නමුත් අදාළ සිතියමෙන් සිය ජීවිතය ප්‍රශ්න ගොඩකට ඇද වැටුණ වුණ පුද්ගලයෙකු ගැන පුවතක් ඉන්දියාවෙන් පසුගියදා වාර්තා වුණා.
තමන් නොගිය ස්ථාන පවා ගූගල් සිතියම පෙන්නුම් කරන බැවින්, තමන්ගේ බිරිඳගේ සැකයට භාජන වූ සැමියෙකු ගූගල් සමාගමට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා.
එමෙන්ම මේ හේතුවෙන් තමන් සිත් තැවුලට පත්වූ බවත්, ඊට ගූගල් සමාගම වන්දියක් ගෙවිය යුතු බවත් ඔහු එම පැමිණිල්ලේ සඳහන් කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.
ලාල්බගධූර් නමැති මෙම පුද්ගලයා මූල්‍ය සමාගමක් පවත්වාගෙන අතර ඔහු රාජකාරිය අවසන් කර යළි නිවසට පැමිණෙමින් අනතුරුව ඔහුගේ දුරකතනය රැගෙන Your timeline අවස්ථාව පරීක්ෂා කර තම සැමියා ආ ගිය තැන්වල විස්තර සොයා බලා ඇති බව සඳහන්.
යම් අවස්ථාවල අදාළ සැමියා නොගිය තැන් පවා එහි පෙන්නුම් කර තිබු බැවින්, බිරිඳ ඔහු සම්බන්ධයෙන් සැක පළ කර තිබෙනවා.
ඉන් කිපුණ ලාල්බගධූර් තමන් ජීවත් වන ප්‍රදේශය ආසන්නයේ පැවැති, පොලිස් ස්ථානය වෙත ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර එහි දක්වා තිබුණේ, තමන් සිත්තැවුලට පත් වූ බවත්, ඊට ගූගල් සමාගම විසින් වන්දි ගෙවිය යුතු බවයි.