Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
21
"අම්මේ සමාවෙන්න. එයා අපි ළඟට එනකොටත් නැතිවෙලා හිටියේ," - මානුෂීය යුද්ධයෙන් අමානුෂික ලෙස මිය ගිය විරුවෙකු ගැන කඳුළු මතකයක් - Photos

- "අම්මේ සමාවෙන්න. එයා අපි ළඟට එනකොටත් නැතිවෙලා හිටියේ," - මානුෂීය යුද්ධයෙන් අමානුෂික ලෙස මිය ගිය විරුවෙකු ගැන කඳුළු මතකයක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,685 Views
හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසාගේ මුහුණු පොතේ සටහනක්...
 
"මිස් මට පුත්තු හතරයි, ඔක්කොම හමුදාවේ. යුද්දෙට ගිහින් තුන්දෙනෙක්ම මැරුණා මිස්.."
 
"ඇයගේ සිරුර සීතල වී එක විටම සිහිසුන් වී ඇද වැටුණා.."
 
යුද්ධය ලක්මවට ජයග්‍රහණය දිනා දෙමින් එලෙස අවසන් වුවත් ඒ වෙනුවෙන් දිවි කැප කළ පිරිස ගැන අප සැමගේ සිත්තුළ තවමත් ඇත්තේ ගෞරවයක්....

වෙඩි හඩ නැගෙන කුරුරු යුද බිමක ඇති බිහිසුනු බව හොදින්ම හඳුනන්නේ, ඒ අත්දැකීමට සක්‍රීව දායකත්වය සැපයු වීරෝධාර රණවිරුවන්ම පමණයි.
 
දශක තුනක අඳුරු යුගයකින් පසුව අපේ රට, වසර 11 ක් තිස්සේ නිදහසේ සුවය විඳිනවා.
 
නිදහසේ හුස්ම, හිතට කොයිතරම් නම් සැනසීමක් ද... ඒ හුස්මට ජීවිය දෙන්නට තමන්ගෙ ඇස්, ඉස්, මස්, ලේ දන් දුන්නු අපේ අභීත වීරෝධාර රණවිරුවන්ගේ දහසකුත් කතා අතරින්... මේ තවත් එක සංවේදී කතාවක්...
 
මේ කතාව අපට හමුවුණේ හෙද නිලධාරිනි පුෂ්පා සොයිසාගේ මුහුණූ පොතෙන්... එදා යුද භීතියත් මෙදා කොරෝනා උවදුරත් මැද නොසෙල්වී සිය රාජකාරීයට එහා ගිය මානුෂීය මෙහෙවරක නියැලෙන ඇය කියූ කතාවයි මේ........................
 
මානුශිය යුද්ධයේ මතක සටහනක්....
 
අප සිටියේ නිදි වර්ජිතවය
දශක තුනක මානූශීය යුද්ධය තියුණූ වූ විට හමුදා විරුවන් බොහෝමයක් ඉපදුනු රට වෙනුවෙන් තම දිවිය පූජා කර අවසන්ය.
 
සෑම දිනකම මෙන්ම මෙදිනද මධ්යම රාත්රියෙන් ආරම්භ වූ උතුරු නැගෙහිරින් පැමිණි සිය ගණන් හමුදා සොයුරන් එළිවෙනකම්ම පැමිණෙමින් සිටියහ. ජාතික රෝහලේ සෑම ශල්යගාරයක්ම විවර කලහ. සියලු වෛද්ය ,හෙද කංඩායම් සේවයට වාර්ථා කළහ. එදින කිසිවෙකු තත්පරයකුදු ඇස් පියා ගත්තේ නැත. සීරුවෙන් රට වෙනුවෙන් කැපවූ ඔවුන්ගේ දිවි ජීවිත ‍බේරා ගැනීමට සියල්ලෝම යුසුසුලු වූහ.
 
එහෙත් ජීවතුන් අතර සිටි පිරිස මැද මහ මග මිය ගිය විරුවන් කිහිප දෙනෙක්ද අප භාර ගත්හ. හැඩි දැඩි සිරුරු වුවද ලාබාල මෙම තරුණයන්ගේ මළ සිරුරු දුටු අප හදවත කීරී ගැසුවාට කිසිදු සැකයක් නැත.
එමෙන්ම අසාධ්ය වුවද යන්තම් මෝ හුස්ම රැකුන සෑම දෙනාගේම දිවි බේරා ගැනීමට අප උපරිමව කැප වූයෙමු.
 
පසුදිනට එළිවූවා පමණි.
ඈතම ඈත ගම්මානයකින් පැමිණි මවක් හෘදයාංගමව මට ආමන්ත්රණය කලාය.
“මිස් මගේ පුතා ඊයේ රෑ ගෙනාවා නේද?”
“මොකක්ද නම?” මා ඇසුවා
ඇය කිව් ඒ නම දිගු නම් ලැහැස්තුවෙන් මා සොයා බලන අතර ඇය තව දුරටත් මට කථා කලාය.
“මිස් මට පුත්තු හතර දෙනෙක් හිටියා. ඒ ඔක්කොම හමුදාවේ. යුද්දෙට ගිහින් තුන්දෙනෙක්ම මැරුණා මිස්. මේ මගේ පොඩ් කොල්ලා දෙයියන්ට ස්තූතිවන්ත වෙන්න ඕන බේරුවට” ඇය විශ්වාසය රැදි මදහසකින් අත් දෙක ඔසවා නොපෙනෙන දෙවියන්ට වැන්දාය.
 
ඒ වන විට පැමිණි සියලු හමුදා විරුවන්ගෙ නම් ලැහැස්තුවෙන් මා ඇයගේ පුතාගේ නම සොයාගෙන අවසන්ය.
 
එහෙත් මා කෙසේ කියම්ද , මේ සත්‍ය පිළිගන්නට ඇයට ශක්තියක් ඇතිද?
 
ගම් නියම්ගම් පසුකර මව් සෙනෙහසය මහ දුරක් ගෙවා තට්ට තනියම ඇය පැමිණියේ පුතාව බලන්නයි.
 
ඇයට වෙන කිසිවෙකුත් නැත. අපට බොරු කීමටද නොහැකිය.
සැබෑව නම් තුන්දෙනෙක් රටට පූජා කල ඇයගේ අවසාන පුතාත් රට වෙනුවෙන් දිවි පුද කර අවසන්ය. ඇයට මේ බව පැවසිය යුතුමය.
 
අප පළමුව ඇයව වාඩි කළෙමු. ඉන්පසු ඇත්ත කීවෙමු.
 
“අම්මේ සමාවෙන්න. එයා අපි ලගට එනකොටත් නැති වෙලා හිටියේ”
එය ඇසූුවාත් සමගම වචනයක්වත් නොකිව් ඇයගේ සිරුර සීතට වී එක විටම සිහිසුන් වී ඇද වැටුනාය.
 
තම කුසින් බිහිකර ලේ කිරි කර පොවා උස් මහත් කර සියල පුතුන් රට වෙනුවෙන් දන්දූ ඇය හිස් අතින් හිස් වූ ගැහැණියක ලෙස නික්ම ගියාය.
 
ත්රස්ථවාදය - නුඹනම් හරිම කුරිරුය.
මරණය - නුඹනම් හරිම නපුරුය
 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top