Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
21
Lockdown එක අස්සේ, සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් කරණවෑමියෙකු වෙයි - Video

- Lockdown එක අස්සේ, සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් කරණවෑමියෙකු වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26 Views
කොරෝනා මැද ඕස්ට්‍රේලියාවෙත් සංගීත ප්‍රසංගයක්..!!
 
ඇමරිකාව කොරෝනා වලින් තවමත් පෙරමුණේ..
 
ගත වූ පැය 24 තුළ ලොවපුරා නව කොවිඩ් 19 ආසාදිතයින් එක්ලක්ෂ හාරසිය හැත්තෑ හතරක් වාර්තා වුණා.

වෛරසයේ ව්‍යාප්තිය ඇරඹි දා සිට මේ දක්වා දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන්නේ මෙයයි.

මේ අතර, කොවිඩ් 19 ව්‍යාප්තියේ බලපෑම හේතුවෙන් ලොවපුරා දරුවන් මිලියන 10කට අධික සංඛ්‍යාවක් දැඩි මන්ද පෝෂණයට ගොදුරුවීමේ අවදානමක් පවතින බව ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවනවා.
 
ගත වූ පැය 24 තුළ ලොව රටවල් සහ පරිපාලන කලාප 215කින් පුද්ගල මරණ 4685ක් අලුතින් වාර්තා වුණා.
 
තවමත් කොවිඩ් 19 වෛරසයෙන් දැඩි බලපෑමට ලක්ව තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය වන අතර, පුද්ගල මරණ 1403ක් ඊයේ වාර්තාවීමත් සමඟ අමෙරිකාවේ සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව ද 94,936ක් දක්වා ඉහළ ගියා.
 
මේ වනවිට එරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 16කට ආසන්නයි.
 
දකුණු ඇමරිකාවේ විශාලතම රාජ්‍යය වන බ්‍රසීලයෙන් ඊයේ දිනයේදී නව ආසාදිතයින් 21,472ක් අලුතින් වාර්තා වුණා.
 
බ්‍රසීලය තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වෛරසය පාලනයට එරට සෞඛ්‍ය අංශ පැනවූ සංචරණ සීමා ඉවත් කරන ලෙස ඉල්ලා ඇතැම් පිරිස් විරෝධතාවයේ නිරත වූවා.
 
මේ අතර, යේමනයේ සරණාගත කඳවුරු වෙත කොවිඩ් 19 ව්‍යාප්තවීමේ ප්‍රවණතාවක් පැන නැග ඇති අතර, එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය නිවේදනය කරන්නේ එම කඳවුරුවල රැඳී සිටින පුද්ගලයින් මිලියන 3.6ක් මෙමගින් පීඩාවට පත්විය හැකි බවයි.
 
මේ වනවිට අසල්වැසි ඉන්දියාවෙන් ද කොවිඩ් 19 ආසාදිතයින් එක්ලක්ෂ 12,028ක් වාර්තා වනවා.
 
එරට තුළ සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වුණේ 3434ක් ලෙසින්.
 
ඔස්ට්‍රේලියානුවන්ගේ මානසික ආතතිය දුරලීමට සජීවි ප්‍රසංගයක් පැවැති අතර, ජනතාවට එය නැරඹීමට අවස්ථාව උදා වූයේ සිය මෝටර් රථ තුළ සිටයි.
 
මේ අතර, කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ ඉන්දියාවට පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් හිසකෙස් කපා ගැනීමට නොහැකිව සිටි තම පුත්‍රයාගේ හිසකෙස් ස්‍රප්‍රකට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් කපන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top