Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
22
තරුණියකගේ ජීවිතය බේරගන්න ගිහින් කොත්මලේ ජලාශයට බිලි වූ රිස්වාන්ගේ දේහය, දහසකුත් දෙනාගේ සෝ සුසුම් මැද නිවසට රැගෙන ආ හැටි - Video

- තරුණියකගේ ජීවිතය බේරගන්න ගිහින් කොත්මලේ ජලාශයට බිලි වූ රිස්වාන්ගේ දේහය, දහසකුත් දෙනාගේ සෝ සුසුම් මැද නිවසට රැගෙන ආ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,925 Views
දිවි නසා ගැනීමට තැත්කළ තරුණියක් බේරා ගැනීමට යාමේදී දියේ ගිලී මියගිය ලිඳුල ප්‍රදේශයේ පදිංචි හමීඩ් රිස්වාන් නම් දෙදරු පියාගේ දේහය අද සිය නිවස වෙත රැගෙන ආවා.
 
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට උදෑසන සිදුකිරීමට නියමිතයි.
 
ඉහළ කොත්මලේ ජලාශට පැන සියදිවි හානිකර ගැනීමට තැත්කළ තරුණියක් බේරා ගැනිම සඳහා නොපැකිලිව ඉදිරිපත්වූ හමීඩ් රිස්වාන්ට අවසානයේ ඊයේ සිදුවූයේ සිය ජීවිතය පූජා කිරීමටයි.

ඒ අනුව, මෙම වීර දෙදරුපියාට මෙරට සමාජයෙන් හිමිවූයේ ඉහළ ගෞරවයක්.
 
මියගිය රිස්වාන්ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඔහු පදිංචිව සිටි ලිඳුල ෆාමස්ටන් කොලනියේ රත්නගිරි ජනපදයේ පිහිටි නිවසට අද රැගෙන ආවා.
 
මියගිය තම සහෘදයා දැකගැනීම වෙනුවෙන් ප්‍රදේශවාසීන් එක්ව සිටියා. ඊට ජාති ආගම් භේදයක් තිබුණේ නැහැ.
 
දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටි තලවාකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසද මියගිය රිස්වාන්ට ආචාර පුදකළා.
 
ජීවිතයක් බේරා ගැනීමට ගොස් තම ජීවිතයෙන් වන්දි ගෙවූ මෙම දෙදරු පියා හෙට අවසන් ගමන් යන්නේ ජාති ආගම් භේද ඉක්මවා ගිය මිනිසත්කම පිළිබඳ උතුම් පණිවිඩයක් සමාජයට ලබාදෙමින්.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top