Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
22
මාළිගාවත්තේ තෙරපීමේදී කාන්තාවන් තිදෙනෙකුට ජීවිත අහිමි වූ හැටි හෙළි වෙයි, ව්‍යාපාරිකයා ඇතුළු 7 දෙනෙකුට වැඩ වැරදුණේ මෙහෙමයි - Video

- මාළිගාවත්තේ තෙරපීමේදී කාන්තාවන් තිදෙනෙකුට ජීවිත අහිමි වූ හැටි හෙළි වෙයි, ව්‍යාපාරිකයා ඇතුළු 7 දෙනෙකුට වැඩ වැරදුණේ මෙහෙමයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,999 Views
තුවාල ලැබූ එක් අයෙකු දැඩි සත්කාරයේ...
 
පශ්චාත් මරණ පරීක්ෂණවලදී එළියට ආපු දේ...
 
සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානයෙනුත් නිවේදනයක් !!!
 
තිදෙනෙකුට මරු කැඳවූ මාලිගාවත්ත ආධාර මුදල් බෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ඇතුළු 7 දෙනා ලබන 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

ඇඳිරිනීතිය පනවා තිබියදී සංවිධානය කර තිබූ එම ආධාර වැඩසටහන අතරතුර ඇති වූ තෙරපීමෙන් තවත් පිරිසක් රෝහල් ගත කර තිබෙනවා.
 
පෞද්ගලික දානපතියෙකු මාලිගාවත්ත - ජුම්මා මස්ජිද් මාවතේ නිවසක් ඉදිරිපිට සිදුකළ මුදල් අධාර බෙදාදීමක් අතරතුර ඇතිවූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණේ ඊයේ දහවල් කාලයේදී.
 
ආධාර මුදල් ලබාගැනීම සඳහා ප්‍රදේශවාසීන් 500 දෙනෙකු පමණ එම ස්ථානයට පැමිණ සිටියේ එම ප්‍රදේශයට ඇඳිරි නීතියද ක්‍රියාත්මක වූ පසුබිමකයි.
 
කොඩිඩ් 19 වෛරස ව්‍යප්තිය පාලනය කරමින් රට යථා තත්ත්වයට පත්වන පසුබිමක ජනතාව වෙතද වඩා වගකීමක් පැවරෙන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
 
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ඇතුළු 07 දෙනා ඊයේ රාත්‍රියේ අලුත්තඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිපිත් කළා.
 
එහිදී කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය නියෝග කළේ අධාර මුදල් බෙදා දුන් ව්‍යාපාරිකයා ඇතුළු 07 දෙනා ලබන 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.
 
එහිදී සැකකරුවන් මීගමුව පල්ලන්සේන තරුණ විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණේ රක්ෂිත බන්ධනාගාර ගත කරන පුද්ගලයින් නිරෝධායනය සඳහා යොමු කිරීමේ ක්‍රියාමාර්ග යටතේයි.
 
මේ අතර මියගිය කාන්තාවන් තිදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණය කොළඹ සහකාර වෛද්‍ය නිලධාරි රාවුල් හක් මහතා විසින් සිදු කළා.
 
කාන්තාවන් තිදෙනාගේ උරස් කුහරය අවහිර වීම මරණවලට හේතුව බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන බවයි පොලිසිය සඳහන් කළේ.
 
මියගිය තිදෙනාගේ අවසන් කටයුතු අද දහවල් මාලිගාවත්තේදී සිදු කෙරුණා.
 
මේ අතර ඊයේ දිනයේ සිදු වූ තෙරපීමෙන් තුවාල ලැබූ තවත් කාන්තාවක් අද කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ අතර ඒ අනුව කාන්තාවන් 5 දෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
 
ඒ අතුරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
 
මේ අතර මාලිගාවත්තේ දී සිදු වූ සිද්ධිය හෙලා දකිමින් සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
 
කොවිඩ් - 19 ව්‍යාප්තිය මැඬලීමට රජය, සෞඛ්‍යය සහ ආරක්ෂක අංශ ගෙන ඇති ක්‍රියාමාර්ග ජනතාව විසින් නොසලාකා හැරීම හෙළා දකින බවයි එම සංවිධානය සිය නිවේදනයෙන් සඳහන් කරන්නේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top