ධනුක දිල්ෂාන් කියන්නේ විවිධ චරිත ඔස්සේ ජනතාව හමුවට එන රංගන ශිල්පියෙක්. කුඩා කාලයේ සිටම කලාවට අවතීර්ණ වූ ධනුක මේ වෙද්දී බොහෝ දෙනෙක් ආදරේ කරන චරිතයක් බවට පත් වෙලා අවසන්. නම ඇසූ පමණින් රුව දුටු පමණින් ඒ කවුද කියලා හදුනා ගන්න පුළුවන් අනන්‍යතාවයක් රංගන ක්ෂේත්‍රය තුළ ගොඩ නගාගත් ධනුක ගැන අලුත්ම තොරතුරුයි මේ.
ධනුක මේ දිනවල ඔබ රටේ ජනප්‍රිය චරිතයක් බවට පත් වෙලා නේද..?
ඔව්. මේ දවස්වල මම ගැන බොහෝ දෙනෙක් කතාබහ කරනවා. මගේ පෙනුම ගැන කතා කරනවා. ලැබෙන ප්‍රතිචාර ගැන සතුටු වෙන්න පුළුවන්.
ඔබව පසුගිය කාලයේ එක දිගට දකින්න ලැබුනේ නැහැ..මෙගා නාට්‍ය එපා වෙලාද..?
මම නළුකමට එන්නේ 2013 වර්ෂයේ. ඊට කලින් අවුරුදු 13 ඉදලා මම නිවේදකයෙක් විදිහට ළමා වැඩසටහන්වල පෙනී හිටියා. ඒ නිසා මට කැමරාව නුහුරු දෙයක් නෙමෙයි.
නමුත් තරංග දිසානායක හා රවින්ද්‍ර විජේරත්න යන සහෝදරයෝ තමයි මට නළුවෙක් වෙන්න පාර කපලා දුන්නේ. ඒ කාලේ ඉදලා මට බොහෝ නිර්මාණ සදහා සම්බන්ධ වුනා. ජනතාව මාව ඒ ඔස්සේ අදුර ගත්තා. ඒ නිසා මටම මාව එක දිගට දකින්න ලැබෙන එක එපා වුනා. මම හිතුවා ටික කාලයක් නිහඩව ඉන්න. එහෙම හිතාගෙන මම අවුරුදු එකහමාරක් විතර කිසිම චරිතයක් බාරගන්නේ නැතුව හිටියා. ඒ කාලය තුළත් නිර්මාණ 32 ට ආරාධනා ලැබුනා. නමුත් මම ඒවාට සම්බන්ධ නොවී රංගන ගැන ලෝක සිනමාව ගැන ගෙදරට වෙලා ටිකක් අධ්‍යනය කළා. ඔය අතරතුර තමයි මට රොෂාන් රවින්ද්‍ර අයියා එයාගේ නිර්මාණයට කතා කළේ. නිහඩතාවය බිදිමින් යළිත් කතාකරන චරිතයක් වෙන්න ඒ නිර්මාණය මට හොද අවස්ථාවක් වුනා. ඒ වගේම තරංග, රවින්ද්‍ර අයියලාටා වගේම රොෂාන් අයියාටත් තුසිත්, තිසර, ෆහිම්ට වගේම මගේ අම්මා තාත්තා නංගිටත් මම ස්තුතිවන්ත වෙනවා.
ඒ කියන්නේ මිට පස්සේ ධනුකව බොලද චරිතවලින් දකින්න ලැබෙන්නේ නැහැ, එහෙමද..?
මෙගා වරදක් නැහැ. නමුත් මම හිතුවා මිට පස්සේ තෝරාගත් හොදම නිර්මාණයකට සම්බන්ධ වෙන්න වගේම සිනමාවට වැඩි ඉඩක් දෙන්න. හැම රංගන ශිල්පියෙක්ම හින දකින්නේ සිනමා තරුවක් වෙන්න. මටත් ආසාවක් තියෙනවා සිනමා නළුවෙක් වෙන්න.
ඉදහිටලා නිර්මාණයකට සම්බන්ධ වෙනවා කියන්නේ වෘත්තීය නළුවෙකුගේ ආර්ථිකයට ප්‍රශ්නයක් නේ...?
