Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
"දොස්තර මහත්තයට දරුවා ලැබෙනකොට බිරිඳ ළඟ ඉන්න බැරිවුණා. අදටත් ගෙදර ගියාට දරුවා ළඟට යන්නේ නැහැ. ඈත ඉඳලා බලලා එනවා.." - මරණය අත තියාගෙන කොරෝනා මරන්න වෙහෙසන, IDH රෝහලේ දෙවිවරුන් ගැන ඔබ නොදන්න කතාවක් - Photos

- "දොස්තර මහත්තයට දරුවා ලැබෙනකොට බිරිඳ ළඟ ඉන්න බැරිවුණා. අදටත් ගෙදර ගියාට දරුවා ළඟට යන්නේ නැහැ. ඈත ඉඳලා බලලා එනවා.." - මරණය අත තියාගෙන කොරෝනා මරන්න වෙහෙසන, IDH රෝහලේ දෙවිවරුන් ගැන ඔබ නොදන්න කතාවක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,190 Views
ඔවුන් හැම වෙලාවෙම හිතුවේ ඔවුන් මිය යාවි කියලා.
 
සමහරු තමන්ගේ අයට ලබාදෙන අන්තිම පණිවුඩය පවා අපට කිව්වා.
 
ඔවුන් මිය ගියාම පවුලට වෙන දේ පවා හැඬූ කඳුළින් කියන්න වුණා.
 
දිනෙන් දින මෙරට කොරෝනා රෝගී සංඛ්‍යාව ඉහළ යන විට අපේ රටේ වසංගත රෝග ඒකකයට අයත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට නිවාඩු ලැබුණේ නැත.

ඔවුන් තමන්ගේ රාජකාරිය දේවකාරියක් සේ සලකා වගකීමෙන් යුතුව සේවය කළේය. විටෙක ඔවුන්ගේ ජීවිත අවිවේකී බවින් පිරී ඉතිරී තිබිණි.
 
මේ තත්ත්වය වඩාත් හොඳින් දකින්නට ලැබුණේ අයි.ඩී.එච්. රෝහල් පරිශ්‍රය තුළ සේවය කරන කාර්ය මණ්ඩල සාමාජිකයන් තුළින්ය. ඔවුන්ට පැය අටේ සේවයක් තිබුණේ නැත. නිදහසේ ගමනක් බිමනක් යෑමට අවකාශ ලැබී තිබුණේද නැත. එය සැබවින්ම අමතක නොකළ යුතු අගය කළ යුතු අගනා කතාවකි.
 
“මුලදී මේ රෝගය ගැන අපට කිසිම වැටහීමක් තිබුණේ නැහැ. බෙහෙතක් නැති ශීඝ්‍රයෙන් බෝවෙන, ඉක්මනින් මිය යන රෝගයක් ලෙස ප්‍රචලිත වී තිබුණු තත්ත්වයත් එක්ක භීෂණයක් මැවී තිබුණා.”
 
“එවැනි තත්ත්වයකදී තමයි අපේ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා මේ වගකීම කරට ගත්තේ. ඊළඟට අධ්‍යක්ෂතුමාගේ මඟ පෙන්වීමෙන් විශේෂඥ වෛද්‍යවරු ඇතුළු සියලු වෛද්‍යවරුන් වගේම රෝහලේ කාර්ය මණ්ඩලය මේ රෝගීන්ට ප්‍රතිකාර කරන්න පෙරමුණ ගත්තේ තමන්ගේ ජීවිත ගැන පවා නොසිතමින්. හැබැයි ලොකු විශ්වාසයකින් හා උනන්දුවකින්.”
 
මෙසේ කියමින් අප සමඟ එකතු වුණේ අයි.ඩී.එච්. රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය චින්තා සූරියආරච්චි මහත්මියයි.
 
