Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
"මගේ උපන්දිනය දවසේ ඔහු ගේට්ටුව ළඟට ඇවිත් භූමිතෙල් බිව්වා. ඒ සිද්ධි වලින් පස්සේ අපි ගෙවල් මාරු කළා.." - නිල්මිණි තෙන්නකෝන් - Photos

- "මගේ උපන්දිනය දවසේ ඔහු ගේට්ටුව ළඟට ඇවිත් භූමිතෙල් බිව්වා. ඒ සිද්ධි වලින් පස්සේ අපි ගෙවල් මාරු කළා.." - නිල්මිණි තෙන්නකෝන් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,585 Views
"පොලිසිය ඇවිත් ඔහුව ඔහුගේ කාර් එකේම දාගෙන රෝහලට ගෙනිහින්..."
 
"මම රිය අනතුරට ලක්වුණු අවස්ථාවේ මට ඒ ආදරය දැනුණා..."
 
"ඒ කාලේ මගේ ආදරය ඉල්ලපු අය හිසේ කෙස් ගාණට හිටියා..."
 
පාසල් යන අවධියේ මාලනී ෆොන්සේකාට බෙහෙවින් ඇලුම් කළ නව යොවුන් වියේ තරුණියකි.
 
ඇය එදිනෙදා පාසල් ගියේ පාසල අසල සිනමා ශාලාව ඉදිරියේ මහා විශාලෙට සකසා තිබූ මාලනී ෆොන්සේකාගේ කටවුට් දිහා බලමිනි.

චිත්‍රපට ශාලාව ඉදිරිපිට වැටී තිබූ ෆිල්ම් රීල්වල මාලනී ෆොන්සේකාගේ රුව සහිත රීල් කොටස් ඇය එකතු කරගත්තේ ඇය මාලනී ෆොන්සේකාට ඇලුම් කළ පුංචි රසිකාවියක් වූ නිසාවෙනි.
 
දිනක් ඇය යෙහෙළියන් කිහිප දෙනකු සමඟ එකතුවී මාලනී ෆොන්සේකාට ලිපියක් ලිව්වද පාසලේම සම වයසේ දැරියක එම රහස පාසල පුරා පැතිරීම නිසා ලියූ ලිපිය පාසලට භාර දීමටත් පාසල් කාලය තුළ ලිපි ලිවීමේ වරදට පැයක් හමාරක් දඬුවම් ලැබීමටද ඇයට සිදුවිය.
 
ඒ වෙන කිසිවකු නොව පසු කාලයේ රංගන ක්‍ෂේත්‍රයට එකතු වූ බොහෝ දෙනාගේ ආදරය දිනාගත්, දක්‍ෂතාවෙන් පරිපූර්ණ රංගන ශිල්පිනියක බවට පත්ව සිටින නිල්මිණි තෙන්නකෝන්ය.
 
අද අපූරු රසික මතක අවදි කරන්නට හදගැස්මේ කතාබහට එකතු කර ගත්තේ ඇයයි.
 
ඇය රංගන ක්‍ෂේත්‍රයට එකතු වන්නේ 80 දශකයේ අග භාගයේදීය. 90 දශකයේ දීප්ති ලෙස ඇය බොහෝ දෙනාගේ ආදරයේ හිමිකාරිය බවට පත්වූයේ නිතැතිනි.
 
එතැන් සිට අද දක්වා ඇයගේ පෙනුමට, හැකියාවට, ඇයගේ ගති ස්වභාවයන්ට ඇලුම් කරන විශාල රසික පිරිසකගෙන් ඇය පොහොසත්ය.
 
"මාලනී ෆොන්සේකා මහත්මියගේ රසිකාවියක් වෙලා ඉඳලා පසු කාලයේ මමත් නිළියක් වුණාම කෙනෙක්ගේ රසිකාවියක් වීමේ වටිනාකම මට හොඳටම දැනෙනවා. ක්‍ෂේත්‍රයට එකතු වූ කාලේ ඉඳන්ම ගොඩනැඟුණු ආදරණීය රසික පිරිසක් මට ඉන්නවා. ඒ අතරින් මගේ රසිකාවියක් වෙලා ඉඳලා දැන් මගේ යෙහෙළියක් තරමට ළෙන්ගතු වුණ කෙනෙක් ගැන මම මතක් කරන්න කැමැතියි..."
 
"ඇය මුස්ලිම් ජාතික කාන්තාවක්. එක ටෙලි නාට්‍යයක දීප්තිගේ චරිතයට ඇය ගොඩාක් ආදරය කරලා තිබුණා. ඒ කාලේ ඇය හිටියේ ජපානයේ. ඇය මාව පෙරුම් පුරල පුරලා බලන්න ආවා. ඒ කාලේ ජපන් ජාතිකයන් ගොඩක් මාව බලන්න එක්ක ඇවිත් මාව ඒ අයට පෙන්නලා ඇය මාව පුදුම කළා. දැන් ඇය ලංකාවේ හොඳ නිලයක් දරන කාන්තාවක්. ඇය මගේ යෙහෙළියක්. සහෝදරියක් තරමට ළෙන්ගතුයි. ඇය රසිකාවියක් වෙලා ඉඳලා තාමත් නොසැලී මාත් එක්ක ඉන්න කෙනෙක්..."
 
