Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
21
සල්ලි ටික අරගෙන යන්න දීලාත් නැල්ලු, ආධාර බෙදලා තියෙන්නේ දෙහිවල ව්‍යාපාරිකයෙක් - කාන්තාවන් තුන්දෙනෙකුට මරු කැඳවමින් තවත් පිරිසක් රෝහලට යැවූ, මාළිගාවත්ත සිද්ධියේ තවත් තොරතුරු රැසක් එළියට එයි - Video

- සල්ලි ටික අරගෙන යන්න දීලාත් නැල්ලු, ආධාර බෙදලා තියෙන්නේ දෙහිවල ව්‍යාපාරිකයෙක් - කාන්තාවන් තුන්දෙනෙකුට මරු කැඳවමින් තවත් පිරිසක් රෝහලට යැවූ, මාළිගාවත්ත සිද්ධියේ තවත් තොරතුරු රැසක් එළියට එයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,116 Views
ඇයි ඒ ? එකම මිනිහා දෙපාරක් ගන්න එනවනේ..
 
මේගොල්ලෝ පොර කාගෙන ඇතුළට යනවනේ..
 
මේක ඇඳිරි නීතියත් උල්ලංඝනය කරමින් කළ දෙයක්...
 
කොළඹ - මාලිගාවත්ත ප්‍රදේශයේදී ඇතිවූ තෙරපීමකින් අද පස්වරුවේ කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
 
පෞද්ගලික ධානපතියෙකු සිදුකළ මුදල් අධාර බෙදාදීමක් අතරතුර ඇතිවූ අදාළ තෙරපීම හේතුවෙන් තවත් නවදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන අවස්ථාවක අදාළ ආධාර බෙදාදීම සිදුවීම විශේෂත්වයක්.
 
මෙම ආධාර මුදල් බෙදාදීම අද දහවල් එකට පමණ සංවිධාන කර තිබුණේ මාලිගාවත්ත - ජුම්මා මස්ජිද් මාර්ගයේ නිවසක් ඉදිරිපිටදී.
 
පොලිසිය සඳහන් කළේ ආධාර මුදල් ලබාගැනීම සඳහා ප්‍රදේශවාසීන් 500 දෙනෙකු පමණ එකවරම එම ස්ථානයට පැමිණ ඇති බවයි.
 
සිද්ධියෙන් පසු ජුම්මා මස්ජිද් මාවතට පිවිසීම පොලිසිය තාවකාලිකව අත්හිටවනු ලැබුවා.
 
තෙරපීමට හසු වී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ කාන්තාවන් තිදෙනෙකු සමග 12 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
 
රෝහල්ගත කරන විටත් වයස්ගත කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
 
රෝහල් ගත කළ තවත් කාන්තාවන් 5 දෙනෙකු අද පස්වරුවේ ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.
 
ඒ අනුව තෙරපීමට හසුවූ කාන්තාවන් 3 දෙනෙක් සහ පිරිමි පුද්ගලයකු මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, ඔවුන් අතරින් එක් අයෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
 
අධාර බෙදා දීම සිදුවන ස්ථානයේ සිටි තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පල කළා.
 
සිද්ධිය වූ ස්ථානයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාද පැමිණියා.
 
සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පස්වරුවේ අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් කාංචනා නෙරංජි සිල්වා මහත්මිය විසින් සිදුකළා.

ප.ලි. 

මාලිගාවත්ත - ජුම්මා මස්ජිද් පාරේ නිවසකදී පෞද්ගලික මුදල් ආධාර බෙදීමක් අතරතුර ඇතිවූ තෙරපීමකින් කාන්තාවන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 6 දෙනා ලබන ජුනි මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

සැකකරුවන් අතර ආධාර බෙදීම සිදුකළ ව්‍යාපාරිකයා ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top