Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
23
ප්‍රේක්ෂක ආදරය දිනාගෙන ජනප්‍රියත්වයේ කිරුළු පැළඳී, පිළිකාවට අභියෝග කරන බොලිවුඩයේ සුපිරි තරු මෙන්න - Photos

- ප්‍රේක්ෂක ආදරය දිනාගෙන ජනප්‍රියත්වයේ කිරුළු පැළඳී, පිළිකාවට අභියෝග කරන බොලිවුඩයේ සුපිරි තරු මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

293 Views
සුරූපී සොනාලි සහ හැමෝම දන්න මනීෂා කොයිරාලත් ඒ අතර..
 
බොහෝ දෙනෙක් ආදරය කළ රාකේෂ්ගේ දැන් තත්ත්වය !!!
 
රාකේෂ් රෝෂන්
 
ඉන්දීය සිනමාව තුළ සම්මානනීය චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක්, තිර රචකයෙක් මෙන්ම හිටපු රංගධරයකු ලෙසද ප්‍රකට රාකේෂ් රෝෂන් උගුර ආශ්‍රිත පිළිකා රෝග තත්ත්වයකින් පෙළෙන බැව් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණා.

ඒ පසුගිය 2018 වර්ෂයේදීයි. කෙසේ නමුත් පසුගිය වර්ෂයේදී (2019) ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව කළ ප්‍රතිකාරමය චිකිත්සාවන්ගෙන් අනතුරුව ඔහු මේ වන විට සුවදායි අතට හැරෙමින් පවතින බවයි නවතම ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.



හිටපු ඉන්දීය සංගීත අධ්‍යක්ෂකවරයකු වන රෝෂන් ලාල් නාග්‍රාත්ගේ එකම පුත්‍රයා වන ඔහු වර්තමාන බොලිවුඩයේ සුපිරි නළු රිතික් රෝෂන්ගේ පියාණන් වීමද විශේෂත්වයකි. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරින් “Karan arjun”, Kaho Naa Pyaar Hai, Koi... mil gaya සහ Krrish චිත්‍රපට පෙළට ඉන්දීය සිනමාව තුළ හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.
 
සොනාලි බෙන්ඩේ්‍ර
 
නිරූපණ ක්ෂේත්‍රය තුළින් විවිධ බාධක ජය ගනිමින් සිනමාවට පැමිණ බොලිවුඩ් රිදී තිරය සැරසූ නිළියක් වන “සොනාලි බෙන්ඩේ්‍ර” උදරය ආශි්‍රත පිළිකා තත්ත්වයකින් පෙළෙන බව සොයාගෙන තිබුණේ 2018 වර්ෂයේ ජූලි මාසයේදීය. ඒ අනුව පසුගිය වසරේදී වැඩිදුර ප්‍රතිකාර සඳහා එක්සත් ජනපදය වෙත ගොස් පැමිණි ඇය, මේ වන විට තම රෝගී තත්ත්වයට අභියෝග කරමින් යළි තම සුපුරුදු ජීවිතයට හැඩගැසෙමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.



ඒ අනුව වර්තමානයේ ගෝලීය වශයෙන් මුහුණ දී ඇති කොරෝනා වයිරස ව්‍යාප්ති තත්ත්වයන්ටද මුහුණ දීමට අවශ්‍ය සුබවාදී ආකල්ප තම සමාජ මාධ්‍යයන් ඔස්සේ සමාජගත කරමින් සිටින ඇය විවිධ රෝගාබාධයන්ගෙන් පීඩා විඳින ඉන්දීය මිනිසුන්ට කදිම අභිප්‍රේරණයක් වී අවසන්. Bhai (1997), Sarfarosh (1999), Jis Desh mein Ganga Rehta Hain (2000) සහ Anahat (2003) වැනි චිත්‍රපට ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට අතර ප්‍රධාන තැනක් ගනි.
 