ගෙදරට වෙලා බිස්නස් එකක් කරන්න තරම් මගේ ආත්ම විශ්වාසය වැටිලා නැහැ. මම අවුරුදු දෙකකට කිට්ටු වෙන්න ගෙදරට වෙලා හිටියා මට ලොකුවට ආර්ථික ප්‍රශ්න මතු වුනේ නැහැ. නමුත් මගේ පවුලේ අයට කන්න බොන්න දෙන්න ඕන. ඒ නිසා මට යම් මුදලක් නිර්මාණ ඔස්සේ හොයන්න වෙනවා. මම සාමාන්‍ය ජිවිතයක් ගත කරන කෙනෙක්. අපි සාමාන්‍ය මිනිස්සු. ඒ නිසා මට ලොකුවට සල්ලි හොයන්න වුවමනාවක් නැහැ. මට ආර්ථික ප්‍රශ්නත් නැහැ.
ඉදහිටලා නිර්මාණයකට සම්බන්ධ වෙනවා නම් ධනුක ලොකු අය කිරීමක් කරන නළුවෙක් වෙන්න ඇති..?
ඔව්. මගේ ගාණ වැඩියි. මම අය කරන මුදල වැඩියි. නමුත් මට මේ තැනට එන්න උදව් කරපු අයගේ නිර්මාණවලදී මම ලොකු ගණන් අය කරන්නේවත් මුදලක් නියම කරන්නේවත් නැහැ. හිතවතුන් හැර අනෙක් අයගේ නිර්මාණවලට මම සම්බන්ධ වෙන්නේ මම නියම කරන මුදල ලැබුනොත් තමයි.
කොහොමද පුද්ගලික ජිවිතේ..?
මම කොහොමත් විවේක සුවයෙන් ගෙදරට වෙලා ඉන්න කැමති කෙනෙක්. හොදන් සතුටින් ජිවත් වෙනවා.
දැන් පෙම්වතියක් ඇතිනේ..විවාහ වෙන්න බලාපොරොත්තුවක් නැද්ද ධනුක..?
බොරු කියන්න ඕන නැහැනේ මට පෙම්වතියො තුන්දෙනෙක් හිටියා. මම විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් හිටියේ මම 11 වසර ඉන්නකොට. එක එක හේතු නිසා ඒ ආදර කතා තුනම නතර කරන්න සිද්ධ වුනා. විවාහ වෙන්න හිතාගෙන දෙපාර්ශවයේ දෙමාපියන්ට කියලා තමයි ඒ සම්බන්ධතා තුනම කලේ නමුත් දැන් අවුරුදු දෙකක විතර ඉදලා මට පෙම්වතියක් නැහැ. මාව හොයාගෙන අවොත් සලකා බලනවා. නැත්තනම් මම පෙම්වතියක් හොයාගන්නේ නැහැ. විවාහ වෙන්නත් මට ලොකු වුවමනාවක් නැහැ. ඉපදීම දුකක් නම් ළමයි හදලා තවත් දුකක් දෙන්නේ ඇයි.
මට අම්මා තාත්තගේ නංගිගේ ආදරේ ලැබෙනවා. ඒ ආදරේ මට ඇති. දෙමාපියන්ට හොදින් සලකලා ඒ දෙන්නව බලාගන්න එක තමයි මම වැඩිපුර හිතන්නේ. මොකද අපි පොඩිකාලේ ඉදලා අපි වෙනුවෙන් ඒ දෙන්න නොවිදිනා දුක් විදලා ඇති. ඒ දෙන්නට සලකන එක තමයි මගේ බලාපොරොත්තුව
මිට වසර දෙකතුනකට කලින් ඔබ ගැන කතාකතාවක් පැතිරුනා. පවුලක් කඩලා පවුලක් වෙන්න යනවා කියලා..?
ඒ කතා කිසිම දෙයක් ඇත්ත කතා නෙමෙයි. ඒ වගේ කතාවක් හැදුනේ කොහොමද කියලා මම හොයන්න ගියේ නැහැ. ඒ වගේ දෙවල්වට හරි වැරැද්දද පෙන්නලා දෙන්න මට උවමනාවක් තිබ්බෙත් නැහැ. ඒවා ඔළුවට දාගෙන ප්‍රශ්න එක්ක ජිවත් වෙන්නේ ඇයි..මම හරිද වැරදිද කියලා මම දන්නවා.
දැන් ලේනෝ ඇති කරන්නේ නැද්ද..?
මම ලේනෝ ඇති කරන්නේ 6 වසරේ ඉගෙන ගන්න කාලේ ඉදලා. මේ වෙද්දී මම ලේනෝ 60 ක් විතර ඇති කරලා තියෙනවා. මගෙන් ලේනෝ ඉල්ලන අයට මම ලේන්නු දෙනවා. ඒ විදිහට දුන්නු ලේනෙක් තමයි මම හිතන්නෙවත් නැති විදිහට ජනප්‍රිය වුනේ.