව සිටි ලිදුල ෆාමස්ටන් රත්නගිරිය ජනපදයට රැගෙන එනු ලැබුවා.
 
හමඩ් රිස්වාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්විමට සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් විශාල පිරිසක්  දේහය තැන්පත් කර ඇති ඔහුගේ මවගේ නිවස වෙත පැමිණ සිටි අතර , තලවකැලේ පොලිසියේ සහ ලිදුල පොලිසියේ ස්ථානාධිපතිවරුන් සහ පොලිස් නිලධාරින්ද හමිඩ් රිස්වාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
 
මේ  අතර ඉහල කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කල තලවකැලේ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තිරුචෙල්වම් ශ්‍රියානි නමැති තරුණිය තව දුරටත් ලිදුල ප්‍රාදේශිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන අතර , ඇයව බැලිමට තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා රෝහල වෙත ගොස් ඇයට දැඩි ලෙස අවවාද කර තිබෙනවා.
 
එහිදි එම තරුණිය පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ කියා සිටියේ තමන් ගේ පෞද්ගලික හේතුවක් මත ගත් ක්ෂණික තීරණය වැරදි බව තමන්ට දැන් වැටහෙන බවයි.
 
දියේ ගිලෙමින් සිටියදි එම තරුණිය බේරා ගත් තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා සහ ඔහුට සහයෝගය ලබා දුන් පොකො රුබන් යන දෙදෙනාව තලවකැලේ ප්‍රදේශයේ දමිල තරුණයන් පිරිසක් විසින් පොලිස් ස්ථානය වෙත පැමිණ ඔහුන් දෙදෙනා සිදු කල උදාර කැපවිම අගය කරමින් හින්දු චාරිත්‍රනුකුලව සළු පලදවා උපහාර පිදිමක්ද සිදු කරනු ලැබූ බවද අප වාර්තාකරු පැවසුවා.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top