Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
"තමන් තාත්තා කෙනෙක් නේද? මේ දරුවා තමුන්ව බලන්න කතා කරන්න ආසාවෙන් ඉන්නවා තමුන්ට එක දැනෙන් නැද්ද?" - මුළු උසාවියක්ම මොහොතකට සංවේදී කළ පුංචි දුවෙකුගේ ආදරේ

- "තමන් තාත්තා කෙනෙක් නේද? මේ දරුවා තමුන්ව බලන්න කතා කරන්න ආසාවෙන් ඉන්නවා තමුන්ට එක දැනෙන් නැද්ද?" - මුළු උසාවියක්ම මොහොතකට සංවේදී කළ පුංචි දුවෙකුගේ ආදරේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,644 Views
"දරුවව පොඩ්ඩක් වඩා ගන්නවා තමුන්ට දැන් මොකද දැනෙන්නෙ?"
 
තිරිසන් සත්තුත් දරුවන්ට ඔයිට වඩා ආදරෙයි..
 
"තමුන් කැමති නැද්ද, සමාදන වෙලා මේ චුටි දරුවත් වඩාගෙන ගෙදර යන්න"
 
ඔබ අපි ජීවත් වෙන මේ පුංචි රටේ දවසකට කී දාහක් නම් කඳුළු කතා මුණ ගැහෙනවද?
 
ඒ අතරිනුත් දෙමව්පියන්ගේ තීන්දු තීරණ නිසා දුක් විඳින පුංචි පැටවුන් ගැන ඇහෙන ඛේදනීය කතන්දර බොහෝමයි..

මේ හැම කතාවකම අවසානය දුඛාන්තයක්ම වුණත්, සතුටු හිතෙන අවසාන පරිච්ඡේදත් නැතුවාම නොවේ...
 
මේ...... එවැනි කඳුළු කතාවක් ගැන මුහුණු පොතේ පළවුණු සංවේදී සටහනක්. මේ සත්‍ය සටහනේ හිමිකරු නමින් හර්ෂණ ද සිල්වා..
 
ඔබත් ඒ සටහන කියවලාම බලන්න.. ඔබේ නෙතටත් කඳුළක් නැඟේවී...
 
මාරවිල උසාවියේ වෙච්ච සංවේදී සිදුවීමක්.........
 
තරුණ අම්ම කෙනෙක් තමාගේ අවුරුදු දෙකක් පමණ වෙන චූටි දුවට නඩත්තු ඉල්ලන්න උසාවි ඇවිත් හිටියා. තාත්තා තරුණ හාදයෙක්.
 
චූටි දුව තාත්තා පැත්තට අතදික් කරල හිනා වුනා. අවුරුද්දකින් තාත්තා එයාව බලන්න ඇවිල්ලා නෑ. නඩත්තුවට සත පහක්වත් දීලත් නෑ. අම්මා තාත්ත අතර ආරවුලක්. නීතිඥවරියක් සහ වරයෙක් තමන්ගේ සේවාදායකයන් වෙනුවෙන් කරුණු දක්වනවා නඩත්තු ඉල්ලලා සහ ගෙවන්න බැරි හේතු කියල.
 
ළමයා තාම තාත්තා දෙස බලාගෙන අම්මගේ අතේ. උසාවියම නිහඩව බලාගෙන ඉන්නවා. තරුණ විනිශ්කාරවරයා තාත්තගෙන් අහනව "තමන් තාත්තා කෙනෙක් නේද? මේ දරුවා තමුන්ව බලන්න කතා කරන්න ආසාවෙන් ඉන්නවා තමුන්ට එක දැනෙන්නැද්ද?" තාත්තා බිම බලාගෙන. "තමන් දන්නවද අපේ ගෙදර බල්ලත් පුංචි පැටිය කටින් අල්ලගෙන එහාට මෙහාට අරන් යනවා, ආදරේට....අනිත් පැත්තෙන් එනවා" විනිසුරු තුමා වග උත්තරකරුගෙත් ඉල්ලා සිටිනවා. "දරුවව පොඩ්ඩක් වඩා ගන්නවා තමුන්ට දැන් මොකද දැනෙන්නෙ? " තාත්තා නිහඩයි.
 
"පුතා ඔය කවුද වඩාගෙන ඉන්නෙ?" විනිසුරු අසයි. චූටිදුව හිනාවුනා...මුලු උසාවියම නොපෙනෙන්න ඇඩුවා.
"තමුන් කැමති නැද්ද දෙන්නත් එක්ක සමාදන වෙලා මේ චුටි දරුවත් වඩාගෙන ගෙදර යන්න."
" කැමතී ස්වාමීනී" තාත්තා කට ඇරියා. "මම නඩුව බහා තියන්නම් තමුන්ල ඔහොම්මම දරුවත් වඩාගෙන ගෙදර යන්න." උසාවියම දිගු හුස්මක් හෙලුවා.
 
කොළඹ ඉඳන් මාරවිල උසවියට මුල් වතාවට ගිය මම අනිත් පුටුවේ හිටපු නීතිඥ මහත්තයගෙන් විනිසුරුතුමාගෙ නම ඇහුවා. ඔහු #සිරිමෙවන් මහේන්ද්‍රරාජා.
මම දන්නෑ. තාත්තා කෙනෙක්ද කියලා වචනාර්ථයෙන්ම #නඩුකාරහාමුදුරු කෙනෙක්.ඔහුට ගෞරවයක් වශයෙන් පළකරමි!
ලිපියේ කතෘ අයිතිය... harshana M de silva
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top