Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
21
"දැන්වීම් පුවරුවේ සහරාන්ව දුටුවා, මෙවැනි ප්‍රහාරයක් එල්ල කරයි කියලා හිතුවේ නෑ.." - සාක්ෂි ලබාදෙමින් සිටි කොළඹ කොටුව පොලිස් පරීක්ෂකවරයා, ජනපති කොමිසම හමුවේ නිරුත්තර වෙයි - Video

- "දැන්වීම් පුවරුවේ සහරාන්ව දුටුවා, මෙවැනි ප්‍රහාරයක් එල්ල කරයි කියලා හිතුවේ නෑ.." - සාක්ෂි ලබාදෙමින් සිටි කොළඹ කොටුව පොලිස් පරීක්ෂකවරයා, ජනපති කොමිසම හමුවේ නිරුත්තර වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,902 Views
අදාළ නිලධාරින්ව දුරකථනය හරහා දැනුවත් කිරීමක් කළා ද ?
 
පෙර ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත්, සාක්ෂිකරු පැවසුවා.
 
ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබුණත්, කොළඹ නගරයේ ආරක්ෂාව තර කිරීමට පොලිසිය නිසි පරිදි පියවර නොගත් බව ඒ සම්බන්ධයෙන් සොයන ජනාධිපති කොමිසමේදී අනාවරණ වුණා.

ඒ එවක කොළඹ කොටුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකු කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂි අනුවයි.
 
ඔහු පරස්පර ප්‍රකාශ කොමිසම හමුවේ ලබාදුන් අතර, අවස්ථා දෙකකදී නිරුත්තර වීමත් විශේෂත්වයක්.
 
2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදුන්නේ කොළඹ කොටුව පොලිස් ස්ථානයේ එවකට රාත්‍රී කාර්ය භාර නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ලලන්ත ප්‍රියදර්ශන මහතායි.
 
ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් උසස් නිලධාරියෙකුගෙන් තමාට දුරකථන ඇමතුමක් 2019.04.20 වන දින රාත්‍රි යේ ලැබුණේදැයි කොමිසම වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥවරිය ඔහුගෙන් විමසුවා.
 
පසුගිය වසරේ අප්‍රෙල් 20 වන දින රාත්‍රි 8.20ට පමණ තමන්ට කොටුව පොලිස් ස්ථානයේ වැඩබලන පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ සරත් කුමාරසිංහ මහතා දුරකථන ඇමතුමක් ලබාදුන් බවත්, ප්‍ර දේශයේ කතෝලික පල්ලිවලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට තොරතුරු ලැබී ඇති බැවින් ජීප් රථ මගින් ගොස් ආරක්ෂාව යොදවන ලෙස දැනුම්දුන් බවත් පොලිස් පරීක්ෂක ලලන්ත ප්‍රියදර්ශන මහතා කොමිසම හමුවේ කියා සිටියා.
 
තමන්ට ලැබුණු උපදෙස් මත සියලු ජීප් රථ සූදානම් කළ බවත් ප්‍ර දේශයේ රථවාහන මාර්ග බාධක වෙතද මේ සම්බන්ධයෙන් පණිවුඩ ලබාදුන් බවත් සාක්ෂිකරු සඳහන් කළා.
 
එහිදී රජයේ අධිනීතිඥවරිය සාක්ෂිකරුට නියෝග කළේ එදින කළ රාජකාරී සියල්ල මුල් ලේඛනයේ නිරීක්ෂණය කර කොමිසමට පවසන ලෙසයි.
 
පොලිස් පරීක්ෂක ලලන්ත ප්‍රියදර්ශන මහතා ලබාදුන් සාක්ෂිය පෙර ලබාදුන් සාක්ෂියට පරස්පර විය.
 
එලෙස පරස්පරව සහ මුල් ලේඛනවල සඳහන් තොරතුරු වෙනස් කරමින් සාක්ෂි ලබාදීම හේතුවෙන් කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ මීට පෙර දින කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සාගර ලියනගේ මහතා තමන්ට පසුගිය 19 වැනිදා රාත්‍රියේ මුණගැසුණේද යන්නයි.
 
සාක්ෂිකරු එහිදී කියා සිටියේ 19 වන දින රාත්‍රි යේ ස්ථානාධිපතිවරයා තමන්ට මුණ නොගැසුණු බවත්, 20 වැනිදා උදෑසන ඔහු මුණගැසුණු බවයි.
 
