අධ්‍යාපන අමාත්‍යංශයේ නව පිරිවෙන් අධ්‍යාපන උපදේශක ධුරයට පුජ්‍ය දොඩම්පහල ශ්‍රී රාහුල හිමියන් පත්කර තිබෙනවා.
ඊට අදාළ පත්වීමේ ලිපිය අද අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් උන්වහන්සේට පිළිගැන්වූ බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.
සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පුජ්‍ය කුඹුරුගමුවේ වජිර නාහිමියන් පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනෙහි පරිවේනාධිපති පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා ඇතුළු ගිහි පැවිදි නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියා.