Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
22
"දෙන්න පුළුවන් වද සේරම දීලා, නිදාගෙන ඉන්නකොට මම මන්නේ අරන් ගිහින් කෙටුවා.." - සිරුරේ කැපුම් තුවාලම 45ක්, චූන් පාන් එකේ ගැහැණුන්ගේ පහස සොයා ගිය, රොෂාන්ව සඳහටම නිදි කෙරූ බිරිඳ අනූෂාගේ පාපොච්චාරණය

- "දෙන්න පුළුවන් වද සේරම දීලා, නිදාගෙන ඉන්නකොට මම මන්නේ අරන් ගිහින් කෙටුවා.." - සිරුරේ කැපුම් තුවාලම 45ක්, චූන් පාන් එකේ ගැහැණුන්ගේ පහස සොයා ගිය, රොෂාන්ව සඳහටම නිදි කෙරූ බිරිඳ අනූෂාගේ පාපොච්චාරණයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,868 Views
"නෙට් එක කපලා ගෙයි පිටිපස්සෙ දාලා පිච්චුවා.."

"උදෙන් පාන් අරගෙන ගිහින් ගෙදර ආවේ රෑ වෙලා..."
 
"ඇඳිරි නීති සමයේ මිය ගිය බේබදූ සැමියන් ගණන පහක්ලූ.."
 
"මට උඹගෙන් ඇති වැඩක් නෑ ගෑනියේ, උඹ පලයන් යන්න.."
 
සිය පියා ඉදි කර දුන් නිවසේ කල් ගෙවමින්, පියා සාදා දුන් පාන් පෝරණුවේ පාන් පුච්චා ආදායමක් ලබමින් තමන්ට නොසලකා හරිමින් නිතර නිතර පහර දෙන සැමියා කෙරෙහි, ඇගේ සිතේ තිබූ වෛරය මෙතෙක් යැයි කිව නොහැකියි.

එහෙත් දරු දෙදෙනාගේ නාමයෙන් ඇය බොහෝ කැපකිරීම් කළා.
 
ඇය කොපමණ ඉවසාගෙන සිටියත්, දිනෙන් දිනම සැමියා අසත්පුරුෂ වුණා මිස හොඳ පැත්තට නම් එන පාටක් පෙනෙන්නට තිබුණේ නැහැ. ඒ පසුගිය 14 වැනි දින රාත්‍රීයයි. දින කිහිපයක් නිවසින් බැහැරව සිට යළි පැමිණ ගෙවී ගිය දෙවැනි දිනයයි.
 
එදිනත් සුපුරුදු පරිදි හොඳ හැටි වෙරි වී ඔහු නිවසට ගොඩ වූයේ නිකම්ම නොව කඩුවක් ද අතැතිවයි.
 
"අද නම් මාව ඉවරයක් කරලාම දායි වගේ.."
 
දරු දෙදෙනා ද තුරුළු කරගෙන කාමරයේ ඇඳේ මදුරු දැලක් ද දමාගෙන නිදා සිටි ඇය බෙහෙවින් බයට පත් වුවා. කඩුව වනමින් ඇඳ අසළට ආ ඔහු මදුරු දැලට අස්සෙන් අත් දමා බිරියට පහර දෙන්නට පටන් ගත්තා.
 
බියට පත් වූ දරුවන් කෑ ගසන්නට වූ අතර අත වූ කඩුවෙන් මදුරු දැල කපා දැමූ ඔහු එය නිවෙස පිටුපසට රැගෙන ගොස් පුළුස්සා දැම්මා. නිරාවරණය වූ ඇඳ අසළට ආ ඔහු යළිත් වරක් ඇයට පහර දී පරුෂ වචනයෙන් බැන වැදී අල්ලපු කාමරටයට ගොස් නිදන්නට වුණා.
 
සැමියාගෙන් එල්ල වූ පහර වලට ගතට වඩා රිදෙන්නේ සිතයි.
 
ඒ ඔහු තමා ප්‍රතික්ෂේප කරමින්, වෙනත් ගැහැණුන් ඇසුරු කරමින් ඒ ගැහැණුන් ගැන කියමින් නිතර නිතර නිවසින් පිටව කල් ගෙවමින් සිටින නිසායි.
 
