Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
21
මැතිවරණ කොමිසමේ නියෝගයක් නිසා පන්දහසේ දීමනාව ලබන මස සිට නැහැ - Video

- මැතිවරණ කොමිසමේ නියෝගයක් නිසා පන්දහසේ දීමනාව ලබන මස සිට නැහැ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,853 Views
කොවිඩ් 19 වසංගතය හමුවේ ආදායම් අහිමි වූවන් වෙනුවෙන් රජය විසින් ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව ජූනි මාසය සඳහා ලබාදිය නොහැකි බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කලා.

ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
 
කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් දෛනික ආදායම් බිඳ වැටුණු ජනතාව වෙනුවෙන් රජය ලබාදෙන රුපියල් 5000ක දීමනාව ජූනි මාසයටත් ලබාදීමේ යෝජනාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මඟින් ජනාධිපති ලේකම්වරයා ඇතුළු නිළධාරීන් පිරිසකට පසුගිය 17 වැනිදා ලිපියක් යොමුකර තිබුණා.
 
එහි සඳහන් වූයේ මෙම දීමනාව ලබාදීමේ වැඩපිළිවෙල ආණ්ඩුවේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමක් බවට වන පැමිණිලි විශාල වශයෙන් ලැබෙමින් පවතින බවයි.
 
මෙම මූල්‍යාධාර ලබාදීමේ ව්‍යාපෘතියෙන් ප්‍රාදේශිය දේශපාලනඥයින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසටද මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා.
 
තවද පවතින වසංගත තත්ත්වය පාලනය වී ජන ජීවිතය යථා තත්ත්වයට පත් වූ පසු දෛනික කාර්යයන් සාමාන්‍ය පරිදි සිදු කරගැනීමේ හැකියාවක් පවතින්නේ නම් ජූනි මාසය සඳහාත් මෙම රුපියල් පන්දහසක දීමනාව ලබාදීමේ අවශ්‍යතාවක් ඇත්දැයි පිළිබඳව සලකා බැලිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව මඟින් යොමු කළ ලිපියේ සඳහන් වුණා.
 
ඒ අනුව ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අදාළ ලිපිය පිළිබඳව අවධානය යොමු වුණා.
 
මේ අතර සියළුම රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස් සීමාව වයස අවුරුදු 61 දක්වා ඉහල නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගෙන තිබෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කලා.
 
මේ අතර රුපියල් 5000සේ දීමනාව අත්හිටුවීම සම්බන්ධයෙන් තවත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top