Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
21
වැසි තත්ත්වය නිසා COVID-19 අවදානම වැඩියි, සෞඛ්‍ය අංශ-වලින් අනතුරු ඇඟවීමක් - අද හඳුනාගත් ආසාදිතයින්ගේ තොරතුරු මෙන්න - සුව වූ 600ක් රෝහල්වලින් පිටව ගිහින් - Video

- වැසි තත්ත්වය නිසා COVID-19 අවදානම වැඩියි, සෞඛ්‍ය අංශ-වලින් අනතුරු ඇඟවීමක් - අද හඳුනාගත් ආසාදිතයින්ගේ තොරතුරු මෙන්න - සුව වූ 600ක් රෝහල්වලින් පිටව ගිහින් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,950 Views
නාවික හමුදා සාමාජිකයින් 237දෙනෙකුට දැන් සුවයි..
 
අබුඩාබි හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් වසා දමයි..!!!
 
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1045ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
ඒ අද තවත් ආසාදිතයන් 15ක් හඳුනා ගැනීමත් සමගයි. අද දිනයේ මේ දක්වා වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 17ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියාසිටියේ අද වාර්තාවූ ආසාදිතයන්ගෙන් දෙදෙනෙකු මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින නාවික හමුදා සාමාජිකයන් බවයි.
 
අනෙක් 15 දෙනාම ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින ඩුබායි රාජ්‍යයේ සිට පැමිණි පිරිසක්.
 
කොවිඩ් 19 වෛරසය ආසාදනයවුවන් තවත් 20 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව යාමත් සමඟ මෙරට වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 604 දක්වා ඉහළ ගියා.
 
මේ අතර, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබි හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයින් පස් දෙනෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් එය තාවකාලික වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
 
අද පෙරවරු 10 වනවිට මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලැබූ 20 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 604ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ එම 20 දෙනාගෙන් 16 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බවයි.
 
ඉන් හත් දෙනෙකු හෝමාගම මූලික රෝහලේ, සිව් දෙනෙකු මුල්ලේරියාව මූලික රෝහලේ සහ තිදෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබුවන්.
 
මේ අතර, කොවිඩ් 19 අසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 237ක් සුවය ලබා පිටව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළා.
 
මේ අතර, වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් සෙබලුන් 82 ක් ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා උසස් පුහුණු කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත අද යොමු කර තිබෙනවා.
 
වැලිසර නාවික හමුදා කඳවුරේ වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවේ නිර්දේශ සම්බන්ධයෙන් පත්තරේ විස්තරේ වැඩසටහනට අද එක්වූ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසංහ මහතා මෙලෙස පැහැදිලි කළා.
 
මේ අතර ඊයේ දිනයේදි වාර්තා වුණේ ආසාදිත එක් අයෙකු පමණයි.
 
ඔහු කුවේට් සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු වන අතර අද පස්වරුව වනවිට තවත් කොවිඩ් 19 ආසාදිත නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු වාර්තා වුණා.
 
මේ අතර, ගාල්ල දිස්ත්‍රික් බස් රථ සංගමයේ අහඹු ලෙස තෝරාගත් රියදුරන්, කොන්දොස්තර වරුන් සහ ත්‍රීරෝද රථ රියදුරන්ගේ ජීව සාම්පල ලබා ගැනීම සිදු කෙරුණා.
 
වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවික හමුදා සාමාජිකයින් 26 දෙනෙකුගේ ජීව සාම්පල ලබා ගැනීම සිදු කෙරුණේ කොළඹ මහනගර සභාවේ වසංගත රෝග ඒකකයේ මූලිකත්වයෙන්.
 
මේ අතර, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කොවිඩ් 19 වෛරස අවදානම තවත් ඉහළ යන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
 
කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීමට හදුන්වාදුන් දී ඇති සෞඛ්‍ය පුරුදු ඇතුලත් නව සංඥා මාලාව ජනතාව ගැවසෙන පොදු ස්ථාන වල ප්‍රදර්ශනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද රැස්වූ කොවිඩ් මර්දන කාර්යසාධන සමාලෝචන කමිටුව තීරණය කළා.
 
මේ අතර, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබි හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලික වසාදමා තිබෙනවා.
 
එහි සේවකයින් 5 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්.
 
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ තානාපති කාර්යාල හෙට සහ අනිද්දා වසා තැබෙන අතර එම තානාපති කාර්යාල ඊ මේල් ලිපිනයෙන් සහ 800 119 119 යන ගාස්තු රහිත දුරකථන අංකය ඇමතීමෙන් තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකි බවයි.
 
මේ අතර, කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දුනීසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 110 දෙනෙකු අද පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් මෙරටට පැමිණියා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top