තව දුරටත් මේ කාලකණ්ණියාට ජීවත් වීමට ඉඩ දෙනවාද? නොඑසේ නම් අදම ඉවරයක් කර දමනවාද..?
 
මුලුතැන්ගෙට ගිය ඇය දිගු මන්නා පිහිය අතට ගෙන, සැමියා නිදා සිටින කාමරය වෙත සෙමෙන් පිය මනින්නට වුණා. කාමරයට ඇතුළු වූ ඇය දුටුවේ බිම වැටී නිදා සිටින සැමියාවයි.
 
වෙව්ලන දෑතින් මන්නා පිහිය එසවූ ඇය ඉන් ඔහුගේ ගෙල ප්‍රදේශයට වේගවත් පහරක් එල්ල කළා. ඉන් නොනැවතුණූ ඇය අත වූ මන්නා පිහියෙන් ඔහු වෙතට දිගට හරහට මන්නා පහර එල්ල කළා.
 
සිය දියණියගේ නිවස දෙසින් කෑ ගසන ශබ්දයක් ඇසුන ඇයගේ පියා වහ වහා ඒ දෙසට දිව ගියේ ඇසෙන ශබ්ද-වලට අනුව සිද්ධවන දේ නම් එතරම් ලේසි පහසු නොවන බව වැටහු‍ණු නිසයි.
 
අමාරුවෙන් දොර විවර කරගෙන නිවසට ඇතුළු වූ ඔහු දුටුවේ දියණිය මාරාවේශයෙන් මෙන් බෑනාට පහර දෙන අයුරුයි.
 
මන්නයෙන් කොටාගෙන ගිය ඇය සිය මෙහෙයුම අවසන් කළේ සැමියා පැමිණෙන විට රැගෙන ආ කඩුවෙන් ඔහුට ඇනීමෙන් අනතුරුවයි. කලක් තිස්සේ සිතේ කැකෑරෙමින් තිබූ වෛරය පිරිමහා ගත් ඇය සිය පියා ඉදිරියට ගොස් බිම වැටී හඬන්නට වුණා.
 
වහා ක්‍රියාත්මක වූ ඇයගේ පියා ඇයත් දරුවන් දෙදෙනාගේ පා පැදියේ නංවාගෙන ඒ රාත්‍රීයේ මහා මඟට පිළිපන්නේ වෙන කරන්නට දෙයක් නොවූ නිසායි.
 
එසේ ගිය ඔහු 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් ගෙන සිද්ධ වූ දෙයත් සිටින ස්ථානයත් දැනුම් දුන්නා.
 
තොරතුරු ලැබුණූ වහාම ක්‍රියාත්මක වූ අරලගංවිල පොලිසිය විමර්ශන ඇරඹුවා.
 
මිය ගිය අයගේ සිරුර බාහිරින් පරීක්ෂා කළ පොලිස් කණ්ඩායම සිරුරේ වූ කැපුම් තුවාල බොහෝමයක් ගණන් කළා. ගණනය වූ තුවාල සංඛ්‍යාව 45ක්.
 
මෙලෙස මරා දමා තිබුණේ මෙත් මහින්දාගම, යාය 7 අරලගංවිල ලිපිනයේ පදිංචි රොෂාන් නම් තිස් හත් හැවිරිදි දෙදරු පියෙක්. දරු දෙදෙනාම පිරිමි දරුවන්. වැඩිමලාට අවුරුදු 8යි. දෙවැනියා අවුරුදු හතරයි.
 
පොලිස් විමර්ශනවලදී හෙළි වූ ආකාරයට අනූෂා නම් සැකකාරියාගේ වයස අවුරුදු විසි හයක්. ඇය කුඩා කාලයේදීම මව මිය යන අතර පියා ඇය හදා වඩාගත්තේ බොහෝම පරිස්සමටයි. මෙයට අවුරුදු දහයකට පමණ පෙරදී ඇය රොෂාන් හා විවාහ වෙන්නේ ආදර සම්බන්ධයක් මුල් කරගෙනයි. විවාහ වන විට ඇයට අවුරුදු 17ක් බවද හෙළි වුණා. සිය එකම දියණියට පියා විසින් ඔහුට අයිති ඉඩමෙන් කොටසක් ලියා එහිම නිවසක්ද ඉදි කර දුන්නා.
 
