මෙරට කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබු සංඛ්‍යාව 660 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ, අද දිනයේදී තවත් පුද්ගලයින් 40 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යාමත් සමගයි.
ඉන් තිස් තිදෙනෙකු නාවික හමුදා සාමාජිකයින් ද වනවා.
ඒ අනුව මේ දක්වා පූර්ණ සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යව 283 ක් බවයි එම හමුදාව ප්‍රකාශ කළේ.
මෙරට තුළ කොරෝනා රෝගීන් 1068 දෙනෙකු සෞඛ්‍ය අංශය විසින් තහවුරු කරගැනීමට සමත් වුණා.
එම පිරිස අතරින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 09 ක්.