කොරෝනා මැද ගමක්ම කැළඹූ සිද්ධිය මෙන්න..
ස්වාමිපුරුෂයා වසර දෙකකට කලින් මිය ගිහින්...
යාපනය, පුත්තූර්, විග්නේශ්වරා විදීය ප්‍රදේශයේ නිවසක වැසිකිළි වළක තිබි බිළිදු මළ සිරුරක් ඊයේ (20) සොයාගත් බව යාපනය අච්චුවේලි පොලිසිය සඳහන් කළා.
පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 38 හැවිරිදි කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයා මීට වසර දෙකකට පමණ පෙර ජිවිතක්ෂයට පත්ව ඇති අතර, අනතුරුව අදාළ කාන්තාව කිසියම් පුද්ගලයෙකු සමඟ පැවත්වූ සබඳතාවයක් මත ගැබ්ගෙන ඇති බව ද පොලිස් පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා.
ගැබ් ගැනීමෙන් අනතුරුව පසුගියදා බිළිඳා බිහිකළ ඇය බිළිඳා උපන් විගසම වැසිකිළි වළට දමා ඇති බවයි පොලිසිය පැවසුවේ.
බිළිදු මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ හා පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.
සිදුවීම සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.