Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
21
වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් 82කු නිරෝධායනයට

- වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් 82කු නිරෝධායනයටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,680 Views
අද දිනයේද වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් 82කු නිරෝධායනය සඳහා ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා උසස් පුහුණු කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.

එමෙන්ම කොරෝනා ආසාදනය වී සුවය ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 16 දෙනෙකු රෝහල්වලින් පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළා.

ඒ අනුව මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 237 ක්.

මෙම නාවික හමුදා සාමාජිකයින් 16 දෙනාගෙන් හත්දෙනෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර, සිව්දෙනෙකු ප්‍රතිකාර ලබා ඇත්තේ මුල්ලේරියාව මූලික රෝහලේයි.

තුන්දෙනෙකු බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබා පිටව ගිය බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

එමෙන්ම නාවික හමුදාව තුළ කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට සිව් පුද්ගල විශේෂඥ කමිටුව නිර්දේශ කර තිබෙනවා.

වැලිසර නාවික හමුදා කදවුර ආශ්‍රිතව කොරෝනා රෝගය සීග්‍රයෙන් ව්‍යාප්තවීම පිළිබඳ කරුණු සෙවීම සඳහා වසංගත රෝග විද්‍යාඥයන්ගෙන් සැදුම්ලත් සිව් පුද්ගල කමිටුවක් පත් කෙරුණා.

එම කමිටුව සිය මූලික වාර්තාව එළිදැක්වූ අතර, එමඟින් වෛරසයට ගොදුරුවීමේ අවදානමක් ඇති නාවික හමුදා සෙබළුන් කඩිනමින් වැලිසර කඳවුරෙන් බැහැර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සහ වැලිසර කඳවුර තුළ සංචරණය සීමා කිරීමට ප්‍රධාන වශයෙන් නිර්දේශ කර තිබෙනවා.

අද දිනය තුළ මේ දක්වා මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තාවී නැහැ. ඊයේ දිනයේදී වාර්තාවූයේ එක් ආසාදිතයෙකු පමණක් වන අතර, ඔහු කුවේට් හි සිට ඊයේ මෙරටට පැමිණි අයෙක් වනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් සටහන් වන්නේ 1,028ක් ලෙසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දුනීසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 110 දෙනෙකු අද දිවයිනට පැමිණියා.

ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ ගරුඩා ගුවන් සේවයට අයත් ජී ඒ 9820 දරණ යානයෙන් මොවුන් උදෑසන 8 ට පමණ මෙරටට පැමිණි බවයි. පසුව මෙම පිරිස නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

ලබන සතියේදී අන්තර් පළාත් බස් රථ ධාවනය ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ හිරු ටීවී ඔස්සේ දැන් විකාශය වන රට සහ හෙට වැඩසටහනට එක්වෙමින්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top