කණ්ඩායමක් ලෙස පෙරමුණ ගත් වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සියලු සාමාජික සාමාජිකාවන් ඊළඟට කළේ තම නිවෙස්වලට කතා කොට රෝහල් පරිශ්‍රයේ නතරවීමට අවසර ගැනීමය.
 
අපේ රෝහලේ සේවය කරන්නේ හුඟාක් දුර බැහැර ප්‍රදේශවල ජිවත්වන අය. ඉතිං අයි.ඩී.එච්. රෝහලේ සේවය කරලා නිවාඩු ලබාගෙන ගෙදර යනවා නම් අනිවාර්යයෙන්ම ඒ පළාතට ගිහින් නිරෝධායනය විය යුතුයි.
 
“ඇත්තටම මේක තේරුමක් නැති වැඩක් කියලා ඔවුන්ට තේරුණා. මොකද නිවාඩු ලබා ගියාට ගෙදර අය එක්ක වැඩි දවසක් ඉන්න බැහැ.”
 
“ඉතින් මේ නිසා ඔවුන් රෝහලේම නවතින්න තීරණය කළා.”
 
කොරෝනා වසංගතය ශීඝ්‍රයෙන් පැතිරී යද්දී අයි.ඩී.එච්. රෝහලේ සේවය කිරීම යනු භීෂණය ගෙන දෙන කරුණකි. මෙරට සාමාන්‍ය ජනතාවගේ හදවත් සැකයෙන් බියෙන් ඔත්පළ වී තිබුණේ එහෙමය. මේ සියලු කරුණු කාරණා තේරුම් ගත් රෝහල් කාර්ය මණ්ඩලය එහිම නැවතී තම රාජකාරිය කළේ හදවතින්මය.
 
ඔවුන් කෑවේ බීවේ රෝහලේම උයන පියන කෑම බීමය. නිදාගත්තේ එම නිවෙස්නයේ ඇති සාමාන්‍ය ඇඳ මෙට්ටවලය. අවිවේකී ජීවිතයක් ගත කළ ඔවුන් බොහෝ විට විවේකයක් ලැබුණු මොහොතක කළේ ගීතයක් ගායනා කරමින් සතුටු සාමීචියේ යෙදීමය.
 
“මුල් කාලයේදී අපේ ‍ෙදාස්තර මහත්තයෙක්් තාත්තා කෙනෙක් වුණා. ඒ ‍ෙදාස්තර මහත්තයට දරුවා ලැබෙනකොට බිරිය ළඟ ඉන්න බැරි වුණා. අදටත් ඔහු ගෙදර ගියාට දරුවා ළඟට යන්නේ නැහැ. අෑත ඉඳලා බලලා එනවා” නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය එසේ කීවේ මේ කාර්ය මණ්ඩලය කරන කැපවීම ගැන සඳහන් කරමිනි.
 
“මේ රෝහලට පළමු කොරෝනා රෝගියා ආපු දවසේ ඉඳලා අපේ රෝහල් කැන්ටිම පවා වසා දමලා ඔවුන් ගියා. ඇඳිරි නීතිය පැනවුණාම නගරයේ සියලු කඩ වැහුණා. අන්තිමට අධ්‍යක්ෂතුමා ඇතුළු අපි හැමෝම එකතුවෙලා අපේ කෑම බීම හදාගන්න විදිහ සැලසුම් කළා.”
 
“මේ කාලයේදී අපට හුඟක් වියළි ආහාර ආධාර ලෙස ලැබුණා. රජයෙනුත් මුදල් ලැබුණා. අන්තිමට අපි රෝගීන්ටත් හොඳ ආහාර වේලක් ලබාදුන්නා. ඒක ක්‍රමානුකූලව සකස් කළ ආහාර වේලක්.”
 