මනීෂා කොයිරාල
 
90 දශකයේ මුල් භාගයේ සිට 2000 මුල් භාගය දක්වා බොලිවුඩ්, කොලිවුඩ් රිදී තිරයට පැමිණි Bombay (1999), Gupt: The Hidden Truth (1997), Ek Chhotisi Love Story (2000) සහ Akele Hum Akele Tum වැනි චිත්‍රපට මෙන්ම ඉන්දීය ජනතා ආකර්ෂණයට පාත්‍ර වූ ටෙලිකතා මාලාවන් ඔස්සේද බොලිවුඩ්, කොලිවුඩ් සුවහසක් සිනමා ලෝලීන්ගේ නොමද ආදරය දිනාගත් නේපාල සම්භවයක් සහිත සුරූපී නිළියක් ලෙස මනීෂා කොයිරාලට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයක්.



පසුගිය 2012 වර්ෂයේදී ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකා රෝගී තත්ත්වයක අසීරුතම අවස්ථාවට පත්වීමට ඇයට සිදුවනවා. කෙසේ නමුත් එම පිළිකාවට එරෙහි දැඩි සටනකින් අනතුරුව, වසර පහක දිගු විවේකයකින් පසුව යළි රංගනයට ප්‍රවිෂ්ට වන මනීෂා කොයිරාල පෙරටත් වඩා විශිෂ්ට ලෙස සිය රංගනය 2017 වසරේ නිෂ්පාදිත Dear Maya චිත්‍රපටයටත්, Netflix නිෂ්පාදනයක් වන “sanju” නම් ස්වයංචරිතාපදාන චිත්‍රපටයටත් ලබා දෙනවා. ඒ අනුව පිළිකාවට එරෙහිව සාර්ථකව සටන් වදින බොලිවුඩ් තරු ගොන්න අතර ඉදිරියෙන්ම සිටින රංගන ශිල්පිනියක වන මනීෂා කොයිරාල පිළිකාව සම්බන්ධයෙන් තමන් ලියූ “How Cancer gave mee a new Life” පොත පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කර තිබුණේ,
 
“තමන් තමාගේ සෞඛ්‍ය සහ ජීවිතය නොසලකා හරිමින් ජීවත් වූවෙක් බවත්, එය පෙන්වා දීමට ගුරුවරයකු වේශයෙන් පිළිකාව තමන් වෙත පැමිණ ඇති බවත්, ඒ තුළින් ඇය නව ජීවයක් ලැබූ බවත්ය.”
 
අනුරාග් බාෂු
 
ඉන්දීය සිනමාව තුළ මෙන්ම ටෙලිවිෂනය තුළත් අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක්, තිරරචකයකු සහ රංගන ශිල්පියකු ලෙසද ප්‍රචලිත අනුරාග් බාෂු පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බව මුල්වරට හඳුනා ගන්නේ 2004 වර්ෂයේදීය.



ඔහු මෙලෙස රුධිරය ආශ්‍රිත පිළිකා තත්ත්වයකින් පීඩා විඳින බවයි වාර්තා වුණේ. කෙසේ නමුත් ප්‍රතිකාරවලින් අනතුරුව යළි කරළියට පැමිණෙන ඔහු 2006 වසරේදී අධ්‍යක්ෂණය කළ Gangster චිත්‍රපටයේ සිට Kites, Barfi, Jagga jasoos දක්වා අපූර්ව නිර්මාණ පෙළක් බොලිවුඩ් සිනමා ලෝලීන් ඉදිරියට ගෙන ඒමට සමත් වනවා. එයින්ද නොනැවතුණු ඔහු අභිෂේක් බච්චන් සහ රාජ් කුමාර් රාඕගේ ප්‍රධාන රංගනයෙන් හැඩවුණු Ludo නම් සිය නවතම සිනමා නිර්මාණය ද මෙම වසරේදී තිරගත කිරීමට සූදානමිනුයි පසු වන්නේ.

(උපුටා ගැනුම - මව්බිම පුවත්පත)
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top