හැල හැප්පීම් මැද්දේ... ටැබ්ලොයිඩ් පුවත්පත්වල පළවුණු සමහර දේවල්වලින් මේගන් කුමරිය ඇගේ හිත රිද්දගන්නවා....
රිදුණු හිත පිරිමදින්න කවුරුත්ම නැතිකොට.. හැරී කුමරු මේ ගැහැණිය ඉදිරියේ නිර්භීතව හිට ගන්නවා..
මීට පෙරාතුව සාම්ප්‍රදායික රජ පවුලේ නීති මායිම් නොකළ වේලස්යේ සුරූපීනීය ඩයනාටම නොදෙවෙනී මේගන් විප්ලවීය කාන්තාවක් බවට පත් වෙන්නේ ඉන් අනතුරුවයි...
තමන්ගේ බිරිඳට වැරෙන් පහර දෙන පුවත්පත් සහ වහෙන් හොරෝ පහර දෙන රජ පවුලෙනුත් නික්ම යන්න හැරී අසීරු තීරණයක් ගන්නවා..
දැන් ඔවුන් ඉන්නේ රජ පවුලට හුඟක් ඈතක... ඇමරිකා එක්සත් ජනපදයේ.. ලොක්ඩවුන් නිසාම ඇමරිකාවේ කොටුවුණු ඔවුන් පසුගිය දිනෙක ඔවුන්ගේ දෙවන විවාහ සංවත්සරය සමරනු ලැබුවා...
රජ පවුල පේන මානයක නොවුණු ඔවුන්ගේ විවාහ සංවත්සරයට මේ වෙනකොටත් ලෝකයේම ඇහැ යොමු වෙලාලු...
මේ යුවළ ඔවුන්ගේ පළමු විවාහ සංවත්සරය සමරද්දී මේගන් කුමරිය, කුමරුට ත්‍යාගයක් ලෙසින් පිරිනමා ඇත්තේ ඔවුන්ගේ විවාහ දින කතාවේ සේයාරුවක්.. (එම විවාහ කතාව ලියා ඇති සටහන සේයාරුවක් කර තිබුණා.)
මෙදා සංවත්සරයේදී යුවළ ඩොලර් මිලියන 18ක වියදමින් පුංචි ආචි පුතු සමඟ සුපිරි මන්දිරයක (Tyler Perry) පදිංචිව සිටින අතර, විනෝද වෙමින් කාලය ගත කළ බව වාර්තා වනවා.
ඔවුන්නොවුන් අතර ආදරණීය සහ හැඟීම්බර මොහොතක් ගත වුණු බවයි ඩේලිමේල් පවසන්නේ...
මේගන් ගේ පළමු ත්‍යාගය කඩදාසියක් බවට පත්වුණේ විවාහය කඩදාසි කැබැල්ලක් මෙන් ආරක්ෂා කරගත යුතු බවට ඇඟවීමක් වශයෙන් බවයි විදෙස් මාධ්‍ය නම් කියන්නේ...