"ඇය මාව මුලින්ම හමුවුණ දවසේ සතුටට ඇයගේ ඇස්වලට කඳුළු ආවා. මේ කාලෙත් ඇය මගෙන් මොනවද වෙන්න ඕනේ කියලා හොයලා බලනවා. ඒ අහන එක අපිට වටිනවා. නමුත් කලාකාරිනියක් විදිහට මම යමක් උපයාගත්ත කෙනෙක්. කලාකාරයන් ලෙස වුණත් අපි මාසයකට, දෙකකට සෑහෙන පරිදි යමක් හරි හම්බ කරලා නැත්නම් වැඩක් නැහැ. ඉතිං මම මගේ ව්‍යාපාරයෙන්, රංගනයෙන් යමක් ඉතුරු කරගෙන තිබෙනවා. ඉතිං මට ආදරය කරන අය අපි ගැන හොයලා බලන එක වටිනවා වුණත් අපිට පුළුවන් වෙන්න ඕනේ යමක් උපයාගෙන තියාගන්න..."
 
නිල්මිණි තෙන්නකෝන් කියන්නේ ධෛර්යවන්ත කාන්තාවක්. බොහොම සොඳුරු රංගන ශිල්පිනියක්. ඒ නිසාම ඇයට එදා වගේම අදත් ආදරය කරන රසික පිරිස විශාලයි.
 
"මට පණ දෙන්න වගේ ආදරය කරන විශාල රසික පිරිසක් ඉන්නවා. ඒ කාලේ ජංගම දුරකථන තිබ්බේ නැති නිසා ලියුම් තමයි රසික රසිකාවියෝ මට එවන්නේ. මට පුදුමාකාර විදිහට ලියුම් එන්න ගත්තා. ලියුම් ගෝනි පිටින් තමයි ඒ කාලේ අපේ ගෙදරට ආවේ. මම ඉතිං ඒ කාලේ බිම පෙරළිලා එක එක තාලෙට ලියුම් කියෙව්වා. ඒ ලියුම් එවද්දී ඒ ලියුම්වල දාලා මොනවා හෝ තිළිණයක් ඒ අය මට එවනවා. ඒවා තාමත් මං ළඟ එකතු කරලා තියෙනවා. රසික රසිකාවියන්ගේ ආදරය මට ගොඩක් ලැබිලා තියෙනවා. මම රිය අනතුරට ලක්වුණු අවස්ථාවේ මට ඒ ආදරය දැනුණා. දහසකට අධික පිරිසක් මං වෙනුවෙන් රුධිරය ලබා දීලා තිබුණා. සිහිය ආවට පස්සේ මට ඩොක්ටර්ස්ලා කිව්වා මාව බලන්න විශාල පිරිසක් රෝහලට ආවා කියලා. ඇත්තටම මට ඒ ආදරය ගොඩක් වටිනවා..."
 
නිල්මිණි වසර ගණනාවක්ම ජනප්‍රිය නිළිය ලෙස සම්මානනීය ඇගයුමට ලක් වුණේ ඇයට බොහෝ දෙනා දැක්වූ ආදරය නිසාමයි.
 
"මම වසර ගණනාවක් ජනප්‍රිය නිළිය බවට පත් වුණා. ඒ මගේ රසික රසිකාවියෝ ඔවුන්ම මුදල් වියදම් කරලා අරගත්ත පෝස්ට් කාඩ් මං වෙනුවෙන් එවපු නිසා. දැන් වගේ නාළිකාවලින් අපිව ජනප්‍රිය කළේ නැහැ. අපිට ලැබුණේ ඇත්තම ප්‍රේක්‍ෂක ආදරය. ඒ ඒ නාට්‍යවල ජනප්‍රිය වෙද්දී මට රසික ආදරය සම්මානවලින් පවා ලැබුණා. දැන් කාලේ බොහෝ අය සමාජ මාධ්‍යවලින් තමයි ජනප්‍රිය වෙන්නේ. හැබැයි ඒ අය කරපු දේවල් නැහැ. අපි නමක් හදාගත්තේ හරි අමාරුවෙන්. මම රැකගත්ත නම අදටත් රැකගෙන ඉන්නවා. ඒකට කැපවීම, වාසනාව තියෙන්න ඕනේ. මම මගේ ගමන බොහොම අමාරුවෙන් හදාගත්තේ. ඒකයි අදටත් මට බොහෝ දෙනා ආදරය කරන්නේ..."
 
