Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
21
කොරෝනාවලට වඩා වේගයෙන් සමාජය තුළ ව්‍යාප්ත වූ හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදි කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවයි, ක්‍රිකට් ක්‍රීඩකයින් අගමැති හමුවේ පැවසූ දේ - Video

- කොරෝනාවලට වඩා වේගයෙන් සමාජය තුළ ව්‍යාප්ත වූ හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදි කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවයි, ක්‍රිකට් ක්‍රීඩකයින් අගමැති හමුවේ පැවසූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,783 Views
මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අත්හිටුවා දමන්නට තීරණය කර ඇති බව හිරු ස්පෝර්ට්ස් කළ විමසීමකදී අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජයානන්ද හේරත් මහතා පවසා සිටියා.

අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් හා හිටපු මෙන්ම වත්මන් ක්‍රීඩකයන් අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹ තිබෙනවා.

මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය ගැන කතාබහ කරලියට පැමිණියේ පසුගිය 17 වැනිදා පටන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය සහ දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ එම ව්‍යාපෘතියට විවේචන එල්ලවූ පසුබිමකයි.

සාකච්ඡාවට ක්‍රීඩා අමාත්‍යවරයා ,ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මෙන්ම වත්මන් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් එක්ව සිටියා.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා මෙලෙස අදහස් පළ කළා.

මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද මේ පිලිබඳ අදහස් පළ කල සිටියා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top