Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
දේවගලදී ගෙලවැලලාගත් දෙදරු පියාගේ මරණය මිනීමැරුමක් බව හෙළි වෙයි - බිරිඳ සහ මස්සිනා තවත් කෙනෙක් එක්ක ගහපු ගේම අතේ පත්තු වුණේ මෙහෙමයි

- දේවගලදී ගෙලවැලලාගත් දෙදරු පියාගේ මරණය මිනීමැරුමක් බව හෙළි වෙයි - බිරිඳ සහ මස්සිනා තවත් කෙනෙක් එක්ක ගහපු ගේම අතේ පත්තු වුණේ මෙහෙමයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,920 Views
ඝාතනය වී ඇත්තේ 43 හැවිරිදි දෙදරු පියෙක්...
 
පොලිස් පරීක්ෂණවලදී තවත් කරුණු රැසක් හෙළි වෙයි..
 
අරලගංවිල පොලිස් වසමේ වෙහෙරගම,දේවගල ප්‍රදේශයේදී මීට මාස දෙක හමාරකට පමණ පෙර ගෙල වැලලාගෙන සිය නිවි නසාගත් බව කියන 43 හැවිරිදි දෙදරු පියෙකුගේ මරණය මිනීමැරුමක් බවට පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණයවීමෙන් පසුව එම ඝාතනය සම්බන්‍ධයෙන් සැකපිට මරණකරුගේ බිරිය, මස්සිනා සහ තවත් අයෙකු ඊයේ (22) අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
 
පොලොන්නරුව ජ්‍යෙෂඨ පොලිස් අධිකාරීවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිදුකල විමර්ශනයකින් පසුව සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක්වී ඇත්තේ අරලගංවිල,වෙහෙරගම,දේවගල,අංක 133 ලිපිනයේ පදිංචිව සිටි විතානගේ බන්දුල විතානගේ නැමැති 43 හැවිරිදි දෙදරු පියෙකු බව පොලීසිය සඳහන් කලේය.
 
මරණකරු සහ ඔහුගේ බිරිය අතර පැවැති ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බව පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණයවී ඇත.
 
2020.03. 03 දින මේ පුද්ගලයා සිය නිවෙස තුල බාල්කයෙක එල්ලී සිය දිවි නසාගෙන සිටින බවට ඔහුගේ බිරිය විසින් එදින අරලගංවිල පොලීසියට දැනුම්දී තිබුණි.තම සැමියාගේ මරණය සම්බන්‍ධයෙන් තමන්ට කිසිම සැකයක් නොමැති බව ඒ සම්බන්‍ධයෙන් පැවැති මරණ පරීක්‍ෂණයේදී ප්‍රකාශ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
 
මෙම මරණය සම්බන්‍ධව පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකල පොලොන්නරුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විවෘත තීන්දුවක් ලබා දෙමින් වැඩිදුර පරීක්‍ෂණ සඳහා සිරුරේ කොටස් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවා තිබුණි.
 
ඉන් පසුව මියගිය අයගේ වැඩිමහල් සහෝදරයෙකු විසින් තම මල්ලීගේ මරණය සැකකටයුතු බවට ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරීවරයා මගින් පොලොන්නරුව ජ්‍යෙෂඨ පොලිස් අධිකාරීවරයා වෙත පැමිණිලි කිරීමෙන් පසු එහි විමර්ශන කටයුතු කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට යොමුකර තිබේ.ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් පරීක්‍ෂණ ආරම්භ කර ඇති අතර එම විමර්ශන වලදී එය මිනීමැරුමක් බවට තොරතුරු හෙළිවී තිබේ.
 
එම ඝාතනය සම්බන්‍ධයෙන් මරණකරුගේ බිරිය, ඇගේ සහෝදරයෙකු සහ ඔවුන්ගේ ඥාති සහෝදරයෙකුද පොලීසිය සැකපිට අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මිනීමැරුම සිදුකල ආකාරය පිළිබඳ සියලූ තොරතුරු පාපෝච්චාරණය කලබව විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීහු ප්‍රකාශ කළහ.
 
පොලොන්නරුව ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී ඕෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී නිශාන්ත රත්නපාල, සහකාර පොලිස් අධිකාරී අලහප්පෙරුම යන මහත්වරුන්ගේ මෙහෙයැවීමෙන් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති,ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රසන්න ජාගොඩගේ මහතාගේ මූලිකත්වයෙන් උප පොලිස් පරීක්‍ෂක පද්මසිරි,පොලිස් සැරයන් වරුන් වන.(35219)මංජුල,(50694)සිල්වා(74394)චමින්ද පොලිස් කොස්තාපල්වරුන් වන(68983)ආතවුද(81923)ඉසංක,කාන්තා පොලිස් කොස්තාපල්(7088)නදීශානී යන මහත්ම මහත්මීහු ඇතුලූ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.
 
පොලොන්නරුව අනුරාධ විශ්වනාත්
උපුටා ගැනීම - ලංකාදීප පුවත්පත
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top