නිල්මිණි රංගන ක්‍ෂේත්‍රයට පය තැබූ අවධියේ රසිකාවියන් වගේම රසිකයනුත් ඇයට බොහෝ සෙයින් ඇලුම් කරන්නට පටන්ගෙන තිබුණ නිසාම ඒ හා බැඳුණු මතක රාශියකුත් ඇය හෙළි කළා.
 
"මට ඒ කාලේ රසිකයන් විශාල පිරිසක් ආදරය කළා. ඒ නිසා ප්‍රශ්න ඇති වුණ අවස්ථාවනුත් තියෙනවා. දීප්තිට ආදරය කරපු තරුණයෙක් ඒ කාලේ අපේ ගෙදර ගේට්ටුව ළඟට ඇවිත් ඉන්න ගත්තා. ගේට්ටුව ළඟ පලතුරු වට්ටි තියලා යන්න පටන් ගත්තා. ඉතිං මට බය හිතුණ නිසා අපි ඒ ගැන පොලිසියටත් කිව්වා. මගේ උපන්දිනය ජනවාරි 23 වැනිදා. ඉතිං ඒ කාලේ මගේ උපන්දිනය දවසේ ඔහු ගේට්ටුව ළඟට ඇවිත් භූමිතෙල් බීලා තිබ්බා. පොලිසිය ඇවිත් ඔහුව ඔහුගේ කාර් එකේම දාගෙන රෝහලට ගෙනිහින් තිබ්බා. ඔහු මට කලින් ලියුම් එවලත් තියෙනවා. මේ වගේ සිද්ධි වුණාට පස්සේ අපි ගෙවල් මාරු කළා. ඒ කාලේ මගේ ආදරය ඉල්ලපු අය හිසේ කෙස් ගාණට හිටියා. ඉතිං මම කොහේ හරි ගියත් මං දන්න අය මගේ වටේ හිටියා. ඒ වගේ ආදරයක් ලැබෙන්නෙත් වාසනාවට..."
 
බොහෝ රසික රසිකාවියන් රංගන ශිල්පීන්, ශිල්පිනියන්, අනුකරණයට පෙලඹෙන්නෙත් ඔවුන්ට දක්වන ආදරය නිසාමයි. දූ දරුවෝ ටෙලි නාට්‍යයේ නිල්මිණි රඟපෑ දීප්තිගේ චරිතයේ කොණ්ඩා මෝස්තරයත්, ඒ යුගයේ නිල්මිණිගේ ඇඳුම් පැලඳුම් අනුකරණය කරන්නත් බොහෝ දෙනා ඇලුම් කළ බවට නොරහසක්.
 
"ඒ කාලේ රසික රසිකාවියෝ මාව අනුකරණය කළා. දීප්ති වගේ ගොඩක් ගැහැනු ළමයි කොණ්ඩේ කපන්න ගත්තා. මම ඒ කාලේ ස්කූටර් එකක් පාවිච්චි කළා. ඒ නිසා මම අඳින විදිහට ඇඳුම් ඇඳලා ස්කූටරයේ ගමන් බිමන් යන්න තරුණියන් කැමති වුණා. දීප්තිගේ මුහුණ දාලා ටී ෂර්ට් ගහන්න ගත්තා. ඒ ටී ෂර්ට් අඳින ට්‍රෙන්ඩ් එකක් හැදිලා තිබ්බා. මම මට ආදරය කළ හැම රසික රසිකාවියකටම ගෞරව කරනවා. ආදරය කරනවා."
 
අදටත් ඇයට ලිපි මඟින් වගේම දුරකථන ඇමැතුම් ප්‍රතිචාර ලබා දෙන පිරිසක් සිටී. තමන්ට ආදරය දක්වන රසික රසිකාවියන්ට උදවු අවැසි මොහොතක හැකි අයුරින් ඊට සහාය දක්වන්නත් නිල්මිණි පසුබට වෙන්නේ නැහැ.
 
"මම මගේ වියදමින් දුවෙක් භාරගෙන හදනවා. ඒ වගේම පිරිමි දරුවකුටත් ඉගෙනුම් කටයුතුවලට උදවු කරනවා. මම හම්බ කරගත්ත දෙයින් මම ඒ විදිහට බොහෝ දෙනාට හැකි පමණ උදවු කරන්නේ ප්‍රසිද්ධිය තකානම් නෙමෙයි..."
 
ස්වේතා දුව ආදරයෙන් රැකගන්න ආදරණීය මවක් වුණ, රංගනයේ දක්ෂතා පෙන්වමින් චරිතාංග නිළියක්, සම්මානනීය නිළියක් බවට පත්වූ ස්නේහවන්ත නිල්මිණියට බොහෝ දෙනා එදා වගේම අදත් අද වගේම හෙටත් ආදරය කරාවි.
 
තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top