මේ කාලසීමාවේදී විශේෂඥ වෛද්‍යවරුන් ලෙස වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, වෛද්‍ය එරංග නාරංගොඩ, වෛද්‍ය දමයන්ති ඉඩම්පිටිය මෙන්ම වෛද්‍ය මර්නා කබ්රාල් මහත්මිය ඇතුළු තවත් වෛද්‍යවරුන් කිහිපපොළක් බොහෝ කාලයක් රෝහලේ නැවතී සේවය කළ බව පෙනුණි.
 
අප මේ නිසාම විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතා සම්බන්ධ කර ගත්තේ ඒ කාල වකවානුව ගැන ඔහු දක්වන අදහස් සටහන් කිරීමටය.
 
“ඇත්තටම මේ රෝගය ප්‍රචලිත වෙද්දී අපිටත් ලොකු, ලොකු ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා. ලෝකයටම අලුත් වයිරස රෝගයක්. බෙහෙතක් නැහැ. ඊළඟට එහි ඇති මාරාන්තික තත්ත්වය.”
 
“මේ දේවල් අවබෝධ කරගත් අපි මුලින්ම කළේ අපේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි ආරක්ෂක විධි විධාන අනුගමනය කිරීමයි. ඒ දේවල් හඳුනාගෙන අපි රෝගීන් ළඟට කිට්ටු වුණා.”
 
වෛද්‍ය එරංග නාරංගොඩ මහතා සඳහන් කරන ආකාරයට ඔවුන්ට කොරෝනා රෝගීන්ගේ ජීවිත බේරාගැනීමේ සටන ක්‍රියාත්මක කරන්නට සිදුවූයේ මානුෂික ප්‍රතිකාරත් කරන ගමන්ය.
 
“මේ හැම රෝගියෙක්ම රෝහලට ඇවිත් හිටියේ ලොකු බියකින්. ඔවුන් හැම වෙලාවෙම හිතුවේ ඔවුන් මිය යාවි කියලා. සමහරු තමන්ගේ අයට ලබාදෙන අන්තිම පණිවුඩය පවා අපට කිව්වා. ඔවුන් මිය ගියාම පවුල වෙන දේ පවා හැඬූ කඳුළින් කියන්න වුණා.”
 
“ඇත්තටම කිව්වොත් රෝගීන් ළඟට ගියාට අපි වැඩිවෙලාවක් ගත කළේ ඒවා අහන්න. ඊළඟට ඔවුන්ගේ බිය නැති වෙන විධියට කතා කරලා හිත හදන්න.”
 
මේ රෝගීන් වෙත යන සියලු වෛද්‍යවරුන් හා හෙද හෙදියන් මුලින් කළ යුත්තේ ආරක්ෂිත ඇඳුම්වලින් සන්නද්ධවීමය. කොරෝනා වසංගය වෙනුවෙන්ම සකස් කළ මේ ආරක්ෂිත ඇඳුම සුළු පටු ඇඳුමක් නොවේ. පිජාමා ඇඳුමට උඩින් ඇඳ ගන්නා මේ විශේෂිත ඇඳුම බොහෝ වේලාවක් දරා සිටීම අසීරුය.
 
“ඒකට හුඟක් දාහඩිය දමනවා. ඒත් රෝගීන් ළඟට ගියාම අපට ඉක්මනින් එන්නත් බැහැ.”
 
මේ විදිහට මුල් කාලේ අපි හුඟක් ඒ රෝගීන් එක්ක කාලය ගත කළා. විශේෂයෙන්ම චීන කාන්තාව අපේ රෝහලට එද්දී ඇය සිටියේ හුඟක් බියට පත්වෙලා. විටෙක අඬනවා. තවත් වෙලාවක කල්පනා කරනවා. දුරකථනය අතේ තියාගෙන බියෙන් කතා කරනවා.”
 
“අපි ඇයගේ හිත හැදුවා. වෙනසක් නොකර ඇයට ළංවෙලා හිතවත් වුණා.” ඇය රෝහලින් පිටවී ගියාට පසු තවත් සති කිහිපයකින් තමයි අපේ රටේ කොරෝනා වසංගතය යළිත් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ. ඇත්තටම ඒ කාලය හරිම සංකීර්ණ කාල පරිච්ඡේදයක්.
 
