Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
22
මැතිවරණ දිනය අභියෝග කරමින් ගොනු කළ පෙත්සම් විභාගය 26 වනදා දක්වා යයි

- මැතිවරණ දිනය අභියෝග කරමින් ගොනු කළ පෙත්සම් විභාගය 26 වනදා දක්වා යයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23 Views
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය සහ ලබන ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සියල්ල විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළා.

නීතිපති දප්පුල ද ලිවේරා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මෙම ඉල්ලීම ඉදිරිපත් කළේ අගවිනිසුරු ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද 05 වන දිනටත් මෙම පෙත්සම් සලකා බැලූනු අවස්ථාවේදීයි.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් ඇය කියා සිටියේ එම පෙත්සම්කරුවන් අතරින් බහුතරයක් මැතිවරණ ක්‍රියාමාර්ග පිළිගෙන, නාමයෝජනා පත්‍ර භාරදීමෙන් අනතුරුව අධිකරණය හමුවට පැමිණ මැතිවරණ පැවැත්වීම වළක්වන ලෙස ඉල්ලා සිටීමෙන් එකී පෙත්සම්වලට කිසිදු නීතිමය පදනමක් නොමැති බව පෙනී යන බවයි.

මැතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර භාරදුන් පිළිගත් දේශපාලන පක්ෂ 304 ක් සහ ස්වාධීන කණ්ඩායම් 313 ක් නියෝජනය කරන මැතිවරණ අපේක්ෂකයින් 7,452 දෙනෙකු එකී පෙත්සම්වල වගඋත්තරකරුවන් කළ යුතු වූවත්, එකී පාර්ශවයන් වගඋත්තරකරුවන් නොකිරීම බලවත් දුර්වලතාවයක් බවත් එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළා.

ඒ අනුව ඉතා අත්‍යවශ්‍ය පාර්ශව වගඋත්තරකරුවන් ලෙස නම් නොකිරීම එකී පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට ප්‍රමාණවත් වන්නේ යැයි ද ඇය පෙන්වා දුන්නා.

සෞඛ්‍ය අංශ විසින් කොරෝනා වසංගත තත්ත්වය පහව ගිය බවට නිර්දේශ කර නොමැති විටෙකදී මැතිවරණයක් පැවැත්වීම ජනතාවගේ ජීවිත අනතුරුදායක තත්ත්වයට ඇද දැමීමක් බවට පෙත්සම්කරුවන් අධිකරණයට පෙන්වා දී ඇතත්, එකී කරුණු මෙන්ම සෙසු ඉල්ලීම්ද සනාථ කළ හැකි ලේඛණ කිසිවක් පෙත්සම්කරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියේ.

එසේම, අද දිනයේදී වගඋත්තරකරුවෙකු ලෙස නම්කර ඇති ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සඳහන් කළේ රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ ඉදිරි මැතිවරණ ක්‍රියා පටිපාටිය ආරම්භ කළ හැකි බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, තම සේවාදායකයාට ලිපියකින් දැනුම්දීමක් සිදුකර ඇති බවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එලෙස දැනුම්දීමක් කර තිබියදී මැතිවරණ කොමිසම, මැතිවරණ ක්‍රියා පටිපාටිය ආරම්භ නොකිරීම ගැටළු සහගත කරුණක් බවද මෙහිදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.

එහිදී මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රකාශ කළේ එල්ල වන චෝදනාවලට පිළිතුරු ලබාදීම සඳහා තමන්ට ද කාලයක් අවශ්‍ය බවයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලීම සිදුකෙරුණු අතර, ඒවා සලකා බැලීම ලබන 26 වන අඟහරුවාදා දක්වා යළි කල් තැබීමටයි විනිසුරු මඩුල්ල නියෝග කළේ.

මේ අතර, මේ මස 30 වැනිදා සහ ජුනි මස 13 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය රැස්වීමට තීරණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඇඳිරි නීතිය පැවති පසුගිය කාලසීමාවේ කැඳවීමට නියමිතව තිබූ නඩු කැඳවීම සඳහා දින නියම කිරීමට එලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රැස්වන බවයි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top