Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
22
හෙට රාත්‍රී අටේ සිට ලබන අඟහරුවාදා අළුයම දක්වා රටටම ඇඳිරි නීතිය - ඇඳිරි නීතිය ගැන ජනපති මාධ්‍ය අංශයේ නවතම නිවේදනය - Video

- හෙට රාත්‍රී අටේ සිට ලබන අඟහරුවාදා අළුයම දක්වා රටටම ඇඳිරි නීතිය - ඇඳිරි නීතිය ගැන ජනපති මාධ්‍ය අංශයේ නවතම නිවේදනය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,488 Views
ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ හෙටත්...
 
කාය වර්ධන මධ්‍යස්ථාන යළි ආරම්භ කිරීම ගැන කියූ දේ...?
 
හෙට රාත්‍රී 8 සිට මැයි 26 වැනි අඟහරුවාදා අලුයම 5 දක්වා මුළු දිවයිනටම ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේනය කරනවා.

කෙසේ වෙතත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ හෙට දිනයේත් ක්‍රියාත්මක අතර, ලබන අඟහරුවාදා පටන් එම වැඩපිළිවෙළ යළි ක්‍රියාත්මකයි.
 
මැයි 24 වැනි ඉරිදා සහ 25 වැනි සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරිනිතිය ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
 
ලබන සඳුදා රාමසාන් උත්සව දිනය බැවින් රජයේ නිවාඩු දිනයක් වනවා.
 
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා නැවත දැනුම්දෙනතුරු ඇඳිරිනීතිය ක්‍රියාත්මක අතර, සෙසු දිස්ත්‍රික්ක සඳහා හෙට රාත්‍රී 8ට පැනවෙන ඇඳිරිනීතිය යළි ඉවත් කෙරෙන්නේ 26 වැනි අඟහරුවාදා අලුයම 5ටයි.
 
එම දිස්ත්‍රික්ක 23 සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ අයුරින්ම අඟහරුවාදා දිනයේ සිට නැවත දැනුම්දෙනතුරු රාත්‍රි 8 සිට අලුයම 5 දක්වා ඇඳිරිනීතිය බල පැවැත්වෙනවා.
 
මේ අතර, ජන ජීවිතය යථාවත් කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව රට පුරා කාය වර්ධන මධ්‍යස්ථාන යළි ආරම්භ කිරීමට නියමිත බවට පලවන වාර්තා සම්බන්ධයෙන් හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනේදී ප්‍රශ්න කෙරුණා.
 
ඒ අනුව, සිය ගම්බිම් බලා යාමට නොහැකිව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රැඳී සිටි තවත් පිරිසක් මෙලෙස ගම්බිම් බලා පිටත්කර හැරුණා.
 
කෙසේ වෙතත් සිය ගම්බිම් බලා පිටත්ව යාම සඳහා පිළියන්දලට පැමිණි පිරිසකට අද එම අවස්ථාව හිමි නොවීමෙන් දුෂ්කරතාවට පත්වූ සිද්ධියක්ද වාර්තා වුණා.
 
මේ අතර, ආර්ථික පුනර්ජීව හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වූ අවස්ථාවේදි රජයට අයත් භාවිතයට නොගැණුනු ඌන උපයෝජිත ඉඩම් වගා කටයුතු සඳහා සහ සත්ත්ව පාලන කටයුතු සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.
 
අඩු ආදායම්ලාභී පවුල් දසලක්ෂයකගේ පමණ ආදායම් ඉහළ නැංවීම ඉලක්ක කරගත යුතු බවයි කාර්ය සාධක බලකා සභාපති බැසිල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේ.
 
මේ අතර මැයි 30 සහ ජූනි 13 යන සෙනසුරාදා දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය රැස්වීමට තීරණය කර ඇතැයි එහි ලේඛකාධිකාරී ප්‍රදීප් මුතුගල මහතා පවසනවා.
 
ඇඳිරිනීතිය සමයේ කැඳවීමට නියමිතව තිබූ නඩු කැඳවීම සඳහා දින නියම කරගැනීමට මෙලෙස රැස්වීමට නියමිත අතර විවේක දිනයක්වන සෙනසුරාදා දිනයකදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස රැස්වන්නේ මෙරට ඉතිහාසයේ ප්‍රථමවරටයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top