මේ කාලයේදී කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටුවලට යන වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සියලු දෙනා එම වාට්ටුවලින් එළියට ආ විගස ආරක්ෂිත ඇඳුම් ගලවා බඳුනකට දැමිය යුතුයි. ඊළඟට ජීවානුහරණය විය යුතුයි. සාමාන්‍ය වෛද්‍ය වෘත්තියේදී නොදකින අසාමාන්‍ය පිළිවෙතක් බැලූ බැල්මටම එහිදී පෙනෙන්නට තිබිණි.
 
‘ඇත්තටම ඒක අපහසුයි. ඒත් කළ යුතුම දෙයක් නිසා ඒ විදිහට අපි පුරුදු වුණා. කිසිම වෙලාවක අපි සාමාන්‍ය ජීවිතයේදී අඳින කලිසම් - ෂර්ට් ඇන්දේ නැහැ. පිජාමා එක ඇඳගෙන තමයි බොහෝ වෙලාවට කාලය ගත කළේ.’ විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතාද එක් දරු පියෙකි. මේ කාලය පුරාවට ඔහු දරුවා සමඟ ඇසුරු කළේ දුරස්ථවය.
 
‘මගේ බිරියත් වෛද්‍යවරියක්. ඇය ඒ නිසාම මේ තත්ත්වය අවබෝධ කරගෙන හිටියා. දැන් නම් මම සති අන්තයේ ගෙදර යනවා. ඒත් දරුවා ළඟට යන්නේ නැහැ. දුර ඉඳලා දරුවාට ආදරය කරනවා. ඒ වගේම මගේ ගෙදර හිටපු අම්මා, තාත්තා දෙන්නවත් සහෝදරියක් ළඟට යැව්වා. මොකද මේ රෝගයෙන් වැඩිපුර බලපෑම් තිබෙන්නේ වයස්ගත අයටනේ. ඇත්තට මම විතරක් නෙමෙයි අපේ කාර්ය මණ්ඩලයේ හුඟ දෙනෙක් මේ විදිහේ කැපවීම් කරනවා.’
 
ඉඳහිට ගෙදර ගියත්, මේ කාර්ය මණ්ඩලයේ බොහෝ අයට ගෙදරින් පිට අය ඇසුරු කිරීමට හෝ හිත මිතුරුකම් පවත්වන්නට හැකි සමාජ පසුබිමක් තවමත් නිර්මාණය වී නැහැ. ඒ කොරෝනා රෝගයට ඇති බිය අපේ සමාජයෙන් තවමත් පහව ගොස් නැති වටපිටාවකය.
 
‘අපි පරිස්සම් වෙනවා නම් කොරෝනා රෝගියෙක් ළඟ හිටියත් ඒ රෝගය බෝ වෙන්නේ නැහැ. හැබැයි ඒ උපදෙස් හොඳින්ම පිළිපදින්න ඕන. අනික රෝගයේ මූලික ලක්ෂණ හඳුනා ගත්තොත් සනීප කරන්න පුළුවන්.'
 
මේ සටහන කියවන ඔබට අයි.ඩී.එච්. රෝහලේ කාර්ය මණ්ඩලය ගැන ගෞරවයක් හා ආදරයක් ඇතිවීම ස්වාභාවිකය. ඔවුන් සැබැවින්ම දෙවිවරුය. රැකියාවට එහා ගිය ආත්මීය කැපවීමක් ඔවුන් මේ වසංගතය වෙනුවෙන් කරනා බව මේ තුළින් පෙනී යයි.
 
