පාර්ලිමේන්තුව යලි කැදවන ලෙස ඉල්ලා සහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් හතර වන දිනටත් අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලෙනවා.
ඒ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
මෙම පෙත්සම් ඊයේ තුන්වන දිනටත් සලකා බැලූ අවස්ථාවේ මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියා සිටියේ වර්තමානයේ උදා වී ඇති තත්ත්වය මත ජූනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බවයි.
රටතුළින් කොරෝනා වසංගතය පහව ගොස් මැතිවරණයක් පැවැත්විය හැකි තත්ත්වයක් පවතින බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කර සති 9 ත්, 12 ත් අතර කාලයකදී මහ මැතිවරණය පැවැත්වීමට හැකි දිනය ප්‍රකාශයට පත් කරනු ඇති බවද ජනාධිපති නීතිඥවරයා එහිදී සදහන් කළා.
එම දැනුම් දීමෙන් පසුව මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් නීතිඥ චරිත ගුණරත්න ඉදිරිපත් කර තිබූ පෙත්සම ඉල්ලා අස්කර ගනු ලැබුවා.