කොටුව පොලිස්ථානාධිපති සාගර ලියනගේ මහතා කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂි සම්බන්ධයෙන් තමාට යම් දෙයක් පැවසුවේද යන්න කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියා.
 
එහිදී පොලිස් පරීක්ෂක ලලන්ත ප්‍රියදර්ශන මහතා කියා සිටියේ සාගර ලියනගේ මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් බව තමන්ට පැවසූ බවත්, තමන් එදින කළ රාජකාරී සම්බන්ධයෙන් පමණක් කොමිසමේ සාක්ෂි ලෙස ලබාදෙන ලෙසත්, වැඩිදුර විස්තර ප්‍රකාශ නොකරන ලෙසත් සාගර ලියනගේ මහතා තමන්ට උපදෙස් ලබාදුන් බවයි.
 
මුල් ලේඛනවල සඳහන් කරුණු කොමිසම වෙත භාරදුන් උදෘතවල නොමැති බවට කොමිසම සාක්ෂිකරුගෙන් විමසූ අතර, ලලන්ත ප්‍රියදර්ශන මහතා ඒ සම්බන්ධයෙන් නිරුත්තර වුණා.
 
කොමිසමේ ප්‍රශ්න කිරීම් හමුවේ සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට තොරතුරු ලැබුණු විගස පොලිස් නිලධාරීන්ට විමසිල්ලෙන් සහ අවදියෙන් සිටින ලෙසට උපදෙස් ලබාදුන් බවයි.
 
එහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ පොලිස් නිලධාරීන් අවදියෙන් සහ විමසිල්ලෙන් රාජකාරී කටයුතු සිදුකරන්නේ නැතිද යන්නයි.
 
එහිදීද සාක්ෂිකරු නිරුත්තර වුණා.
 
ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් තමන්ට ලැබුණු තොරතුරු දුරකථන හරහා නිලධාරීන්ට ලබාදීමට පියවර ගත්තේද යන්න කොමිසම විමසා සිටි අතර, සාක්ෂිකරු පවසා සිටියේ තමන් එලෙස දුරකථනය හරහා නිලධාරීන් දැනුවත් නොකළ බවයි.
 
එලෙස නොකළේ මන්දැයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසූ අවස්ථාවේ සාක්ෂිකරු යළි කොමිසම හමුවේ පැවසුවේ තමන් දුරකථන හරහා නිලධාරීන් දැනුවත් කළ බවයි.
 
කොමිසම එහිදී විමසා සිටියේ එක් වරකදී දුරකථනය හරහා නිලධාරීන් දැනුවත් නොකළ බවට පවසා යළිත්වරක් දැනුවත් කළ බවට ප්‍රකාශ කිරීම යන ප්‍රකාශ දෙකෙන් සත්‍ය කුමන ප්‍රකාශයද යන්නයි.
 
සාක්ෂිකරු එහිදී කොමිසම හමුවේ කියා සිටියේ තමන් නිලධාරීන් දුරකථනය හරහා දැනුවත් කළ බවයි.
 
පෙර ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත්, ඔහු පැවසුවා.
 
පසුගිය වසරේ අප්‍රේල් 20 වන දින රාජකාරී සඳහා නිලධාරීන්ගේ අඩුවක් තිබූ බවත්, ඒ හේතුවෙන් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකව නොතිබුණු බවත් ලලන්ත ප්‍රියදර්ශන මහතා කොමිසම හමුවේ අනාවරණ කළා.
 
කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ තමන් සහරාන් හෂීම් නම් පුද්ගලයා මින් පෙර දැක තිබුණේද යන්නයි.
 
එහිදී සාක්ෂිකරු පවසා ඇත්තේ පොලිස් ස්ථානයේ දැන්වීම් පුවරුවේ දුටුතැන අත්අඩංගුවට ගන්නා ලෙසට අදාළ පුද්ගලයාගේ ඡායාරූපයක් අලවා තිබූ බවත්, සහරාන් මෙවැනි ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි තමන් නොසිතූ හෙයින් අදාළ ඡායාරූපය නිරීක්ෂණය කළත් දැඩි ලෙස ඒ සම්බන්ධයෙන් ක්‍රියා නොකළ බවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top