විවාහ වුවත් රොෂාන්ට රැකියාවක් තිබුණේ නැහැ. නිකමෙකු වූ රොෂාන් ට පාන් පෝරණුවක් ඉදි කර දී පාන් නිෂ්පාදනයට අවශ්‍ය දේ ද දෙන්නේ ඇගේ පියායි. මෙලෙස කාලය ගෙවී යද්දි චූන් පාන් රියදුරෙකු වූ රොෂාන් අයාලේ යන්නේ 'චූන්' එකක් සමඟයි. ඔහු මතට හුරු වුණා. වෙනත් ස්ත්‍රීන් ද ඇසුරු කරන්නට පටන් ගත්තා.
 
වෙනත් ස්ත්‍රීන් වර්ණනා කරමින් අනූෂාට පහර දෙන්නට පටන් ගත්තා.
 
"මීට මාස කිහිපයකට කලින් මෙයා මට හොඳටම ගැහුවා. මෙයාට වෙන ගෑණු ඉන්නවා. මට නිතරම කිය්නනේ උඹගෙන් වැඩක් නෑ පලයන් කියලයි. ඒ ගහපු වෙලාවේ මට තුවාලත් සිදු වුණා. මම ඉස්පිරිතාලේ නතර වෙලා බේත් ගත්තා. පොලිසියේ පැමිණිල්ලකුත් දැම්මා...."
 
"පැමිණිලි විභාගට පොලිසියටත් එන්න කිව්වා. ආපහු රණ්ඩු වෙන්නේ නෑ, මාත් එක්ක හොඳට ඉන්නවා කියපු නිසා මම පැමිණිල්ල ඉල්ලා අස් කරගත්තා..."
 
"ඒත් ඊට පස්සෙත් මට වද දුන්නා. දරුවන්ගේ වියදමට සත පහක් දුන් නෑ. ඒ සේරම කළේ මගේ තාත්තා..."
 
"එයා හම්බ කරන සල්ලිවලින් බොනවා වෙන ගෑනුන්ට වියදම් කරනවා.."
 
"මීට දවස් පහකට කලින් ගෙදරින් ගිහින් පෙරේදා ගෙදර ආවා. ආපු වෙලාවේ ඉඳලා රංඩු. අදත් උදෙන් පාන් අරගෙන ගිහින් ගෙදර ආවේ රෑ වෙලා. මමයි දරුවෝ දෙන්නයි කාමරේ ඇඳේ නෙට් එකක් දාගෙන නිදාගෙන හිටියේ.."
 
"කඩුවකුත් අරගෙන කාමරේට ඇවිත් මට හොඳටම ගහලා නෙට් එකත් කපලා අරගෙන ගිහින්, ගෙයි පිටිපස්සේ දාලා පිච්චුවා. මට දෙන්න පුළුවන් වද සේරම දීලා අනිත් කාමරේට ගිහින් නිදාගෙන ඉන්නකොට තමයි මම මන්නේ අරගෙන ගිහින් කෙටුවේ.."
 
අත්අඩංගුවට ගත් අනූෂා මනම්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
 
(ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ බාර් ද විවෘත වුණා. හාල් පෝලිම්වත් නැති මේ රටේ බාර් අසළ දිගු පෝලිම් දකින්නට ලැබුණේ නිරෝධායන නීති රීතිද මායිම් නොකරමින්. මින් වැඩිම අපහසුතාවය ඇතිවුණේ මේ බේබද්දන්ගේ බිරියන්ටත් දරුවන්ටත් ය. ඒ මොවුන් බොන්න වියදම් කරන්නේ ගෙදර දොරේ කෑම බීම ගැනවත් නොසිතමින් නිසායි. එහි එක් ප්‍රතිඵලයක් ලෙස ඇඳිරි නීතිය පැනවූ දා සිට මෙම මස 14 වැනි දින තෙක් කාන්තාවන් අතින් ඝාතනය වූ බේබදු සැමියන් සංඛ්‍යාව පහක් පමණ වන්නේ ය.)
 
කතාව - තක්ෂිලා ජයසේකර
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top