Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
22
වෙළඳපොලේ සහල් හිඟවීමට ඇත්තම හේතුව මොකද්ද ? - Video

- වෙළඳපොලේ සහල් හිඟවීමට ඇත්තම හේතුව මොකද්ද ? - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,335 Views
වෙළඳ පොළේ සහල් හිගයක් පවතින බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.
 
මෙම සහල් හිඟය කෘත්‍රිමව නිර්මාණය කළ එකක්ද ?
 
මෙම සහල් හිඟයට සැබෑ හේතුව කුමක්ද ?
 

සහල් හිගයක් පිළිබඳ මෑතකදී මුලින්ම කතාබහට ලක්වුයේ කොවිඩ් 19 වෛරසය රට තුළ ව්‍යාප්තවිමත් සමග වෙළඳුන් විසින් අත්‍යවශය ආහාර ද්‍රව්‍ය වල මිල වැඩි කිරිමට පියවර ගැනිමත් සමඟයි.
 
ඒ හේතුවෙන් සහල් සඳහා පාලන මිලක් නියමකරමින් ගැසට් පත්‍රයක් නිකුත් කල අතර ඒ පිළිබඳ පසුගිය අප්‍රේල් 08වනදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී දිර්ඝ ලෙස සාකාච්ජා කෙරුණා.
 
ඒ අනුව පසුගිය අප්‍රේල් 10වනදා ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ නැවත දැනුම් දෙන තුරු සියලුම වීමෝල් හිමියන්ගේ සේවාවන් කෝවිඩ් 19 නිරෝධායන අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි.
 
කෙසේ වෙතත් මේ දිනවල නැවත වතාවක් වෙළදපොලේ සහල් හිගයක් පවතින බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.
 
ඔවුන් පවසන්නේ වෙළෙදුන් විසින් සහල් අලෙවි කරන්නේද පාලන මිලට වඩා අධික මිල ගණන් යටතේ බවයි.
 
එලෙස පාලන මිල නොතකමින් සහල් අලෙවි කරන්නේදැයි සොයා බැලිමට පරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ නිලධාරින් අද වැටලිම් සිදු කලා.
 
එහිදි කොළඹ කොටුව ප්‍රදේශයේ සහල් වෙළද සැලකට වැඩි මිලගණන් යටතේ සහල් ලබා දෙන වී මෝල් හිමියෙකු පරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියෙ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
 
මේ අතර රට තුළ සහල් හිඟයක් ඇතිවීම වැලැක්විම සඳහා තමන් සතු වී සහ සහල් තොඟ නොපමාව වෙළඳපොලට නිකුත් කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ව්‍යාපාරිකයින්ගේන් ඉල්ලා සිටිනවා.
 
කෙසේ වෙතත් සහල් මෝල් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ සහල් සඳහා පැවති සහතික මිල එලෙසම ක්‍රියාත්මක කරන ලෙසයි.
 
කෙසේ වෙතත් මෙම තත්ත්වය රට තුළ සහල් හිගයක් කෘත්‍රිමව නිර්මානය කිරිමට ගන්නා උත්සහයක් බවටද සැක මතුවනවා.
 
අප මේ පිළිබඳව ආරක්ෂ ලේකම් කමල් ගුණරත්න මහතාගෙන් විමසුවා.
 
මේ අතර අද සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ආනයනික ආහාර ද්‍රව්‍ය රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර සිටියා.
 
ඒ අනුව අර්තාපල් හා රතුළුෑණු කිලෝග්‍රෑමයක් සඳහා පැවති රුපියල් 25ක බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ යනවා.
 
සුදු ළුෑණූ කිලෝග්‍රෑමයකට රුපියල් 50ක බද්දක් පනවා තිබෙන අතර මීට පෙර එම බදු මුදල වූයේ රුපියල් 40 ක්.
 
එමෙන්ම රතු පරිප්පු කිලෝග්‍රෑමයකට රුපියල් 10ක බද්දක් පනවා තිබෙන්නේ පෙර තිබු රුපියල් 7ක බදු මුදලට රුපියල් 3ක් එක් කරමින්.
 
කිලෝග්‍රෑමයකට රුපියල් 50ක බද්දක් පනවා තිබු සැමන් කිලෝග්‍රෑමයක නව බදු මුදල රුපියල් 100ක් දක්වා ඉහළ යනවා.
 
මේද ධාරිතාවය 80‍%ක්වන මාගරින් කිලෝග්‍රෑමයක් සඳහා මීට පෙර පැවති රුපියල් 215ක් වූ බද්ද ඉහළ දමා ඇත්තේ රුපියල් 650ක් ලෙසයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top