Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
21
"අක්කර දහස් ගණනක් පූජා කරපු පිං බිමක අද තියෙන්නේ අක්කර තුනයි..." - දෙවනගල උරුමය සොයා ගිය හිරු CIA හෙළි කරගත් දේ - Video

- "අක්කර දහස් ගණනක් පූජා කරපු පිං බිමක අද තියෙන්නේ අක්කර තුනයි..." - දෙවනගල උරුමය සොයා ගිය හිරු CIA හෙළි කරගත් දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,713 Views
යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයෙකු සැඟවූ දෙවනගල ඉතිහාසය !!
 
"මං බොහොම අමාරුවෙන් හොයා ගත්තේ. මේවා හංගලා තිබුණේ.."
 
ඓතිහාසික මාවනැල්ල දෙවනගල පූජා භූමියට අයත් ඉඩම් රැසක් පසුගිය කාලයේ දේශපාලන මැදිහත්වීම මත බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇතැයි එම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමියන් පවසනවා.
 
අද සී.අයි.ඒ. අනාවරණය දෙවනගල පුදබිමට අද අත්ව ඇති ඉරණම පිළිබඳවයි.

සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ - මාවනැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති දෙවනගල රජමහ විහාරය අක්කර 72ක් පුරා පැතිරුණු විශාල ගල් තලාවක් මත ඉදිව ඇති සුන්දර පුදබිමක්.
 
දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනයට මෙන්ම ගෞරවයට ද පාත්‍ර වන මෙම පුදබිම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් වූවක්.
 
පුරා විද්‍යා තොරතුරු අනුව ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සාධක සහිත දෙවනගල විහාරය අනුරාධපුර යුගයේ ධාතුසේන රජ සමයේ ඉදිකරවූ විහාරස්ථානයක්.
 
මෙම පෞරාණික ස්ථානය පොළොන්නරු යුගයේ සහ මහනුවර යුගයේ සෙල්ලිපි දෙකකින් ද, මහනුවර යුගයේ මූර්ති සහ සිතුවම් සහිත ටැම්පිට විහාරයකින් මෙන්ම පෞරාණික සිරිප තුලකින් යුතු ස්මාරක වලින් ද සමන්විතයි.
 
කෙසේ වෙතත්, මෙම ස්ථානයේ පිහිටා ඇති පුරාණ සෙල්ලිපිවලට කලකට ඉහත ඇසිඩ් හා යම් රසායනික වර්ගයක් යොදා හානි කිරීමට කිසියම් පිරිසක් උත්සාහ ගෙන තිබුණා.
 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් වූවත් මෙම ස්ථානයේ පාදම පරිශ්‍රය මේ වනවිටත් අනවසර ඉදිකිරීම් හේතුවෙන් විනාශ වී අවසන්.
 
ඓතිහාසික දෙවනගල විහාරස්ථාය පසුගිය කාලය පුරා ඉඩම් ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට නතුව තිබුණේ පසුගිය යහපාලන ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයෙකුගේ ද සහය ඇතුවයි.
 
මීට වසර දෙකකට පමණ පෙර දෙවනගල විහාරස්ථානයේ භාරකාර හිමියන් ලෙස පූජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමියන් පත්වීමත් සමඟ සඟවා තැබීමට උත්සාහ කළ දෙවනගල විහාරස්ථානයට අයත් භූමි පිළිබඳව අනාවරණ කර ගත්තා.
 
"1870 මේක තමයි දෙවනගල රජමහ විහාරස්ථානයට ගම්පිටින් පූජා කරපු ඔප්පුව. මං බොහොම අමාරුවෙන් හොයා ගත්තේ. මේවා හංගලා තිබුණේ. මේවා දෙන්නේ නැහැ ජාතිවාදය ඇවිස්සෙයි කියලා. මේක ජාතිවාදය නෙවෙයි. විහාරස්ථානයේ ඉඩකඩම් අපි බේර ගන්න එපායැ. අක්කර දහස් ගණනක් පූජා කරපු පිං බිමක අද තියෙන්නේ අක්කර තුනයි..."
 
දෙවනගල විහාරයේ භාරකාර හිමියන් පෙන්වා දෙන පරිදි පසුගිය කාලයේ පුරාණ සෙල්ලිපියට හානි කර ඇති හේතුව ද මේ වනවිට හෙළිවෙමින් පවතිනවා.
 
අර සෙල්ලිපිය විනාශ කරන්න එයාලා කටයුතු කරන්නේ. මහනුවර යුගයේදී විමලධර්ම සූරිය රජු විසින් අපේ රජමහා විහාරස්ථානයට පවරපු ගම්වරය පිළිබඳ තොරතුරු තමයි මේ සෙල්ලිපියේ තියෙන්නේ. ඒ ඇත්තෝ බොහෝම සූක්ෂම විදිහට මේ උරුමයන් විනාශ කරනවා.
 
හිරු සී.අයි.ඒ කණ්ඩායම දෙවනගල විහාරස්ථානයේ උරුමය සොයා ගිය අවස්ථාවේදී වංචනික අන්දමින් විහාරස්ථානය සතු කුඹුරු ඉඩම් ද , ගොඩ ඉඩම් බවට පත්කළ ජාවාරමක් පිළිබඳව සොයා ගත්තා.
 
ඒ පිළිබඳ සියලු තොරතුරු හෙට හිරු සී.අයි.ඒ. හරහා අනාවරණය කිරීමට අප සූදානමින්...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top