මව්වරුන්ගේ දිනය දා දැරිය ඝාතනය කළ 'එල්ටියානා ස්කනා' නම් මෙම කාන්තාවට නඩු පවරා ඇති බවයි ඩේලිමේල් පවසන්නේ.
මෙම සංවේදී ප්‍රවෘත්තිය වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙන්..
මෙම දරුවා උද්‍යානයක සෙල්ලමේ යෙදී සිටින අතරතුර මෙම කාන්තාවගේ බිල්ලක් බවට පත්ව ඇති බව සඳහන්.
ඇල්බේනියාවේ සිට සංක්‍රමණය වූ තැනැත්තියක් වන ස්කනා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැරිය රෝහල්ගත කළ නමුත්, සන්ධ්‍යාවේ 3.56 පමණ වන විට ඇය සිය ජීවිතයෙන් සමුගෙන තිබුණා.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූයේ ගෙල පෙදෙසට එල්ලවූ ප්‍රහාරයෙන් ඇයට දිවි අහිමි වූ බවයි.
"හදිසි මරණ පරීක්ෂකවරයෙකු ලෙස මගේ අවුරුදු 20ක කාලය තුළ මා විසින් සිදුකළ ඛේදනීයම මරණය මෙයයි..." යනුවෙන් දැරියගේ මරණ පරීක්ෂණය සිදු කළ වොල්ෂ් මහතා ඩේලිමේල් වෙත සඳහන් කර තිබුණා.
"එමිලිගේ දෙමව්පියන්ට මෙය දරාගැනීමට අපහසු දෙයක්.. මම මගේ කණගාටුව ඔවුන් වෙත ප්‍රකාශ කරනවා.."
එමිලිගේ මරණය ගැන ඇගේ දෙමව්පියන් පැවසුවේ මෙවැන්නක්,
"එමිලිට වයස අවුරුදු හතයි, අපේ එකම දරුවා සහ අපේ ජීවිතේ ආලෝකය ඇය.. ඇය නිතරම සතුටින් සිටි අයෙක්.."
"ඇය නැති ලෝකයක අවදිවීම හදවත කම්පා කරවන සුළු සිදුවීමක්.."
"උද්‍යානයේ අප වෙනුවෙන් එමිලිගේ ජීවිතය බේරා ගැනීමට ඉදිරිපත් වූ සියලු දෙනාටම අපි අවංකවම ස්තුතිවන්ත වෙනවා.." යැයි ඔවුන් සඳහන් කර සිටියා.
මේ අතර, මෙම ඝාතනයට වග කිව යුතු කාන්තාව යම් මානසික අපහසුතාවයකින් පෙළෙන තැනැත්තියක් බව ද වාර්තා වනවා.