Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
22
"සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ අරගෙන බිරිඳට ගිහින් දීලා, කිංස්බරි බෝම්බකරු සහරාන්ගේ රියදුරාලූ.." - රටක් කම්පා කළ පාස්කු ප්‍රහාරය ගැන, ජනපති කොමිසමේදී තවත් කරුණු රැසක් එළියට - Video

- "සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ අරගෙන බිරිඳට ගිහින් දීලා, කිංස්බරි බෝම්බකරු සහරාන්ගේ රියදුරාලූ.." - රටක් කම්පා කළ පාස්කු ප්‍රහාරය ගැන, ජනපති කොමිසමේදී තවත් කරුණු රැසක් එළියට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,123 Views
පාස්කු ප්‍රහාරයට යොදාගෙන ඇත්තේ මෙරට නිෂ්පාදනය කළ බෝම්බ....
 
බිරිඳ අයේෂා සිද්ධිකා වන බවත් අවුරුදු 6ට අඩු දියණියගේ නම හබීබා අසාමි..
 
20 වැනි දින රාත්‍රියේ බෝම්බකරු පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආවා..
 
පාස්කු ප්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ මෙරට නිෂ්පාදනය කළ බෝම්බ බව එම ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ හෙළි වුණා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජී.වයි.ස්වරණකීර්තිසිංහ අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදීයි.
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ කිංස්බරි හෝටලයේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු භාරව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජී.වයි.ස්වරණකීර්තිසිංහ මහතායි.
 
අදාළ බෝම්බ ප්‍රහාරය පිළිබඳ තමන් දැනුවත් වූයේ එදින උදැසන සමාජ මාධ්‍යවලින් බවත් එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ උපදෙස් මත අපරාධය සිදුවූ ස්ථානයට ගිය බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ පවසා සිටියා.
 
මේ වනවිට කිංස්බරි හෝටලය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු අවසන්දැයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසූ අවස්ථාවේ ඔහු පවසා සිටියේ තවමත් පරීක්ෂණ කටයුතු සිදුවන බවයි.
 
බෝම්බකරුට කිංස්බරි හෝටලයේ කාමරයක් වෙන් කරවා ගැනීමට පසුගිය වසරේ අප්‍රේල් 17 වැනිදා පුද්ගලයෙකු පැමිණි බවට තොරතුරු අනාවරණ වී ඇති බවත් එම පුද්ගලයා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බය පුපුරුවා ගත් බෝම්බකරු බවට හඳුනාගෙන ඇති බවත් සාක්ෂිකරු වැඩිදුරටත් පවසා සිටියා.
 
කිංස්බරි බෝම්බකරු 20 වැනිදා පස්වරුවේ පැමිණ 8 වැනි මහළේ 819 වැනි කාමරයේ නවාතැන් ගත් ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශනද සාක්ෂිකරු කොමිසම හමුවේ ඉදිරිපත් කළා.
 
කොමිසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියාගෙන් විමසා සිටියේ බෝම්බකරු පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආවේ කෙදිනද යන්නයි.
 
සාක්ෂිකරු එහිදී පවසා සිටියේ 20 වැනි දින රාත්‍රියේ බෝම්බකරු පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට ආරක්ෂිත කැමරා දර්ශනද සාක්ෂි දරන බවයි.
 
ඔහු එදින රාත්‍රියේ හෝටලයෙන් පිටත්වී කොළොන්නව ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ මිලදීගෙන කොළොන්නාව ප්‍රදේශයේ පිහිටි කුලී නිවසක ජීවත්වූ සිය බිරිඳට සහ දරුවාට ඒවා භාර දී පැමිණ ඇති බවයි කොමිසම හමුවේ සාක්ෂිකරු හෙළි කළේ.‍
 
අදාළ බෝම්බකරුගේ බිරිඳගේ සහ දරුවාගේ තොරතුරු ඔහු සන්තකයේ ඇත්ද යන්න කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටි අවස්ථවේ ඔහු පැවසුවේ බිරිඳ අයේෂා සිද්ධිකා වන බවත් අවුරුදු 6ට අඩු දියණියගේ නම හබීබා අසාමි මුබාරක් බවයි.
 
අදාළ බෝම්බකරු කොළඹ අවට මෙවැනි කුලී නිවාස කිහිපයක ජීවත්වී ඇති බවත් ස්වරණකීර්තිසිංහ මහතා සාක්ෂි දෙමින් පැවසුවා.
 
බෝම්බකරු පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම්ගේ රියදුරු ලෙස අවස්ථා කිහිපයකදී කටයුතු කර ඇති බවත් 2019 අප්‍රේල් 16 වැනිදා කාත්තන්කුඩි ප්‍රදේශයේ වූ යතුරුපැදිය පිපිරීමේ සිද්ධියටද ඔහු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහු කොමිසම හමුවේවැඩිදුරටත් ප්‍රකාශ කළා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top