Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
22
අතුරුදන් වූ ආරක්ෂක නිලධාරියා සමඟ ලැගුම්හලක පෙම්සුව විඳිමින් සිටි අනියම් පෙම්වතියගේ තොරතුරු එළියට එයි - Video

- අතුරුදන් වූ ආරක්ෂක නිලධාරියා සමඟ ලැගුම්හලක පෙම්සුව විඳිමින් සිටි අනියම් පෙම්වතියගේ තොරතුරු එළියට එයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

40,718 Views
නිල ඇඳුමක් සහ ජාතික හැඳුනුම්පත් ලැගුම්හලේ දාලා ගිහින්...

කොන්දේ කැක්කුමට බෙහෙත් ගන්න ආවේ...

හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ ලැගුම්හලක කාමරයක ආරක්ෂක අංශයේ සාමාජිකයෙකු යැයි පවසන පුද්ගලයෙකු සමඟ නැවති සිටි කාන්තාවක සම්බන්ධයෙන් සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයේ වාර්තාව අද ලැබීමට නියමිතව තිබෙනවා.

43 හැවිරිදි මෙම කාන්තාව අලව්ව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඇයට කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහල වෙත පිටත් කර යැවීමට කටයුතු කළ බවයි එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කේ.ඩි ජගත් කුමාර කියා සිටියේ.
 
පොලිසියට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් ගොස් එම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඇයව මෙලෙස රෝහල් ගත කළා.
 
අදාළ කාන්තාවගේ කොන්දේ පවතින රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට යැයි පවසා සැකකාර පුද්ගලයා විසින් ඇය හෝමාගමට කැඳවා ගෙන පැමිණ ඇති බව සඳහන්.
 
එම ප්‍රදේශයේ පිහිටි ලැගුම් හලක දෙදෙනා රාත්‍රීයක් ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.
 
එමෙන්ම සැකකාර 36 හැවිරිදි පුද්ගලයා නුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර යුද හමුදා නිල ඇඳුමක් සහ ජාතික හැඳුනුම්පත ද එහි දමාගොස් ඇති බව ද පොලිසිය පවසනවා.
 
ඔවුන් දෙදෙනා නවාතැන් ගෙන සිටි ලැගුම්හලත් වසා දැමීමට පොලිසිය කටයුතු කළ අතර, එහි සේවය කළ පුද්ගලයා එම ලැගුම්හල තුළ දින 14 ක කාලයක් නිරෝධානය කිරීමටයි, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කේ.ඩි ජගත් කුමාර උපදෙස් ලබාදී ඇත්තේ.
 
සැකකාර පුද්ගලයා සොයා මේ වනවිටත් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවයි හෝමාගම පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top