පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ඉල්ලා සහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් අද 05 වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලෙනවා.
ඊයේ එම පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමෙන් පසු 08 වන පාර්ලිමේන්තුව තවදුරටත් නීතිමය වශයෙන් සක්‍රීය පාර්ලිමේන්තුවක් නොවන බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා දැනුම් දුන්නා.
ඒ, වගඋත්තරකාර පාර්ශවයක් වන ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් කරුණු දක්වමින්.
මැතිවරණයට දින නියම කිරීමේ වගකීම ඇත්තේ මැතිවරණ කොමිසමට බවද ඔහු එහිදී අවධාරණය කළා.
මේ අතර, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මාස 03 ක් ඉක්ම යනතෙක් නව පාර්ලිමේන්තුවක් නොකැඳවීමෙන් තමන්ගේත්, ජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා.
පැවති පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මාර්තු 02 වැනිදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඊයේ ඔහු විසින් මෙම පෙත්සම ගොනුකර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.