‘දැන් අපි කාල සටහනකට අනුව මේ කාර්ය මණ්ඩලයේ අයට ගෙවල් ‍ෙදාරවල්වලට යන්න දෙනවා. හැබැයි සමහර අයට ගිහින් නවතින්න බැහැ. මොකද ගම්වලට ගියාම අනිවාර්යයෙන්ම නිරෝධායනය විය යුතු නිසා’
 
‘මේ නිසාම ඔවුන් කාලෙකින් බලන්න බැරි වුණු අම්මා, තාත්තා, ස්වාමිපුරුෂයා, බිරින්දෑවරුන්ව, දරුවන්ව බලන්න තෑගි බෝග අරන් ගම්වලට යනවා. ගිහින් ආපහු එනවා. ඇත්තටම මේක පුදුම කැපවීමක්. මේ රෝගීන්ගේ ජීවිත බේරා ගන්න ඔවුන් ලොකු දායකත්වයක් ලබා දෙනවා. ඒක රට වෙනුවෙන් කරන දෙයක්. අහිංසක රෝගී ජනතාව වෙනුවෙන් හිතට එකඟව ලබා දෙන සේවයක්.’ යළිත් වතාවක් මෙසේ කීවේ අයි. ඩී. එච්. රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරියයි. ‘මේ රෝගයට අපි මුහුණ දෙන්නේ කොහොමද කියලා මුලදී දැනුමක් තේරුමක් අපට තිබුණේ නැති වුණත් දැන් අපි ඒකට මුහුණ දෙනවා. අපේ රෝහලේ අධ්‍යක්‍ෂතුමා ඊට හොඳ සැලැස්මක් හදා තිබෙනවා. මෙහාට එන රෝගීන්ට කෑමබීම විතරක් නෙමෙයි හොඳ මානසික සුවයක් අපි ලබා දෙනවා. අපි ලබාදෙන ප්‍රතිජීවක ඔෟෂධ හා මැලේරියාවට ලබා දුන් ඔෟෂධවලින් පවා රෝගීන් සුව වෙන බව පෙනෙනවා. ඒකනේ අපේ රටේ මෙතරම් කොරෝනා මරණ අඩුවී තිබෙන්නේ.’ වෛද්‍ය චින්තා සූරියආරච්චි මහත්මිය අවසන් වශයෙන් කීවාය.
 
කොරෝනා රෝගීන් වෙනුවෙන් තම පෞද්ගලිකත්වය පවා අමතක කළ අයි.ඩී.එච්. රෝහල් කාර්ය මණ්ඩලය බොහෝ විට කාලය ගත කළේ ඒකාකාරී ජීවිතයකි. මේ තත්ත්වය තේරුම් ගත් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා ඇතුළු කණ්ඩායම බොහෝ විට මානසික උත්තේජනය උසස් කිරීමේ අරමුණින් විවිධ උත්සව හා පින්කම් සංවිධානය කළේය. ඒ අනුව පිරිත් පින්කම්, ධර්ම දේශනා මෙන්ම සංගීතය මුසු වූ වැඩසටහන් විටින්විට සංවිධානය විය. එහිදී කැපී පෙනෙන උත්සවය ලෙස පෙනුණේ සිංහල අලුත් අවුරුදු උත්සවයයි. එහිදී කොරෝනා රෝගීන් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරමින් ගීත ගායනා කරමින් උත්සවාකාරයෙන් එය සැමරීය.
 
අයි. ඩී. එච්. රෝහලේ කාර්ය මණ්ඩල මේ ආකාරයට හෘදයාංගම පැසසුම් මැද තම සේවය ලබාදුන්නේ කණ්ඩායමක් හැටියට හොඳින් සංවිධානය වෙමින්ය. සියලු අභියෝග පරාජය කරමින් අපේක්ෂිත ඉලක්ක කරා ඔවුන් යන්නේ එකමුතුකමේ ප්‍රතිඵල භුක්ති විඳිමිනි.
 
සමන් ප්‍රියංකර නම්මුනිගේ
උපුටා ගැනීම - මව්බිම පුවත්පත


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top