Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
21
" අම්මේ, සිඟිති ඉන්නවා..., කියලා පුතා කෑගැහුවාම තමා දැනගත්තේ දුව ළිඳට වැටිලා කියලා.."- ගමක් කදුළු සාගරයක ගිල්වා අවසන් ගමන් ගිය සිඟිති ගැන මව හෙළි කළ සංවේදී කතාව

- " අම්මේ, සිඟිති ඉන්නවා..., කියලා පුතා කෑගැහුවාම තමා දැනගත්තේ දුව ළිඳට වැටිලා කියලා.."- ගමක් කදුළු සාගරයක ගිල්වා අවසන් ගමන් ගිය සිඟිති ගැන මව හෙළි කළ සංවේදී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,081 Views
මට වළං හෝදන්නත් උදව් කරලයි ගියේ...

ගොඩට ගද්දී සිහිය තිබුණේ නැහැ..

අහල පහළ අය ඇවිත් දුවව ගොඩට ගත්තා..

නිවස ඉදිරිපිට අඩක් නිම කළ ළිඳකට වැටි දස හැවිරිදි දැරිවියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, ලුණුගම, පන්තිනියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිවියක බවයි අප වාර්තාකරු කියා සිටියේ.

මිය ගිය තැනැත්තිය ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක් ද වනවා.
 
පූගොඩ පොලිසිය විසින්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
 
එහිදී සාක්ෂි දෙමින් මිය ගිය දැරියගේ මව දැක්වූයේ මෙවැනි අදහසක්.
 
'' සිද්ධිය වූ දින දහවල් මම වළං පිඟන් සෝදමින් සිටියා. නිවසින් එළියට ඇවිත් බලන කොට නිවසේ ඉදන් මීටර් 17 ක් විතර දුරින් ඇති කපාපු ළිඳ ළඟ දුව ඉන්නවා දැක්කා.
 
දුව ට්‍රැක්ටරයෙන් කුඹුර හාන හැටි බලාන් හිටියා. මම දුවට ළිඳ ළඟින් අයින් වෙන්න කිව්වා. එයා ආපසු නිවසට ඇවිත් මට වළං පිඟන් හෝදන්නත් උදව් කළා.
 
ට්‍රැක්ටරයෙන් කුඹුර හාන එක බලන්න යනවා කියලා දුව ආපසු නිවසින් එළියට ගියා. ටික වේලාවකින් දුව පේන්න හිටියේ නැති නිසා නිවසේ සහ අවට සොයා බැලුවා. පසුව අවුරුදු 14 ක් වූ දුවගේ අයියාත් එක්ක වත්තපිටියේ දුව සෙව්වා.
 
නිවස ඉදිරිපිට වෙල අද්දර අළුතින් වතුර බොන්න කපපු ළිඳ උඩින් පොල් අතු කීපහක් දාලා තිබුණා.
 
ඒ පොල් අතු ළිද ඇතුළට එබිලා තිබුණ නිසා මගේ පුතා සැක හිතිලා ළිඳට ඉනිමඟක් දාලා බැහැලා බැලුවා.
 
ළිඳේ ගැඹුර අඩි 12 ක් විතර ඇති. ළිද පොළොවෙන් උඩට බැඳලා තිබුණේ නැහැ. අඩි 8ක් 6ක් වතුර තියෙන්න ඇති.
 
පුතා ළිඳට බැහැලා වතුරේ අතපත ගාන කොට දුවගේ කොණ්ඩය අහුවෙලා. කොණ්‌‌ඩෙන් අල්ලගෙන අම්මේ " සිඟිති " ඉන්නවා කියලා කෑගැහුවා. මම අවට අයගේ උදව් ඉල්ලා කෑගැහුවා. කුඹුරේ වැඩි කරමින් හිටිය සරත් අයියා ඉනිමඟ දිගේ බැහැලා දුව ගොඩට ගත්තා. දුව අප්‍රාණිකව හිටියේ. වීල් එකක දාගෙන දොම්පේ රෝහලට ගෙනාවා. පසුව දුව මිය ගිහින් කියලා දැනගත්තා.''
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top