Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
21
"වෙන මිනිහෙක්ව වළලලා, සමහරු මාව කොනිත්තලත් බැලුවා, ළමෙක් බයවෙලා නූල් බඳින්නත් වෙලා.." - ගමක්ම භීතියට පත් කරමින්, මිහිදන් කරපු "කළුතර අයියා" මසකට පසු යළි නිවසට ආ හැටි මෙන්න - Video

- "වෙන මිනිහෙක්ව වළලලා, සමහරු මාව කොනිත්තලත් බැලුවා, ළමෙක් බයවෙලා නූල් බඳින්නත් වෙලා.." - ගමක්ම භීතියට පත් කරමින්, මිහිදන් කරපු "කළුතර අයියා" මසකට පසු යළි නිවසට ආ හැටි මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,983 Views
ජීවිතේ පළවෙනි වතාවට මැරිච්ච මිනිහෙක් තමනගේ වළ බලපු අවස්ථාව.
 
ඊයේ ආවා පොලිසි යන්න වුණා. මාව වළලාලා නේ ඔයාගොල්ලෝ.
 
ඉතිං එතකොට ගෙදර මේ බොඩි එක තිබුණානේ ගෙනල්ලා.
 
පුද්ගලයෙකු මියගිය බව සලකා දේහයක් නිවසට ගෙනැවිත් මිහිදන් කිරීමෙනුත් මසකට පසුව අදාළ පුද්ගලයා යළි සිය නිවසට පැමිණීමේ ආන්දෝලනාත්මක සිද්ධියක් අපට වාර්තා වුණා.

ඒ මීගොඩ, මුතුහේනවත්ත ප්‍රදේශයෙන්.
 
ඔහු නමින් දන්දිරිස් පෙරේරා. නමුත් මීගොඩ මුතුහේනවත්ත ප්‍රදේශයේ ඔහු ජනප්‍රියව සිටියේ කලුතර අයියා යන නාමයෙන්.
 
මීට මාසයට පෙර අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ඔහු මිය ගිය බවට තොරතුරක් ලැබී තිබුණා.
 
පවුලේ ඥාතීන් ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ සිරුර, අන්දිරිස් පෙරේරාගේ බවට තහවුරු කරගෙන තිබෙනවා.
 
ඉන් අනතුරුවයි අදාළ දේහය මීගොඩ මුතුහේනවත්ත ප්‍රදේශයට ගෙනැවිත් දින දෙකකට පසුව නඩුහේන පොදු සුසාන භූමියේදී මිහිදන්කර ඇත්තේ.
 
දින සති ඉක්මවා යද්දී මියගියා යැයි පැවසුනු දන්දිරිස් පෙරේරා මහතා ඊයේ නැවතත් සිය නිවෙස වෙත පැමිණ ඇත්තේ සියල්ලන් පුදුමයට පත් කරමින්.
 
හැඬුම් වැලපුම් සෝ සුසුම් මැද්දේ අවසන් කටයුතු සිදුකළ දන්දිරිස් පෙරේරා නම් තම පවුලේ සාමාජිකයා නැවතත් පණ පිටින් දකින්නට ලැබීම මේ පවුලේ සියලු දෙනාගේ සතුටටත්, පුදුමයටත් හේතුවක් වුණා.
 
දරුවන් 6 දෙනෙකුගේ පියෙකු වූ 79 හැවිරිදි දන්දිරිස් පෙරේරා මහතා අවසන් වරට සිය නිවසේ කල් ගතකර ඇත්තේ පසුගිය පෙරවාරි 4 වනදායි.
 
පසුගියදා ඔහු නිවසින් පිටව ගොස් ඇත්තේ ජීවනෝපාය කටයුතු හේතුවෙන්.
 
නමුත්, කෙරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පැනවූ ඇදිරිනීතිය නිසා ඔහුට යළි නිවසට පැමිණීමට හැකිවී නැහැ.
 
මියගිය බවට වාර්තා වුණු මේ පුද්ගලයා ඊයේ පස්වරුවේ නැවතත් සිය නිවසට පැමිණීමත් සමඟ ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක් හට ගත්තා.
 
තමා ජීවතුන් අතර සිටියදීම, තමන්ගේ බව කියා අවසන් කටයුතු සිදු කළ ස්ථානයටත් දන්දිරිස් පෙරේරා මහතා පැමිණියා.
 
මෙම දුර්ලභ සිදුවීමට මුහුණ දුන් දන්දිරිස් පෙරේරා මහතා සිය අත්දැකීම පිලිබදව අපට මෙලෙස අදහස් පළ කලා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top