මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1047ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
අද දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 19ක්.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියාසිටියේ අද වාර්තාවූ ආසාදිතයන්ගෙන් 15 දෙනෙකු ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින ඩුබායි රාජ්‍යයේ සිට පැමිණි පිරිසක් බවයි.
අනෙක් 4 දෙනා නාවික හමුදා සාමාජිකයන්.
මෙතෙක් වාර්තාවී ඇති ආසාදිතයන්ගෙන් 604 දෙනෙකු ප්‍රතිකාරවලින් අනතුරුව සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 434ක්.
මෙරටින් කොරෝනා වෛරසය ආසාදිත මරණ 9ක් ද වාර්තාවුනා.
මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියාසිටියේ ඊයේ දිනයේදී පී.සී.ආර් පරීක්ෂණ 1108ක් සිදුකර ඇති අතර ඉන් එක් ආසාදිතයෙකු හඳුනාගත් බවයි.
මේ අතර වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ තවත් සති දෙකක පමණ කාලයක් යනතුරු කොරෝනා රෝගීන් වාර්තා වනු ඇති බවයි.
මේ අතර, වර්ෂාවත් සමඟ කොරෝනා වෛරසය යළි පැතිරයාමේ අවධානමක් ඇතිවිය හැකි බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියා සිටියා.
මේ අතර, අතරමැදියන් ඉවත්කර ඖෂධ සැපයුම විධිමත් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පැවති සාකච්ඡාවකදී බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරු සමඟ ඖෂධ නිෂ්පාදනය, ආනයනය සහ බෙදාහැරීම පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණා.